Promise - 02

92 33 5
                                    

After 5Days,
දින පහකට පසු,

Author's Pov

.
.
.

සතියකින් යන්න හිටිය ගමන හොසොක්ට දවස් පහකින් යන්න ලැබුන එකට නම් එයා ට තිබුනෙ ගොඩක් ලොකු සතුටක්...

හොසොක්ගෙ ඔම්මා ගොඩක් දුරගෙවාගෙන හොසොක් යනවට පොඩ්ඩක් වත් කැමති උනේ නෑ.. ඒත් හොසොක්ගෙ නොයාම බැරි උනා..

එයාට ඒ පුංචි ඇස් දෙක, බෝල කම්මුල් දෙක මතක් වෙද්දිත් හිත නිවෙනෝ...
ඇත්තටම එයා පුංචි සුරංගනා කුමාරයෙක් වගේ...

හොසොක් ඒ ගැන හිතන ගමන් වාහනේ ඩ්‍රයිව් කරං ආවා...

එයා ආවෙ ඩේගු හොස්පිටල් එකට... හොස්පිටල් එක ගාව වාහනේ නතර කරපු හොසොක් එකපාරම ඇද හැලෙන්න ගත්ත වැස්ස නිසා ටිකක් වෙලා කාර් එකට වෙලා හිටියා..

එයාට මතක් උනේ මිට දවස් පහකට කලින් මේ ගේට් එක ගාවදි එයා දාලා ගිය ඒ පුංචි කුමාරයා... හොසොක්ගෙ හිතේ නමක් දී ගන්න බැරි ඉඩක් ඒ කුමාරයා වෙනුවෙන් වෙන් වෙලා තිබ්බා.

එදා දවසම හොසොක්ට ඒ මුණ දිහා බලාගෙන ඉන්න අමාරු උනේ නෑ... එයාට තවත් පැයක් හරි ටේ හියුංග් ගාව ඉන්න තිබ්බ නම් කියලා නොදැනුනා නෙවෙයි.

පලවෙනි වතාවට හොසොක්ගෙ කෙනෙක් ගාව නිදහසක් දැනුනෙ... ඒකත් ඉක්මනට දාලා එන්න උන එකට එයා කැමති උනේ නෑ.

ඒත් දැං ගැටලුවක් නෑනෙ... අද ඉදං ආපහු ඒ මුණ දකින්න පුළුවන් නෙ.... ඒ ගැන හිතනකොට හොසොක්ගෙ මුණ එලිය උනා...

වැස්සත් යන්තම් අඩු නිසා ටේ හියුංග් ට තෝරලාම ගෙනාව සුවඳ මල් පොකුරත් අරං හොසොක් කාර් එකෙන් බැස්සා.

අගමැති තුමාගෙ පුතා නිසා එයාට හොස්පිටල් එක ඇතුලට යන්න ලොකු ප්‍රශ්නයක් උනේ නෑ...

අන්ධ අයට වෙන් කරලා තියෙන වාට්ටුව අහගෙන ඒ පැත්තට ඇවිදං ගිය හොසොක් අන්තිම කොරිඩෝව හැරෙද්දි එයාගෙ මුණට හම්බ උනේ එයා අදුරන කෙනෙක්..

" ඩොක්ටර්...." හොසොක් ඉක්මනට ඒ කෙනාගෙ ඉස්සරහාට ඇවිත් එයාව නතර කලා..

ඒත් ඒ කෙනා හොසොක් ව අදුරන බවක් පෙන්නුවෙ නෑ..

" ඩොක්ටර් මම ජංග් හොසොක්... මීට දවස් පහකට කලින් වැඩසටයනකට සෝල් ඉදලා ආවෙ.. මං.. මං අර ටේ හියුංග් එක්ක..." හොසොක් හිමින් කියාගෙන යද්දි එයාට ඉස්සරහා ඉන්න කෙනා කල්පනා කරන්න උනා.. ඒත් ටේ හියුංග් කියද්දිම එයාට හොසොක්ව මතක් උනා.

Promise [ Vhope ] Short Story ✅Where stories live. Discover now