Doctor yu bin

181 37 9
                                    

  " ලෑස්ති වෙයන් ඩොක්ටර් යූ බින්ව හම්බවෙන්න යන්න. "

   " හෑ... "

   ජාන්ගෙ කතාවට ශුවාන් උඩ ගියා.. ඇයි දෙයියනේ සේරම පෝස්ට්මෝටම් රිපෝට් තියෙද්දි දැන් මේ මනුස්සයා ආපහු සැරයක් මොන එහෙකටද ඩොක්ටර් යූ බින්ව හම්බවෙන්න යන්නෙ..

   " මට කියල හිටපන් ජාන් උඹ මොකද්ද ඔය කරන්න යන්නෙ කියල. "

"   මන් ආපහු මුල ඉඳන් වැඩ පටන් ගන්නවා... සරලයි පහසුයි... ලේසීයී "

   තවත් වචනයක් නොකියා ජාන් නැගිටල යද්දි ශුවානුත් ඉබේටම් ජාන්ගෙ පස්සෙන් යන්න ගියේ ජාන් කරන්න යන දේ ගැන යන්තම් අදහසක් හිතේ තියාගෙන.

  යාලුවො දෙන්නම ඩොක්ටර් යූබින්ව හම්බවෙන්න ගියත්  යන මග දිගට දෙදෙනා අතර තිබ්බෙම දැඩි නිහඬතාවයක්.




.......................................................................................

     " ඩොක්ටර් යූ බින්."

    " එන්න ඔෆිසර් ජාන්.. මට දැනගන්න ලැබුන මාෆියා ලියෝගෙ කේස් එක අලුතින් හැන්ඩ්ල් කරන්න ලැබුනේ ඔෆිසර්ට කියලා. "

   ඩොක්ටර් යූබින් නම් දත් තිස් දෙකම දාල හිනා වෙලා ජාන්ට කතා කරද්දි ශුවාන් වගේම ජානුත් යූ බින්ට හිතවත් අයුරින් සිනාසුනා.

   " වටේ පිටේ නොයා අපි කෙලින්ම කාරනාවට එමු ඩොක්ටර්. මට මේ ටිකේ හම්බුන ඩෙඩ් බොඩීස්වලින් හොයාගත්තු හැම විස්තරයක්ම ඕන.  සාක්ශි පැහැදිලි කිරීමුත් එක්කම. "

  " ඒත් මම හිතන්නෙ මම ඒ හැම දෙයක්ම පෝස් මෝටම් රිපෝට් එකට දාල තියනවා ඔෆිසර් ජාන්.."

   " ඒත් මට ඕන ඒ හැම දේකම සාරාංශය ඔයාගෙ කටින්ම දැන ගන්න ඩොක්ටර් යූ බින්.. මන් හිතන්නෙ මට ඒකට හොඳ අයිතියක් තියනවා.... "

   ජාන් තරමක ආවේගයකින් වචන හසුරවද්දි යූබින් මෝඩ තාලෙ හිනාවක් දාගෙනන ඔලුව පිටිපස්ස කැසුවෙ පොඩි ලමයෙක් වගේ ..

  " හෝව්ව්.. හෝව්ව්.. ඔෆිසර් ජාන්... ටිකක් රිලැක්ස් වෙන්නකෝ... මන් පොඩ්ඩක් නිදහසට කරුනු ඉදිරිපත් කලා විතරනේ බන්. මගුල උබ පොඩ්ඩ ඇත්තම් දැන් නැට්ට පාගගන්නවනේ... නැද්ද ශුවා..."

You've reached the end of published parts.

⏰ Last updated: Dec 15, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Lost in thoughts  (Zhanyi story)Where stories live. Discover now