සයුරු ..01

1.5K 120 30
                                    

සයුරු ...

නින්දත් නොනින්දත් අතරේ දැනන පිච්ච මල් සුවඳින් මගෙ නිදිමත නැතිවුණා ඇස් දෙක පියාගෙනම තවත් හුස්මක් උඩට ඇදල අරගෙන හිමින් සැරේ ඇහිපිය ඇරියෙ හිතට දැනුනු කම්මැලි කමත් එක්කමයි..

එත් එක්කම ඔලුවට ආපු මතකයන් එක්ක මම ආපහු ඇස් පියාගත්තෙ ඇස් වලින් වැටෙන කදුලු නිදහසේ කම්බුල් දිගේ ගලාගෙන යන්න ඉඩ දෙන ගමන්මයි .................
ටිකක් වෙලා එහෙමම පියාගත්ත ඇස් දෙක ආපහු අරින්න වුනෙ මගෙ ෆෝන් එක රිංග්ස් යන්න පටන් ගත්ත නිසා...

“නැගටිපිය කම්මලියො...... “
ෆොන් එක එහා පත්තෙන් ආපු සද්දේ නිසා මගෙ නිදිමත එහෙමම නැති වෙලා ගියා
” good morning ......’

“Morning තමයි මූසලය ඇයි යකෝ උබ මටත් නොකිය නුවර ගියෙ ...එපා උබ මාත් එක්ක කතාකරන්න”

කෙන්තියට වඩා මට ඒ වචන වලින් දනුනෙ ආදරයක්            

.”.සොරි බන් ....”

“සොරි..... උබ අනික් උන්ට නම් කිව්වා, උබට මාව තමයි අමතක උනෙ එපා උබ මාත් එක්ක කතා කරන්න “
“.අනේ  බන් මාව තෙරුම් ගනින්කො දිලු.... උබ දන්නවනෙ බන් මට දැන් මේ ලොකෙන්ම ඉන්නේ උබයි නැන්දයි මාමයි අක්කයි කියල එහෙම ඉන්න උබව දාල එන්න හිත හදා ගත්තෙ බොහොම අමරුවෙන් බන් ......."

.හිත අස්සෙ හැන්ගිල තිබ්බ දුකක් අපහු එලියට ආපු නිසා ඇස් වලින් කදුලු ගලන් ගියෙ මටත් නොදනිමයි.

“අනේ සයූ මට සමවෙයන් බන් උබ මට නොකියම නුවර අපු නිසයි බන් මට කෙන්ති .මට  අම්ම කිව්වෙත් මේ  දැනුයි.උබ අම්මට කිව්වලු යනකම් කියන්න එපා කියල ඒකයි බන් මට කේන්ති ගියෙ දැන් ඔය කදුලු පිහිද ගනින්කෝ .....අද කැම්පස් පටන් ගන්නවද.”

“.ඔව් දිලු තව ටිකකින් මම යනවා”

“.. හරි බන් මම එහෙනම් හවසට ගන්නම් උබ පරිස්සමින් බුදු සරනයි.”     

“.බුදු සරනයි දිලු...”
ඔරලෝසු දිහා බලපු ගමන් තමයි මට දවල් තරු පෙනුනෙ.
හුටා දැන්ම නොගියොත් නම් මුල් දවසෙම ලෙක්ච‍ර් එක මිස් වෙනව   ඇදෙන් පැන්න මම බාත් රූම් එකට දිව්වෙ දොරෙත් හැප්පෙනගමන්....
බාත් රූම් එකෙ ඉදල ඇවිත් අතට අහුවෙන එකක් ඇදගත්තේ ජීවිතයේ වැදගත් දවස් වලින් එකකට පරක්කු වෙලා යන්න තිබුන අකමැත්ත නිසාමයි කොහොම උනත් මම වැඩිය අදුම් ගැනවත් මගෙ පෙනුම ගැනවත් වද වුන කෙනෙක් නෙවෙයි .අවුල් උන කොන්ඩෙ අතින් හදාගෙන එලියට තිබ්බ කකුල අපහූ පස්සට ගත්තෙ වැදගත් දෙයක් අමතක උන නිසයි ,ආපහු සාලෙට ආපු මම අම්මගෙයි අප්පචියි ගෙයි ෆොටෝ එකට අත් දෙක එකතු කරල වැන්දෙ මම අද මේ විදිහට ඉන්න එකම හේතුව මගෙ අම්මයි අප්පචියි නිසයි .

සයුරු...❤️‍🔥Where stories live. Discover now