Documents

154 39 24
                                    

  " මම යීබෝ .. වන්ග් යීබෝ..."

  " අඳුන ගන්න ලැබීම සතුටක් පොඩ්ඩෝ... "

   " මටත් අඳුනගන්න ලැබීම සතුටක් ලොක්කෝ.."

   යීබෝ හිනාවෙවී කියද්දි ජාන් යීබෝ දිහා බැලුවේ ඇයි ලොක්කො කිව්වෙ කියල අහන්න වගේ...  මොකද්දෝ හේතුවකට යීබෝට පුලුවන් වුනා ජාන්ගේ මූනේ හැඟීම් කියවන්න..  ඉතින් කොල්ලා කලේ තවත් ටිකක් හයියෙන් හිනා වුන එක..

   " මම පොඩ්ඩා නම් ඔයා ලොක්කා වෙන්න එපායෑ.. එහෙම නේ.."

   හැබැයි ජාන් යීබෝට උත්තරයක් දෙන්න කලින් යීබෝගේ ෆෝන් එක රින්ග් වෙන්න ගත්තා...  සාක්කුවෙන් ගත්තු ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉඳපු කොල්ලගේ මූන බෙරි වෙන්න ගියේ තත්පර දෙකයි..

   " ම්ම්ම්.. ඔන්න මාව ශ්‍රේශ්ඨාදිකරනයෙන්  කැඳවනවා ගගා.. මේ තමයි ලාස්ට් වෝර්නින් එක.".

  මූනත් බෙරිකරගත්ත යීබෝ මුමුනනකොට ජාන් යීබෝගේ ෆෝන් එකට එබුනේ යීබෝ කියවන බහුභූතේ තේරුම් ගන්න බැරුව.

             𝓜𝓪𝓶𝓪...❤️

    හිතුවා හරි යීබෝට කෝල් එක එන්නෙ එයාගෙ මමාගෙන්.. කෝල් එක ආන්ස්වර් කරන්නෙත් නැතුව ඒ දිහා කටත් ඇදකරන් බලන් ඉන්න යීබෝව දැක්කම ජාන්ට හිතුනෙම ඒ රෝස පාට කම්මුලක් රතු වෙන්නම මිරිකන්න...  

   අන්තිමට කෝල් එක කට් වෙලාම යද්දි යීබෝ දඩිබිඩි ගාලා එයාගෙ බඩු ටික බෑග් එකට දාගත්තේ ජාන් ඔහේ නිකන් හිටගෙන බලන් ඉද්දි..

  " ගගා.. අපි පස්සෙ දවසක හම්බවෙමු හොඳේ...  මොකද මම දැන්ම ගෙදර ගියේ නැත්තම් මමා මගෙ බත් කාඩ් එකත් කපලම දානවා.. "

   ජාන්ට වචනයක් කියන්න නොදීම එක දිගට කියවන් ගිය යීබෝ පාර පැත්තට දුවන් ගියේ අතින් කටින් බඩු ටිකත් එල්ලගෙනමයි..

   " පිස්සු කොල්ලෙක්.."

   යීබෝ නොපෙනී යනකම්ම බලන් ඉඳපු ජාන් ආපහු එයාගෙ සුපුරුදු බංකුව ලඟට ආවා..   ශුවාන්ගෙ පනිවිඩයෙන් පස්සෙ අවුල් වෙලා ගිය මනස නැවත වතාවක් සන්සුන් විදියට දැනෙද්දි පැත්තකට කරපු තමන්ගෙ  ඩයරිය අතට ගත්තු ජාන් එයාගෙ අලුත්ම කතාවේ ආරම්භය සනිටුවහන් කලා..

Lost in thoughts  (Zhanyi story)Where stories live. Discover now