තාරකා විද්‍යා සන්ගමේ කෑම්ප් එක දවසත් ඔන්න ඔහොම උදා වුනා..
දුවනිටත් සනීප නැති උනා හදිස්සියෙම..මන් හැදුවෙ නවතින්න..ඒත් කොහෙද ඒ මෝඩි එක්ක බෑනෙ කොහොම හරි ගිහින් සහස් අයියව සෙට් කර ගන්නලු..😶ඊලගට ඒ මෝඩයා...එයා හෙන busy වෙලා මාව පේන්නෙත් නෑ දැන්..මලක් වත් ගෙනත් දුන්නෙ නෑ...මෝඩයා මෝඩයා මෝඩයා....සරලවම මාව පිස්සු වට්ටල..
එදා රෑත් හරිම සීතලයි..පෝයට පස්සෙ දවසක් ඒ නිසා අහස හොදට පැහැදිලියි...තරු දිලිසෙනවා..
ඒ වුනාට මටනම් වැඩිපුරම දිලිසෙනවා පේන්නෙ ලස්සන තරුකැට දෙකක්..හැබැය් අහසෙ නෙමේ කෙනෙක්ගෙ මූනෙ..කට්ටියම ගිනිමැලේ වටේට වෙලා...මිස්ටර් චොක්ලට් කට්ටියටම මොනවාහරි බෙදාගෙන එනවා..
"අහ් හිමරු මල්ලි...මොකෝ ඔහේ ඉන්නෙ..."
"නිකම් ඉතිම් හැමෝම තමන්ගෙ ලෝක වලනෙ ඉතින්."
"ඔයාගෙ ලෝකෙ මොනවද තියෙන්නෙ ඉතිම් දැන්.."
"මන් දන්නෑ.."
"මන් නම් දන්නවා.."
මන් ගැන මන්වත් හරියට දන්නැතුව මෙ පොල් ගහ මොනවා දැනගන්නද.
"මොනවද දන්නෙ ?."
"බොන්සයි කරපු රොබරෝසියා ගහක්.."
"අනේ පලයන් යන්න..අනික මේ මොකක්ද."
"අහ් මේ අපෙ telescope කට්ටිය හැමෝටම එක ගානෙ දෙනවා..තව ටිකකින් කට්ටියම මෙතනින් ගිහින් ඉස්කොලෙ කැමති තැන් වලට ගිහින් අහස බලලා දැක්ක දේවල් නෝට් කර ගන්න ඕනෙ.."
"අහ්..ඒකට.."
"ආස තැන් කිව්වට මල්ලි ඔයා රොබරෝසියා ගස් අස්සෙ රින්ගන්න යන්න එපා 🤣 ඒ හරියට අහසෙ කෑල්ලක්වත් පේන්නෑ..ඔයාට ඕන්නම් මාත් එක්ක යන්න එන්න..."
"කොහෙටද.."
"මන් ආසම තැනට..එනවද"
" හා "
එයා අනිත් කට්ටියටත් ඉතුරු ටික බෙදන්න ගියා..එයා මගෙන් ගොඩක් වෙනස්..මන් ඉන්න තැනක මන් හරියට invisible වගේ..කාටවත් පේන්නෙ නෑ මන් කැමතිත් නෑ කාටවත් මාව පේනවට ..ඒත් එයා හැමවෙලේම හැමෝම එක්ක හිනා වෙලා කතා කරලා. ඇත්තටම කිව්වොත් එයා දිලිසෙනවා