" ම්ම්ම්ම්.. මට නොතේරෙනවා නෙවෙයි කියා.. මන් දන්නවා.. ඔයාට එක ප්‍රශ්නයක් නෙවෙයි.. ඒත් ඔයාට මන් ඉන්නවනෙ.. නේද ? මාව විශ්වාසයි නේද ඔයාට ? "
" ඔව් යූහි.. ඒත් මට බයයි.."
" බයයි ? ඒ මොනාටද බය ?
මේ අහන්න ඔයාගෙ හිතට හරි නෑ වගේ නම් ඒ ගෙදර ඉන්න එක.. දෙපාරක් හිතන්න එපා අපේ ගෙදර එන්න.. අපේ ඔම්මා ඔයා ආවට මොකුත් කියන්නෙ නෑ.. අපේ ඔම්මට ඔයත් එකයි මාවත් එකයි.."" මන් හිතන්නෑ යූහි එහෙම කරන්න පුළුවන් වෙයි කියලා."
" ආහ් ඒ මොකද ? "
"ඒ මනුස්සයා ඊයෙ රෑම කිව්වා මට ඕනි ඕනි විදිහට නටන්න එපා , එයා කියන දේ අහන් පාඩුවෙ ඉන්න කියලා.."
" කියන දේ අහන් පාඩුවේ ඉන්න කියන්නේ ? "
" මට ඕනි ඕනි දේවල් කරන්න දැන් මට නිදහසක් නෑ යූහියා... "
" ශිට්.. මොනව වෙන්න යනවද මන්දා.."
ඇගිලි දෙකකින් නළල පිරිමදින ගමන් මගේ මූනෙන් එයාගෙ ඇස් අහකට ගත්තෙ ඒ වෙලාවේ එයාට උත්තරයක් නොතිබුන නිසා කියලා මම දන්නවා...
" යූහියා... ඔම්මා වගේ මටත් ඔයාලාගෙන් සදහටම යන්න උනොත් ඔයා මාත් එක්ක තරහක් තියා ගන්නෙ නෑ නේද ? "
" ඒයි... මොනවද කියවන්නෙ.. පිස්සු ද කියා... "
විසදුමක් නැති උනොත් මගේ් අවසානයත් ඔම්මා වගේ වෙයි. සමහර විට එයා නොකියා කියපු කාලකන්නි ජීවිතේ මේක වෙන්න ඇති. මන් අදටත් දන්නෙ නෑ ඔම්මා හිතා මතාම මාව තනි කරලා ගියේ ඇයි කියලා. ඒත් මන් දන්නවා... මට වගේම එයාලා ඔයාටත් ඔයාගෙ ජීවිතේ එපා කරවන්න ඇති.. ඒත් මන් අසරණයි.
මට දැන ගන්න ඕනි උනත් ඔම්මා ඇයි මාවයි අප්පාවයි තනි කරලා යන්න තරම් නපුරු තීරනයක් ගත්තෙ කියලා.. මන් ඕනිවට වඩා ඒ හේතුව පස්සෙන් යන්නෙ නෑ... මට බයයි මේ නන්නාදුනන මිනිස්සු අතරෙ මන් අතරමන් වෙයි කියලා..
" කියා.. මොනාද කල්පනා කරන්නෙ ? "
යූහියා තරමක් තරවටු හඩකින් අහපු නිසා මගේ දැහැන ටිකකට බිඳිලා ගියා.
"ම්ම්හ්හ්.. මොකුත් නෑ.. 7:25 යි. කැෆේ එක අරින්න ඕනි නේද ? "
" හරි හරි.. ඔයා ඕක බොන්නකො.. බීලා එන්න. මන් ඇතුලෙ ඉන්නවා.. "
YOU ARE READING
𝐓ₕₑ 𝐏ₒₛₛₑₛₛᵢᵥₑ 𝐆ᵢᵣₗfᵣᵢₑₙd [ongoing]
Fanfictionඅසම්මතයි කියලා සම්මත කරලා තියනවා නම්.. ඇයි අසම්මත ආදර කතා තවමත් මේ ලෝකෙ තියෙන්නෙ.. ස්වභාව ධර්මයෙන් බාධාවක් නැත්තන්.. කවුරු මොනා කිව්වත්.. ඒ බැඳීම් සමහර විට සන්සාර ප්රාර්ථනා වෙන්නත් පුළුවන්.. සමහර විට මෙය වෙන්න ඇති දෛවය..