3.

251 85 38
                                    


"ඒ කියන්නෙ එයා ආයෙම ඉස්සර කරපු නසරානි වැඩ කරන්න අරන් කියන එකද?" එයාගෙ මේසෙ උඩින් වාඩි වෙච්ච යූන්ගි, කොළ කෑලි හුළඟට එහෙ මෙහෙ යනවට තියල තිබ්බ වීදුරු කෑල්ලත් අතකට අරන් බල බල කතාව පටන් ගත්තා.

යූන්ගි අහද්දි එයාට ඉස්සරහින් පුටු වල වාඩි වෙලා හිටපු ජිමින්, ජන්ග්කුක් දෙන්නම එකටම ඔලු උඩ පහල කරා.

"බඩු කඩනවා? ඒවා උස්සල පොලවෙ ගහනවා? ඒ වගේම හරි ආක්‍රමණශීලීයි?" පපුව ඉස්සරහින් අත් දෙකත් බැදන් ඉන්න යූන්ගි ඇහුවෙ, ජිමින් දිහා ඇස් පුංචි කරල බලන අතරෙ.

ජිමින් එයා ගැනම ලැජ්ජාවෙන් බිම බලා ගෙන හිමින් ඔලුව උඩ පහල කරද්දි ජන්ග්කුක්, ජිමින්ගෙ පුංචි බෝල අතක් එයාගෙ අත් අතරට අරන් පරිස්සමින් අත ගෑවා.

"ඒක ඇත්තටම සුපිරිම නිව්ස් එකක්නෙ!" යූන්ගි එයාගෙ ලොකූ ගමී ස්මයිල් එකකුත් එක්ක කතා කරද්දි, ජිමින් වගේම ජන්ග්කුක් ත් එයා දිහා මහ අමුතු තාලෙකට බලන් හිටියෙ හරියට යූන්ගි මේ කතා කරන්නෙ ප්‍රංශ වලින් වගේ.

"මො- මොකක් කිව්වා!?" ජන්ග්කුක් එහෙම අහද්දි, යූන්ගි ඇස් රෝල් කරේ පුදුම තරම් එපා වීමකින්.

"මං කිව්වෙ මේක ඇත්තටම සුපිරිම නිව්ස් එකක් කියල! ජිමින් ඉස්සර වගේම නසරානි, ඇට්ටර කොල්ලෙක් වගේ හැසිරෙන එක! හරියටම අපිට දැන් ඕනෙ කරන්නෙත් ඒකම තමයි!" ෆයිල් වගයක් අවුස්සල අතට ගත්තු යූන්ගි කිව්වෙ අත්පුඩියකුත් ගහලා.

"මො- මොකක්!? හියුන්ග්! ඔයා ඔය ඩ්‍රින්ක්ස් අරන්ද ඉන්නෙ ආහ්? මේක කොහොමද- ඔයා ඇයි-" ජන්ග්කුක් තවත් කතා කරන්න කලින්ම, යූන්ගි එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක ජන්ග්කුක්ගෙ අතට දුන්නා.

ජන්ග්කුක්, ජිමින් දෙන්නම ඒ ෆයිල් එක දිහා බලන් හිටියෙ පටලැවිලා.

"මං මේ සතුටින් ඉන්නෙ... මේක... හොඳ නිව්ස් එකක් නිසා"

පුදුම වෙලා බලන් ඉන්න ජිමින් දිහාවට ඇගිල්ලක් දික් කරල කතා කරපු යූන්ගි, ඊළඟට එයාගෙ ඇගිල්ල දික් කරේ දැන් ජන්ග්කුක්ගෙ අතේ තියෙන ෆයිල් එකට.

"ඒත්... අරක... ඒක නං නරක නිව්ස් එකක්"

"ඉතින් මේ මොකද්ද මේ?" ජන්ග්කුක් ෆයිල් එක ඇරල බලන අතරෙ ජිමින්, යූන්ගිගෙන් ඇහුවා.

ᴛʜᴇ sᴘᴏɪʟᴇᴅ ʙᴇᴀᴜᴛʏ - 2 // ᴊ.ᴊ.ᴋ + ᴘ.ᴊ.ᴍWhere stories live. Discover now