Chapter 5 📖

1.2K 350 58
                                    

Chapter 5



ඇලෙක්ස් හිටියේ ගොඩක් බයවෙලා මං දන්නෑ ඒකට හේතුව මොකක්ද කියලා.. එයා කිව්වා ඒ කාමරේ අයිති ඩෙරික්ට කියලා.. ඒ කියන්නේ එයාගෙ ක්‍රශ් එක ලෝයර් කෙවින්ගෙ මැරුන පුතාට අයිති කාමරේ...

ඒත් එක්කම අපි දැක්කේ කන්ද උඩ පාරෙන් වාහනේක සද්දයක් !! ඔව්ව් යිබෝගෙ පපාගෙ කාර් එක.. යිබෝ කිව්වා වගේම එයාගෙ පපා ටවුන් ගිහින් දැනුයි එන්නේ. එතකොට ජස්මින්ත් අපේ ගෙදර නම් දෙයියනේ මම ඒ දැක්කේ කාවද??

" ඩැඩී දැන් ආවේ විෂ් !! මං හිතන්නෙ අපිත් ගියොත් හොදයි... "

" ඇයි දැන්ම යන්නේ යිබෝ ? අපි ඇවිත් ටික වෙලාවයි නෙහ්... "

" පේන්නේ නැද්ද කලුවර වැටිලා.. දවල් වෙලාවක එමු... "

ඇලෙක්ස් යන්න අදිමදි කරද්දි යිබෝ ඉස්සර උනේ මගෙ අතිනුත් ඇදගෙන.. මමත් පරඩැල වගේ ඇදිලා යද්දි ඇලෙක්ස්ටත් කරගන්න දෙයක් නැතුව අපි එක්කම එන්න වුනා.

ඇලෙක්ස්ගෙ ගෙදර තිබ්බේ අපේ ගෙදරත් පහු කරලා ගිහින් වෙනම පාරක.. ජෙස්මින්වත් එක්කන් එන්න ඕන නිසා යිබෝ එයාගෙ ගෙදරට හැරෙන්නේ නැතුව අපිත් එක්කම ඒ කන්ද උඩ පාර දිගේ ඇවිදන් ආවා..

" විෂ් ඔයා හොදින්ද? "

මගෙ මූණ මොකක් හරි අමුත්තක් තිබ්බද දන්නෑ. යිබෝ එක පාරට නතර වෙලා ඇහුවේ මගෙ කම්මුල් දෙක එයාගෙ අත් වලින් අල්ලගෙන. මට ලොකු අවුලක් තිබ්බේ නෑ ඒත් මට අර දැක්ක දේ එක දිගට මතක් වෙන්න ගත්තා.. මං දන්නෑ ඒ ඇයි කියලා..

ඒත් මුකුත් නෑ කියලා මං ඔලුව දෙපැත්තට වනද්දි යිබෝ මගෙ කම්මුල් දෙපැත්ත අතෑරියේ හිනාවකුත් දෙන ගමන්. ඒක අර හැමතිස්සෙම දාන කටකොන් හිනාව නෙවේ. අහිංසක හිනාවක්... වැරදියි වැරදියි යිබෝ නම් පොඩ්ඩක් වත් අහිංසක නෑ..

" මං යනවා එහෙනම් ! හෙට හම්බෙමු.. ගුඩ්නයිට් දෙන්නාටම "

" විෂ් හෙට ඔයා අපේ ගෙදර එන්න... "

" හා බලමු "

ඇලෙක්ස් අපෙන් සමුගත්තේ අපේ ගෙදර ගාවදි. යිබෝ හිටපු නිසාද මන්දා වෙනදා වගේ ඇගේ ඇලෙන්න එන්නේ නැතුව පාඩුවේ යන්න ගියා. ඊට හරියන්න වැඩියෙනුත් එක්ක යිබෝ ආවා මගෙ ඇගේ ඇලෙන්න.



Annabelle 👩🏻‍🦳  (Horror) ✔️Where stories live. Discover now