Please come back

174 19 4
                                    

"ඉදින් එක් පුද්ගලයෙකු පැමිණ මාගේ හදවත තළා නොපෙලා ඉතාමත් කාරුණික ලෙස මා රැක බලා ගත්තේය. නමුත් ඔහුගේ කාලය පැමිණ ටික කලකටද පසු ඔහු මා හැර දා යාමට සිත් නොදී මා අසලින් රැදුනේ මාගේ සිතෙහි පහසුව තකා පමණක්මය. ඉදින් කෙමෙන් කෙමෙන් ගෙවුනු දෙන් කියා සිතූ ඒ මිලාධික දවස් මා නොසිතූ පරිදි වේගවත්ව ගලා ගියේ ය. ඔව්.ඔහුගේ කාලයේ අවසාන කාර්තුවේදී ඔහු විටින් විට මා අමතමින් ඔහුගේ නික්ම යාම පිළිබඳ ඉගි මා සවනට හුරු කළේ ය. මා එය වටහා ගන්නට කෙතරම් උත්සාහ කළා ද යත්, අවසන් මොහොත පසු වන තුරු පවා මා එය නොදැන සිටීම ඔහුගේ හිත තව තවත් පාරනා ඉතා දුක්ඛිත කරුණකි. මා ඒ සියල්ලම පසෙකලා ඔහුත් සමග මාගේ වදන් තෙපලීමට යාමේදී ඔහු නික්ම ගොස් එදිනටම කාර්තුවක් ගෙවී හමාරය. කුමක් කරන්නදැයි තැවි තැවී මා ගෙවූ එදවස් තුළ මා හැසිරුනේ කිසිවක් නොදැනෙන කෙනෙකු ගානටය. දැන් වුව ද මා කරුණු වටහා ගැනීමට පෙර ඔහුව අමතා ඔහුගෙන් සියල්ලෙහිම නිවැරදිතාවය සොයා බලා අවසර ලබාගන්නේ කුමක් නිසාදැයි කියා මා නොදන්නෙමි.

ඉදින් මෙලෙස දුක්බර මෙන්ම විඩාබර කාර්තු අවසානයේ මා හට මෙහි හේතූන් මනාව හෝ නොඅනුමානව වැටහී ගියේ  ඔහු මා හැරදා  ගිය ලෙසට මා සෑම ස්ථානයක් පාසාම සටහන් කළ නිසා නොවේ ද?

කිමද යත් ඔහු කිසිදිනෙක මා හැරදා නොගිය කරුණ වූයේ ඔහු මා හට
මතක සමග ජීවත් වීම ඉතුරු කොට ගිය නිසාවෙනි.

ඉදින් නාශ් යනු හුදෙක් කල්පිතයක් පමණක්ම නොවෙයි. ඔහු ඇමාගේ හදවතයිඔයාට ස්තූතියි නාශ්..
වචනෙන් කියන්න බැරි හැමදේටම.."

A day when you are sooo far,
And i'm still writing .

______________________
                                 

"මට ආයෙත් වෙනදා වගේ ලියන්න බැරි වෙයි නාශ්. මම තනි වෙනවා. ආයෙත් හිනා වෙනවා. ඒක සරලයි.
වියළි දුක්බර හිනාව මට අප්පිරියා සහගත උනාට මට ඒ දේ ආසාවෙන් කරනවා වගේ රගපාන්න සිද්ද උනා. එච්චරමද කියලා මගේ හිතත් මගෙන් ඇහුවාම මම ඔව් කියන කෙටි වගේම රිදවන සුලු උත්තරයක් දීලා හිමිහිට මගේ හිත මග ඇරියා. මගෙන් කවදාකමහරි හිත ඇයි එහෙම කලේ කියලා ඇහුවොත් මම නිරුත්තර වෙන එකක් නැහැ කියලා ඔයා විශ්වාස කරනවද නාශ්?"

In the sky you drift away
Beyond the clouds
My lover leaves
Never to return ...

මම අදත් ඔයාට ලියනවා. මම දන්නවා මේක අසාමාන්‍ය දෙයක් උනත් ඔය අතුරුදහන් වීම් මට දැන් පුරුදුයි. ඔයා ඉක්මනට එන්න. ආයෙත් අතුරුදහන් වෙන්න කලින් අපි හොවැංහෝ තරුවක් ඇදලා බිත්තියේ කොහේහරි එල්ලලා මගේ අලුත් ලැවෙන්ඩර් මල් පාත්තිය බලන්නත් යමු..

ඔයාට අතුරුදහන් වෙන්න වෙලාව තිබුනොත් විතරක්....

ඔයාට අතුරුදහන් වෙන්න වෙලාව තිබුනොත් විතරක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

@abcdefgzlnsn










             

𝙽𝚊𝚜𝚑 ||Where stories live. Discover now