chapter 02

127 28 4
                                    

ජන්කුක් කාර් එක බිල්ඩිමට ටිකක් එහායින් නතර කරා .. ඒත් එක්කම එතෙනට ජිමින්ලගෙ කාර් එක එනවත් එක්කම ජිමින්ලගෙ කාර් එකේ ටයර් එකකට හැන්ගිලා හිටිය මිනිහෙක් ශූට් කරා ජන්කුක් එයාගෙ මින්සු දෙන්නෙක් දාලා පෙරෙලෙන්න ගියපු කාර් එක තව කාර් දෙකක් හරහට දාලා නවත්ත ගත්තා ...
ඒත් එක්කම තමන් හිටපු කාර් එකෙන් බැස්ස ජන්කුක් ජිමින්ලගෙ කාර් එක ඉස්සරහට ගිහින් හිට ගත්තා...

ටේ ඔලුව උස්සලා බලද්දී කාර් එක ඉස්සරහ හිටන් හිටියෙ කවුද කියලා ටේට අදුර ගන්න බැරි වුනේ නෑ...

ටේ ශිට් බෙල්ට් එක ගලවන ගමන් ජිමින්ගෙ පැත්තට හැරුනා..

" ජිමින් ..  ඇතුලට වෙලා ඉන්න... මම ගිහින් බලන්නම් මූට මොනවද ඕන කියලා ...

" ඒත් ටේ... කවුද ඒ ...

" ආ.... පස්සෙ කියන්නම් .. ඔය  gun ඒක දෙන්න ..

ටේ gun එකත් ඉනේ පිටි පස්සෙන් ගහගෙන කාර් එකේ දොරත් ඇරන් එලියට ඇවිත් ජන්කුක්ට ඉස්සරහින් හිට ගත්තා...

" මොකද ජොන් ජන්කුක්... අපේ පාර හරස් කරන්න තමුන්ට තියන ප්‍රශ්න මොකක්ද...

" ඕ .... කමෝන් ...මොකද මේ බබා .. මට ඔයාලා එක්ක තරහක් නෑ.. මම ආවේ තමුන්ව බේර ගන්න....

" ආ.... මොකක්ද ....අම්මො ..  හිනා යනවා ජන්කුක් ... තමුසෙ කවදා ඉදලද සමාජ සේවා කරන්නෙ...

" යනවා ගිහින් මගෙ වාහනේට නගිනවා කිම් ..
ජන්කුක් ටිකක් සද්දෙන් කිව්වා...

" ආ... තමුසෙ හිතන්නෙ මම තමුසෙ එක්ක එයි කියලද ...ආ....

" ඕ ... නෝ... මම එහෙම හිතුවෙ නෑ ..
ජන්වො ....... 
මේ බේබි බෝයි ව පරිස්සමින් වාහනේට නග්ගන්න ...
ජන්කුක් එහෙම කියලා එයාගේ කාර් එකට නගින්න යන්න පිටි පස්ස හැරුනා ...
ඒත් එක්කම....

" ඒයි.... අත් දෙක උස්සනවා ...  හම් ... ඉක්මනට ...

ජන්කුක් පිටි පස්සට හැරිලා ඉද්දිම එයාගේ අත් ඔලුවට උඩින් තියා ගත්තා..

" දැන් මගෙ යාළුවව අතාරින්න කියනවා තමුන්ගෙ මිනිස්සුන්ට ...

ජන්කුක් හිමීට ඉස්සරහට හැරුනා ...

summer love ...Where stories live. Discover now