#The Last View

118 15 36
                                    


"හ්යොන්ග්?"

ගේට් එක ගාවදී ආපහු හැරිච්ච ජන්කුක් කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් කඩා වැටෙන බංගලාව දිහා බලාගෙන ඉදලා ආයෙත් දුවන්න ගත්තේ ඒ ලගම තිබ්බ හොස්පිටල් එකට.




*******************************************************************



"ජිනා...... ඉක්මනට යං......"

නාම්ජුන් වටේම බල බල ජින්ට කෑ ගහද්දී ජින් නාම්ජුන් ගේ උරහිස්සට තට්ටුවක් දැම්මා.



"පොඩ්ඩක් ඉන්න....."

එහෙම්මම නාම්ජුන් ගේ සාක්කුවලට අත දාපු ජින් එක සාක්කුවක තිබිලා ගත්ත ගිනි පෙට්ටියෙන් කූරක් අරගෙන ඒක ඉක්මනට අර පෙට්‍රල් කෑන් එක ලගට විසි කරා. මහා සද්දයක් එක්කම පිපිරුණු කෑන් එකේන් තෙල් හැම තැනම විසිරිලා හැමතැනම ඉක්මනින් ගිනි ගද්දී නාම්ජුන් ජින්වත් කරේ තියාගෙන එළියට දුවගෙන ගියා.




කඩාගෙන වැටෙන්න ඔන්න මෙන්න තියලා එළියට පැනගත්ත නාම්ජින් ඩබල හති ඇර ඇර ඈතට වෙලා බලාගෙන හිටියේ කඩාගෙන වැටිලා ගිනි ගන්න මහා විශාල ඉල්සාන් බංගලාව දිහා. ජින් එයාගේ සාක්කුවට අත දාලා හේසු ගේ බ්‍රේස්ලට් එක දිහා ටිකක් වෙලා බලාගෙන ඉදලා ඒකත් එක්කම තවත් මාලයක් අතට ගත්තා. ඒක ලස්සන මේපල් කොලේක හැඩයට තිබ්බ පෙන්ඩන්ට් එකක් එක්ක තිබ්බ මාලයක්. ජින් ඒ දෙකම ඒ ගින්නටම විසික් කරා.




"ජිනා විනාඩියක් දියන්......"

නාම්ජුන් එහෙම කියලා ඉක්මනින් අනික් මිනිස්සු ගාවට යද්දී ජින් ඇස් ලොකු කරගෙන ගිනි ගන්න ඉල්සාන් බංගලාව දිහාම බලාගෙන හිටියේ කටත් ඇරගෙන.




ඔව් එයා දෙයක් දැක්කා. එයා දැක්කා එයා දිහා හිනා වෙලා බලාගෙන ඉන්න මුදලි කෙනෙක් වගේ ඇදපු අදුශ්ශී කෙනෙක්. ඔව් එයාට එයා පැත්තේ හිටියේ එයාගෙ වයිෆ් කියලා හිතුන කෙනෙක්. ඒ දෙන්නා මැද්දේ හිටියේ ලස්සන හිනාවක් දාගෙන හිටිය හේසු. ඒත් එක්කම ඒ අදුශ්ශී ගාවම එහා පැත්තේ එයා වගේම තව කෙනෙක්. ඒ හැමෝම හිනාවකින් ජින් ට බෝ කරලා අනික් පැත්ත හැරිලා ආයෙම බංගලාව ඇතුළට යන ගමන් පොඩි පොඩි තිත් වෙලා නොපෙනී යද්දී ඒ ලඟම හිටිය කිම් තේහ්යොන්ග් ගේ ආත්මය මද හිනාවකින් ජින් දිහා බලලා නොපෙනී ගියා.

The Last View  ||JJK|| [Completed]Where stories live. Discover now