17 chapter 🔴🟢

92 30 16
                                    

පෙර කොටසින්.....

"නැ බන් මන් හිනාවෙන්න කැමති නෑ මන් මෙන්ග් සිට වයිර කරන්නෙ ඒ නිසා ....එයාගෙ ගොඩක් ගති
මගෙ යැන්ලිට සමානයි....මට එය දැක්කම යැන්ලිව මැවෙනවා..ඒකෙන් මට නිකන් මගෙ හුස්ම හිරවෙනව වගෙ වෙනවා...මන් ආස නෑ එයාව දකින්න..ඒ වගෙම මට හිනාවෙන්න අයිතියක් නෑ බන්...සොරි .."

එහෙම ගියපු චෙන් ජාන්ව පැත්තකට කරලා යන්න ගියා.

එතැන් සිට.......

චෙන් මෙන්ග්සිත් එක්ක ගෙදර ආවා.දෙන්නා යද්දී චෙන්ගෙ මමා ඇවිත් හිටපු නිසා මෙන්ග් සිට අම්මට බබාව භාර දීලා අම්මට විතරක් යන්නම් කියලා එන්න ආවා.චෙන් පැත්තක ඉදන් මේ ඔක්කොම බලාගෙන හිටියේ...

"අහංකාරකම තියෙන...ආ දරුවෝ අර ලමයා අච්චර දෙයක් කරලත් ඔහොම බුම්බන් ඉන්න එක හොදද ආ ඒ කෙල්ල නැත්නම් අද මේ කොල්ල මෙහෙම ඉදීද ආ...ඔය ලොකුකම බස්සගන්නවා..."

අම්මා කිව්වේ චෙන්ට් හොද රැවිල්ලක් දාන ගමන්..

"අනෙ අම්මේ මගෙ නෙවෙයි එයාගෙ අහංකාරකම දැන් පැය දෙක තුනක්ම මාත් එක්ක ඒත් එක තප්පරේකට මගෙ මූන දිහා බලල කතා කරෙ නෑ...බැනපු එක විතරයි කරෙ ..එපාවෙලා හිටියේ මගුල හෙන කැටයම් මට ඔහොම එවුන් පේන්න බෑ..."

"අනෙ මේ ඒ කෙල්ලගෙ එහෙම ලොකුකමක් නෑ  ඒ ලමයට තමුන් ඊයෙ බැන්න විදිහට ඒ කෙල්ල ආපු එකම මදෑ....අනික පුතෙ උබෙ ඔය පෙන්නන්න බැරි කෑල්ල මන් මීට අවුරුදු 3කට කලිනුත් ඇහුවා..යැන්ලි නිසා....

ඒක අම්මගෙන් පිටවෙද්දි නම් චෙන්ගෙ ඇග හරහා විදුලියක් ගියා වගෙ උනා..

"මන් යනවා අම්මේ උඩට..."

"සොරි පුතා...මට..."

"ඉට්ස් ඕකේ මාම් මට එයා ගැන අමතක කරලා ඉන්න උනාට එහෙම ඉන්න බෑ ඔයාලට...."

චෙන් එහෙම කියාගෙන කාමරේට ගියේ බියර් කෑන් එකකුත් අරන්...

.................................................................

ජාන් වැඩ ඉවර කරලා 8 ට විතර හොස්පිටල් එකෙන් එලියට ආවේ යිබෝත් එක්ක කෑමට යන්න හිතාගෙන..

ජාන් බෑග් එක කාර් එකෙ ඉස්සරහින් තියලා පිටිපස්සෙ ඩිකිය ඇරලා අරන් ආපු ෆයිල් ටික දාලා යතුරත් කරක කරක ආපහු ඉස්සරහට ඇවිත් කාර් එකට නගින්න ඔන්න මෙන්න තියෙද්දී මහ හයියෙන් ආපු ඇම්බියුලන්ස් එකක් නතර කරා...ජාන් ඒ පැත්තට දිව්වෙ මොකක්ද කියලා බලන්න...

The destiny 💚❤️ (Zhanyi ff / ongoing)Where stories live. Discover now