Promise - 01

156 30 3
                                    


.
.
.
Someone 's Pov ~~

.
.
.

අදත් විශේෂත්වයක් නෑ. මං ඇස් ඇරියේ වටේපිටේ ඇහෙන්න ගත්ත සද්ද නිසා.....

ටිකක් වෙලා එහෙන්ම ඉදලා ඊලග විනාඩියෙදි මම හිමින් හිමින් ඇඳේ ගැට්ටට හේත්තු උනා..

ඔන්න ඉතින් නැගීට්ට ගමන්ම...ඒම හිතපු මං හිමින් අත එහෙ මෙහෙ කරලා කොට්ටෙ ගාව තිබ්බ ලේන්සුව අරං නහය දිගේ ගලන ලේ ටික පිහිදලා දැම්මා....

" ටේ හියුංග්....." මට අඩි දහයක් විතර ඈතින් ඇහෙද්දි මම ඒ පැත්ත හැරුනා.. එයා නම් පුදුම කෙනෙක්..උදේ පාන්දරම ඇවිත් නෙ..

" කො.. ආයෙම ලේ ආවද.." එයා දුවගෙන ඇවිත් මගේ මුණ එහෙ මෙහෙ කර කර බලන්න ගද්දි හැමදාම වගේ මම එයාගෙ අත් මගේ මුණෙන් අහක් කරගන්න උත්සාහ කලා.

" මුරණ්ඩු වෙන්න එපා ලමයෝ...." හැමදාම වගේ මට බයින ගමන් එයා මගේ මුණ පොඩ්ඩක් උඩට උස්සලා නහය යට පිහිදුවා...

" ම්.. හරි... ඔයා එනවද අද උත්සවයක් තියනවා"

එයා කිව්ව දේට මම නෑ කියලා හිමින් ඔලුව වැනුවෙ ඕවාට යන්න ඒ තරං මට කැමැත්තක් නැති නිසා. අනික මගේ අසනීප ගතියත් දැං ටික ටික වැඩී.. ඊටත් වඩා මට ඉස්පිරිතාලේ මේ වාට්ටුව විතරයි පොඩ්ඩක් හරි හුරු...

.
.
.
.

" ඔයා එන්නෑනෙ.... සෝල් වල යුනිවර්සිටි එකේ කට්ටියක් එන්නෙ. අපරාදෙ හැබැයි..." එයා ඒම කියාගෙන මගෙන් ඈතට යනවා වගේ මට දැනුනා.. එයා යනවද.....

යා.. මේ යොංජුන් නම්.....

" ඩොක්ටර්....." මං ඉක්මනට හයියෙන් කතා කලේ එයා ගොඩක් දුර යන්නෙ නැතිව ඇති කියලා හිතලයි...

හිතුවා හරි. එයා ආයෙම මගේ ගාවට ලං වෙනවා මට අඩි හඩෙන් ඇහුනා.

.
.
.
.
.
.
.
.
.

යොංජුන් නිසා ඇටෙන්ඩන් කෙනෙක් මාව හිමින් හොස්පිටල් එකේ ගාඩ්න් එක හරියට එක්කගෙන ආවා..

" මේ හරියේ තමයි ඒක ඇත්තෙ.. ම්...." මාව එක්කගෙන ආව ඇටෙන්ඩන් ඒම කිය කිය වටපිට බලනවා ඇති... මාත් ඉතින් කේන් එක හිමින් බිම තිය තිය ඉන්න තැන හොයා ගන්න උස්සහා කලා.. ඒත් එකපාරම කේන් එක කාගෙ හරි කකුලක වැදුනා.

Promise [ Vhope ] Short Story ✅Where stories live. Discover now