Chapter 2 📖

1.4K 346 42
                                    

Chapter 2



ජෙස්මින් ගිහින් පැයකින් වගේ ඒ ගෙවල් දිහාට කාර් එකක් යනවා දැක්කෙ මං බැල්කනි එකේ ඉදගෙන කොෆී එකක් තොල ගගා ඉද්දී..

ගෙස් කරන්න ගොඩක් දේවල් මේ වෙද්දි මගෙ හිතේ ඇදිලා තියෙද්දි මං කියන්නම් මං ගෙස් කරන ලොකුම දේ...










ෂුවර් එයාලා ගෙදර ගන්නවා....




" Son... මෙන්න ඔයාගේ යාලුවා ඇවිත්... "

පපා කෑගහනවා ඇහිලා ටීපෝ එක උඩ තිබ්බ හිස් මග් එක දිගා බලලා ගුඩුස් එකක් ඇරපු මං පහලට දුවන් ආවේ මගෙ පාප මිත්‍රයා එනවා වත් මං දැක්කෙ නැති නිසා. ඒ කියන්නෙ බැල්කනි එකේ හිටියත් ඒකා ආව එක නොදකින්න තරම් මං මොන ලෝකෙකද ඉන්න ඇත්තේ ?

" Dude ! යමු උඩට.. "

" බැහැ දැන් නම්. මං ඉක්මනට යන්න ඕනෙ ගෙදර වැඩක් තියේ "

කවදාවත් නැතුව මේකා කිව්වේ ගෙදර ඇතුලට අඩියක් වත් නොතියා. මාත් මුකුත් නොකියා හිමින් ඔලුව වනලා මගේ Water colours චිත්‍ර කාමරේට ගිහින් අරන් ආවේ මමා, පපා කොහෙද කියලා විපරම් කරන ගමන්...

" උබ අමුතුයිනෙහ් අද.. මොකක් හරි උනාද? "

" නෑ බන්. ඒක නෙවේ අර ගෙදර ගන්නලු නේද යන්නේ? "

ඒකා ඇහුවෙ ඇස් අගින් ඒ පැත්ත පෙන්නන ගමන්.. ආහ් ඒක තමා මේ මූඩ් අවුල් ගිහින් තියෙන්නෙ. හේතුව ඉතින් මැරුන එයා හැර අපේ හැමෝගෙම හිත් දැනන් හිටියා.

මගෙ මෝඩ යාලුවාගෙ හිතේ මොන තරම් වේදනාවක් ඇතිද නොකිව්වට.. ඒකට හේතුව ඉතින්.. ලෝයර් කෙවින්ගෙ පුතා කියන්නෙ මේකාගෙ...








ක්‍රශ් එක.....

ඉතින් හිතේ තියන් හිටපු එයා ඒ වගේ අභිරහස් විදිහට මැරෙද්දි.. මං කැමති නෑ ඇත්තටම ඒ සිද්ධිය මතක් කරන්න. මොකද එදා ඒ ඩෙඩ් බොඩි එක දැකලා මට සති ගානක් යනකන් හරියට කන්න වත් බැරි උනා.

මගෙ දිහා බලලා මලානික හිනාවක් දාපු ඒකා ආපහු හැරුනෙ හිතේ වේදනාවෙන්. මං දන්නවා කවුරු මොනවා කිව්වත් තමන්ට දෙයක් වෙනකන් උත්තරේ දාර්ශනිකයි නෙහ්. ඒ නිසා මට ඒකාට උපදෙස් දෙන්න ඕන උනේ නෑ. එයා ගේට් එක ලගට ඇවිදන් යද්දි මං පිටිපස්සෙන් ගියේ කිසිම කතාවක් නැතුව..

Annabelle 👩🏻‍🦳  (Horror) ✔️Where stories live. Discover now