10

198 57 54
                                    

ජන්කුක් අද ස්කූල් යන්න ටිකක් පරක්කු උනා ... මොකද එයා කලින් දවසේ රෑ වෙනකන්ම අර බෙන්ච් එක උඩ වාඩිවෙලා හූල්ලපු නිසා ...
අන්තිමට බලලා බලලා බැරිම තැන පාර්ක් අජුශ්ශී ජන්කුක් ට කෝල් කරපු නිසා ජන්කුක් බෙන්ච් එකෙන් නැගිට්ටේ ...

ඒ නිසා ජන්කුක් ට රෑ වෙනකන් නින්දක් ආවේ නෑ ... එයාගේ මින් එයා ඉස්සරහ කිව්ව ඒ වචන ආයෙ ආයෙත් මතක් කරගන ජන්කුක් ගොඩක් වෙලා ඇදේ ඇල වෙලා සිවිලිම දිහා බලාගන හිටියා ..
ඒත් ඇඟේ මහන්සියට එයාට නින්ද ගියා ... දැන් එයාට ඉන්හේලර් එක නැතුවම බැරි වෙලා ... එයා ස්කූල් බෑග් එකටත් ඉන්හේලර් එක දාගන යන්නේ බනී සූට් එක ඇතුලේ ඉද්දි නිතරම හුස්ම හිරවෙන ගතියක් එන නිසා ...

එයා නැගිටින්න පරක්කු උනා උනත් සේරා වත් ජේසක් වත් ජන්කුක් ව ඇහැරවන්න උත්සාහ කලේ නෑ ... එයාලට දැනුනා ජන්කුක් මහන්සි වෙලා ගෙදර එන බව ... ඒත් එයාලා ජන්කුක් ගෙන් ඒක ඇහුවෙත් නෑ ...
ඉතින් ජන්කුක් ගේ phone එකේ late alarm එක ඇහුනමයි ජන්කුක් ව ගැස්සිලා ඇහැරුනේ ...

එයා ක්ලාස් එකට එද්දි ළමයි උදේ cafeteria එකටත් ගිහින් උදේ කෑමත් කාලා... ජන්කුක් ක්ලාස් එකට යන්න හැරෙනවත් එක්කම එයාව කෙනෙක් ගේ ඇඟේ වැදී නොවැදී බේරුනත් එයාගේ ඔලුව ජන්කුක් ගේ පපුවේ හැප්පුනා ...
ජන්කුක් ගේ මහන්සි පාට ඇස් එක පාරට ලොකු උනා ... එයාගේ ඉස්සරහ හිටියේ එයාගේ මින් ...

කෙල්ලගේ ඇස් වල කදුළු ... එයා අඬන ගමන් ඔලුව උස්සලා එයාගේ ඇඟේ හැප්පෙන්න ගිය කෙනා දිහා බලද්දියි එයා ජන්කුක් ව අදුනගත්තේ ...
මින්ජිගේ ඇස් තිගැස්සුනා ජන්කුක් දැක්කා ... දෙන්නම කතාබහක් නැතුව තවත් විනාඩියක් මූණට මූණ බලන් ඉන්න ඇති ... කොච්චර දවසකින්ද මේ කෙලින් එයාලා එයාලගේ ඇස් දිහා හරි බැලුවේ ....

මින්ජි හිටියේ හදිස්සියක .. කෙල්ල කම්මුලේ කඳුළු පිහිදද්දි ජන්කුක් එයාගේ ඇස් වල මැවුන වද වීම වගේම ඒ පුදුමය ඉක්මනට මකාගන එයාගේ සීතල නොසැලකිලිමත් ඇස් කරකවලා අහක බලද්දි මින්ජි බිම බලාගත්තා ....
එයා හීන් ඉකියක් එක්ක ජන්කුක් ව මගෑරලා ක්ලාස් එකෙන් එලියට දිව්වෙ ජන්කුක් ගේ කකුල් ගල් වෙලා වගේ පොළවට ඇලෙද්දි ..

𝑻𝒉𝒆 𝑼𝒏𝒔𝒆𝒆𝒏 𝑳𝒐𝒗𝒆 🥀 JJK ( Completed )Where stories live. Discover now