ලාවට ඇස් වලට වැදුන එලියත් එක්ක මන් උත්සහ කරේ බර වෙලා තිබුන ඇස් පියන් අරින්න. අමාරුවෙන් වගේ ඇස් ඇරලා බලනකොටයි මන් දැක්කෙ....
" දෙයියනේ මෙච්චර වෙලා මට නින්ද ගිහින් ද ? "
ඇත්තටම ඒ මෙට්ට කොට්ට ඕනිවටත් වඩා සුවපහසුයි. තරමක් සීතල කාලගුනේ නිසා හොදට පෙරවගෙන නිදා ගත්තත් මන් හිතුවෙ නෑ මෙච්චර වෙලා මට නින්ද යයි කියලා.
" වෙලාව ? වෙලාව කීයද දැන් ? yoohiව හම්බෙන්න යන්නත් ඕනි පරක්කු වෙන්න නම් බෑ. "
එහෙම හිතාගෙනම මන් ඇද පුරාම අත පත ගාලා ෆෝන් එකත් අරන් නැගිට්ටෙ වෙලාව බලන්න. ඒත් මට දැනුනෙ මාව කරකවලා අතාරිනවා වගේ.
" ආහ් ඔ..ලු..ව.."
පිපිරෙන්න වගේ. ආපහු මන් ගුලි වෙලා ඇදෙන් හාන්සි උනේ ඇස් දෙකත් තද කරන් පියාගෙන.
" අප්පා... අප්පා..."
ඒ වචනෙ මගෙ කටින් පිට උනේ මටත් නොදැනි. අප්පා හිටියා නම් උදේ පාන්දර ඇවිල්ලා මට ඇහැරවනවනෙ. ඒත් එයා නැතුව මන් අද ඉදන් ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනි. ඒත් මෙහෙම පොඩි දේටත් මන් දුර්වල වෙලා හරි යන්නෙ නෑ.
හෙමින් හෙමින් හරි ලෑස්ති වෙලා yoohiව හම්බෙන්න යන්න මන් හිතුවා.
වොශ් දාගෙන ලෑස්ති වෙලා මන් හෙමින් හෙමින් පහලට ආවෙ මගෙ mini bag එකත් අරගෙන (ක්ලාස් ගෙනියන සූටි බෑග් එක 🙂). වටේ පිටේටත් හොර ඇහැ දාලා මන් ශේප් එකේ සාලෙට ආවෙ අර රාක්ශයා කොහේ හරි අරක්ගෙන ඉන්නවද බලන්න.
" මැඩම් සර් එලියට ගියා. එන්න හවස් වෙයි කිව්වා. "
වටේ පිටේම එබිකම් කර කර හිටපු මාව එක පාරටම ගැස්සිලා ගියේ මගෙ පිටි පස්සෙන් ඇහුන ඒ හඩට. හොල්මන් වගේ. වැඩ කරන හැමෝම එකම වගේ ඇදුම් ඇදලා. යන යන තැන පිලිම වගේ.
" ඈහ්.. ආහ්... හා හා හරි හරි.. මන් university එකේ වැඩකට ටිකකට එලියට යනවා. ප්‍රශ්නයක් වෙන එකක් නෑනෙ. "
"නෑ මැඩම් වාහනයක් එවන්නම්. ඒකෙ යන්න. තනියම යන්න එපා."
" නෑ ඕනි නෑ මට යන්න පුළුවන්. අනිත් එක මේ ලග තියෙන්නෙ. මන් යන්නම්. "
YOU ARE READING
𝐓ₕₑ 𝐏ₒₛₛₑₛₛᵢᵥₑ 𝐆ᵢᵣₗfᵣᵢₑₙd [ongoing]
Fanfictionඅසම්මතයි කියලා සම්මත කරලා තියනවා නම්.. ඇයි අසම්මත ආදර කතා තවමත් මේ ලෝකෙ තියෙන්නෙ.. ස්වභාව ධර්මයෙන් බාධාවක් නැත්තන්.. කවුරු මොනා කිව්වත්.. ඒ බැඳීම් සමහර විට සන්සාර ප්රාර්ථනා වෙන්නත් පුළුවන්.. සමහර විට මෙය වෙන්න ඇති දෛවය..