සයුරු ...09

333 73 12
                                    

සයුරු ...09

මම ආපු ගමන් නෑව තෙහෙට්ටු ගතිය යනකන්ම නෑව නාන අතරතුරේ අද උන දේවල් කල්පනා කරා ....
මටනම් පිස්සු මමම මගෙ කම්බුලට ගහගන්න ගමන් කිව්ව...
" හලෝ අන්ජු දැන් කොහොමද කොල්ලො ...."
" දැන් නම් හොදයි බන්..... උබට කොහොමද වැඩ වැඩියි නේද අප්පචි කිව්ව ඇනිවසරි එකේ වැඩ උබට පැවරුව කියල...."
"මට අවුලක් නැහැ බන් අයිය තමයි වැඩ බලන්නෙ මන් පුලුවන් උදව්වක් කරනව..."
මම අංජුට කෝල් කලේ අසනීපෙ ගැන හොයල බලන්න..
" හ්ම්ම් මම හෙට එන්නම් ඔෆිස් එකට උබට තනියම කරන්න බැහැනෙ ..."
" අනික කොල්ලො අයිය මොනව කිව්වත් ගනන් ගන්න එපා..."
"අනේ නැහැ බන් මට ඒක ගානක් නැහැ .උබ හොද වෙලාම වරෙන්කො..."
"හරි මන් තියන්නම් එහෙනම් ගුඩ් නයිට් බන්.."
"ගුඩ් නයිට් කොල්ලො ..."
අංජු එක්ක කතා කරල මම ඉක්මටන ඇදට වැටුන මහන්සි නිසාම ඉක්මනට මට නින්ද යන්න ඇති...
.....................................................
එලාම් නැතුවම මම ඇහැරුනා ත ටිකක් වෙලා ඇදට වෙලා ඉදපු මම කම්මැලි කමේම නැගිටල කුස්සියට ගියා...
තේක හදාගෙම ඒක බොන ගමන්ම උයන්න පටන් ගත්තා..
ලා කොල පාට ශර්ට් එකට කලු අලු පාට ටයි එක නියමෙට මැච් වෙනව.. මට අප්පචිගෙ දේවල් වලින් ඉතිරි උන වටිනම දේවල් අප්පචිගෙ ඇදුම් ඒව වලින් මට අප්පචිගෙ සුවද දැනුන ඒක නිසාමයි ඒවත් නුවර එද්දි උස්සන් ආවෙ මේ අදින ටයි එකත් අප්පචිගෙ ඇදුම් ගොඩෙන් ගත්ත එකක්..
ඇදගෙන ඉවර වෙලා බෑග් එකත් අරගෙන කුස්සියට ගිය මම බැදල තිබ්බ බත් මුල් දෙකම බෑග් එකට දාගත්තා ...
" ගුඩ් මෝනින් සයුරු සර්"
" ගුඩ් මෝනින් අජිත් අයියෙ..."
සිකියුරිටි එකේ අජිත් අයියගෙ අවන්ක හිනාව දකින ඕනම කෙනෙක්ට සතුටු හිතෙනව අංකල් මෙයාව වැඩට ගන්න ඇත්තෙම ඒකයි..
මම කලිපනා කර කර ඇතුලට ගියා තවමනම් කවුරුත් නැහැ වගේ මම හිමින් සැරේ මගෙ සීට් එකට ගිහිල්ල බෑග් එක තිබ්බ උදෙන්නම වැඩ පටන් ගන්නත් පොඩි කම්මලි කමක් දානුන නිසා මම අබී අයියගෙ කැබින් එක පැත්තට නිකමට අඩිය තිබ්බ ඇයි ඒ කැබින් එකම කියලනම් මම දන්නෙ නැහැ ඒත් නොදන්න හේතුවකට මම කාබරේට ගියා..
ජනේලෙන් පේන ලස්ස්න පරිසරය නිසා මන් වශී වෙලා ඒ දිහ බලන් හිටිය එක පාරටම කාබරේ පුරාම අමුතුම සුවදකින් පිරිල ගියා ....
" තමුන්ට මේ ඔෆිස් එකේ ඉන්න වෙන තැනක් ඇත්තෙම නැද්ද අයිසෙ මේක අස්සෙම රින්ගන්නෙ..."
මගෙ පිටිපස්සෙන් එහෙම ඇහෙද්දිනම් මාව ගැස්සුනා...
කලු කලිසමට තද නිල් ශර්ට් එකටත් කලු ටයි එකටත් බාගෙට ඇරුනු කෝට් එකටත් අමුතුම ලස්ස්නක් තමයි අබී අයිය ලග තිබ්බෙ..
" ගුඩ්.... ගුඩ් මෝනින් සර් .... මම මේ ෆයිල එකක් ගන ආවෙ...."
" ෆයිල් එක ගන්න ආවනම් අරගෙන පලයන් මෙතනට වෙල හාල් ගරනවද මිනිහෝ..."
අබී අයිය ආපහු මගෙ ඇගට කඩන් පැන්න...."
"සොරි සර්... "
මම අඩියට දෙකට ෆයිල් එකත් අරගෙන කැබින් එකෙන් එලියට ආව එනකොටම හදීසියට අබී අයියගෙ ඇගේ වැදුන ෆයිල් එක ෆයිල් එකේ කොල හතර අතේ විසි උනා....
" වට්ද නොන්සන්ස් යූ ෆූලිෂ් ඩොන්කි ආ යූ බ්ලයින්ඩ් ...."
අබී අයිය ආපහු බනින්න පටන් ගත්ත මම පහත් වෙලා ෆයිල් එක ඇහින්ද අනේ අම්මප අදත් නැගිටපු නැගත්තනම් අන්තිමයි වගේ මම ෆයිල් එකේ කොල ටික ඇහිදගෙන එලියට එනකන්ම අබීඅ යිය මට බැන්න දැන් නම් මට ඒක ගානක් නැහැ වගේ අර කම්මලේ බල්ලට හෙන ගැහන එක ගානක් නැහැ වහේ මේ හිට්ලර්ගේ බැනුම් අහලම මට දැන් පත්තියන් වෙලා...
" මොකද බන් අරය අර උදෙන්ම පරල වෙලා ..." මම යනකොට ඇවිල්ල හිටපු රුවන් අයිය ඇහුව...
මම ඉතින් විස්තරේ කිව්ව...
" අනේ මන්ද බන් උබේ වෙලාවනම් අන්තිමයි..."
රුවන් අයිය කිය කිය හිනාවෙනව...
මමත් රුවන් අයිය එක්ක හිනා වෙවී වැඩ පටන් ගත්ත...
..........................
" සයුරු පුතේ අද ටිකක් වැඩ තියනව ඔයා උදේම ය්න්න රුවන් එක්ක බෑන්ක් එකට ගිහිල මේ චෙක් එකේ තියන සල්ලි ටික අරගෙන එනන...ම්කෝ අරකෙ වැඩ වලට සල්ලි එපැයි..."
අංකල් මාටයි රුවන් අයියටයි එන්න කියල කිව්වෙ දැන් ටිකකට කලින්
" ආ මෙන්න දරුවො චෙක් එක ..."
එහෙමයි කියල අංකල් මට ලක්ෂ 5 ක චෙක් එකක් දුන්න....
" හරි ලොකු සර්...."
අනික් වෙලාවට අංකල් කිව්වට හැමවෙලේම එහෙම කියන්න බැහැනෙ...
මම චෙක් එකත් අරගෙන එලියට ආව...දැන් රුවන් අයියටයි මටයි නිල වශයෙන්ම ෆන්ශන් එකේ කෑශ් හැඩල් කරන්න බාර දීල
" අනේ අයියෙ මටනම් බයේ බැහැ බන් මේ සල්ලි වැඩනම් පොඩ්ඩ්ක් එහා මෙහා උනොත් අපිට හොර නාමෙ.."
"ජොබ් එකක් කරද්දි රිස්ක් එකක් ගන්න ඕනි බන් බයවෙන්න එපා මමත් ඉන්නවනෙ..."
" මේ ඒක නෙවෙයි අයියෙ අබීෂ් සර් වෙනදටත් මේ කම්පැනි එකේමද වැඩිපුර ඉන්නෙ.."
"අනේ නැහැ කොල්ලො ඒකයි මටත් පුදුම මිනිහ වෙනදට මාසෙට දවස් දෙකකට වඩා එන්නෙ නැහැ ඒත් දන් හැමදාම මෙහෙ ..."
"හ්ම්ම්..... ෆන්ශන් එක නිසා වෙන්න ඇති"
මම කිව්වෙ වෙන දෙයක් කියන්න නොතිබුන නිසා මූ මාව කන්න බන් ඇවිල්ල තියෙන්නෙ කියල හිතුනත් මන් කටවහන් හිටිය...
" මූනම් ලේසියෙන් මැරෙන්නෙ නැහැ මතක් කලා විතරයි ඔන්න ඇවිල්ල..."
මම රුවන් අයියට හොරෙන් කිව්ව..
" රුවන්..."
"ඔව් සර් කියන්න ...."
" අප්පචි කිව්ව ඔයාල දැන් බෑන්ක් එකට යනව කියල යමු මාත් බෑන්ක් එකට යනව...ඔය අනික් එක්කෙනාටත් කියන්න..."
" මොකෝ බන් මූ හිතන් ඉන්නෙ මගෙ කන ඇහෙන්නෙ නැහැ කියලව දන්නෙ නැහැ තෝල්කයො ලව්ව කියවන්නෙ.."
මම රුවන් අයියට රහසින් කිව්ව....
" අනේ කටවහන් හිටහන් ඇහුනොත් ඉවරයි උබ..."
"අනේ මම ඔය හිට්ලර්ට බය උන කාලෙ ගියා බන්...."
" මොකක්ද තමුසෙ කිව්වෙ..."
අබී අයිය හිටිහැටියෙ ඇහුව ....
" මුකුත් නැහැ සර් මම රුවන් අයියට කිව්වෙ අද වහින්න වගේ කියල...."
" මොකක් වට් ද නොන්සන්ස් ‍මේක කම්පැනි එකක් හරියට කතා කරන්න ඉගෙන ගන්නව යූ ෆූල්....."
අබි අයිය කිය කිය ගියා රුවන් අයිය ඇස් ලොකු කරගෙන මගෙ දිහා බලන් ඉන්නව
මටත් පුදුමයි මන් ගැනම වෙනදට බැන්නහම ඇස් වලින් කදුලු ගලන මම අද හිනා වෙනව....
අනික මගෙ කටට අර වචන ටික කොහෙන් ආවද මන්ද
" දන් මගෙ දිහා බලන් ඉන්නෙ නැතුව අපි යමු නැත්නම් අර හිට්ලර් අපිව කයි ඩෙවල් හදන්..
" අනේ මන්ද බන් මට උබ ගැන හරි පුදුමයි කලින් හිටපු එකාමද කියලත් හිතෙන්ව...
"
"කලින් හිටපු එකාම තමයි බන් අයියෙ..
මේ අක්කට දැන් කොහොමද..."
අපි කියව කිවපහලට ආව....
අබී අයිය පහල හිටිය ඉතින් අපි දෙන්නම පිටිපස්සෙන් වාඩි උනා ඒත් මන් බලන් හිටියෙ බනීද දන්නෙ නැහැ කියල ඒත් මොකුත් කිව්වෙ නැහැ...
" රුවන් ඔයාල ගිහිල්ල චෙක් එක මාරු කරගන්න මම යනව මැනේජර්ව මීට් වෙන්න..."
අබී අයිය ගියාට පස්සෙ අපි ගිහිල්ල අපි දෙන්න ගිහිල්ල සල්ලි ටික මාරු කරගත්තා .....
" අයියෙ මේ ටික අපි එකටම ගෙනියන්නෙ නැතුව වෙන එනම ගමු නේද.."
මම කිව්වහම රුවන් අයිය ඔලුව වැනුවෙ හා කියන්න වගේ.......
අපි කාර් එක ලග ටිකක් බලන් හිටියෙ අබී අයිය එනකම් එයා අහම අපි කාර් එකට නැගල එන්න පිටත් උනා...
" රුවන් සල්ලි ටික ගත්තද... අවුලක් උනේ නැහැනෙ..."
අනේ මන්ද මොකට මගෙන් පලි ගන්නවද කියල රුවන් අයිය එක්කනම් හොදට කතාකරනව මමත් එක්ක තමයි ඔක්කොම ගෑස්
" ඔව් සර් අවුලක් උනේ නැහැ...",
රුවන් අයියට මගෙ අවුල තෙරිලද කොහෙද මට අතින් තට්ටුවක් දාන ගමන් එයා කිව්ව..
" අපේ අප්පචිට පිස්සි රුවන් මේ කොහෙවත් ඉන්න එවුන් ලොකු කරගෙන දැන් සල්ලිත් හැඩල් කරන්න්න දීල..."
මූ මේ නොකිය හින්ට් ගහන්නෙ මට ඒ කියපු කතාවටනම් මට දුක හිතුන ඇස් වලට කදුලකුත් ආව ඒත් මම ඒ කදුල එහෙමම වේලෙන්න යැව්ව...
මම අඩනෙ නැහැ ආපහුනම් මම ඒක මටම පොරොන්දු උනේ ඊයෙ රෑ මොන දේ උනත් මට පුලුවන් උපරිමයෙන් මම මගෙ දේවල් කරනව ...
දුකත් එක්කම ආපු කේන්තිය නිසා මට බනින්න හිතුනත් මට අබී අයියගෙ ඇස් දිහ බලද්දි බනින්න බැහැ ...මහ අමුතුම හැගීමක් මගෙ හිතට එනව
කේන්තියයි දුකයි නිසාම අත මිටි මොලෝගද්දි රුවන් අයියට ඒක තේරුනා එක නිසාමයි එය මගෙ අත් උඩින් අත තියාගෙන මගෙ දිහා බැලුවෙ ...
අපි ආපහු කම්පැනි එකට ආව අර නපුර ඔහේ අපිව දාල ගියා කොහෙද මන්ද අපිසල්ලි ටිකත් අරගෙ අ අතුලට ගියා...
අංකල් කැබින් එකේ හිටිය අපි ඉතින් කැබින් එකට ගියා...
" සර් මෙ අයි කමින්..."
" ආ එන්න දරුවො ඇතුලට..
මුකුත් අවුලක් උනේ නැහැ නේද ... "
අංකල් මගෙනුයි අබී අයියගෙනුඉ ඇහුව..
" නැහැ ලොකු සර් මුකුත් අවුලක් නැහැ...අපි මේ සල්ලි ලොකර් එකට දාන්නම්... ඊට කලින් සර් මේ ටික චෙක් කරනවද.."
"ඕනි නැහැ දරුවො ඔය ටික ලොකර් එකට දාමු..."
අංකල් අපින්දිහා බලන් ගමන් කිව්ව එයා අපි ගැන විශ්වාස කලා ඒක මගෙ හිත්ට ලොකු සතුටක් වගේම ලොකු ගෞරවයක් ඒ විශ්වාස කවදාවත් කඩනෙ නැහැයි කියල හිතාගෙනම මමයි රුවන් අයියයි සල්ලි ටික සේප්පුවට දැන්ම...
" සයුරු දරුවො හෝල් එක බුක් කලාට ඒකට සල්ලි බැන්දෙ නැහැනෙ ... නේද..."
" නැහැ සර්...."
" එහෙනම් ඔයාල ලන්ච් එකෙන්පස්සෙ ගිහිල්ල ඒකට සල්ලි බදින්න හරිද... මොකො ඉස්සරහට ඒක පහසුයි..."
" හරි සර්..."
"කෝ දැන් අයිය..."
" දන්නෙ නැහැ සර අපිව ඩ්‍රොප් කරල ගියා.."
"ආ හරි එහෙනම් ඔයා මෙහෙ වාහනෙන් යන්න ...."
" හරි සර්..."
"ආ මට ලොකූ කිව්ව පුතා ඊයෙ කෑම කෑව කියල හොටෙල් එකෙන් ඒව වරදක් නැහැනෙ ගෙස්ට් ලට හරිනැත්නම් කියන් මෙනු එක මාරු කරන්න කියල ..."
" නැහැ ලොකු සර් ඒක හොදයි..."
"හරි එහෙනම් දැන් ගිහිල්ල ලන්ච් එක අරගෙන එහෙමම යන්න...
ආ ඒ වගේම ඔයා ඩෙකරේශන් ගැනත් හොයල බලන්න දැරුවො රුවන් මල්ලිට කියල දෙන්න මේව හොදද..."
"හරි ලොකු සර් ..."
රුවන් අයිය කියද්දි මට හරි සතුටක් දැනුන අම්මෝ රුවන් අයිය ඉන්නවමම්.අර හිට්ලර් එක්ක වැඩ කරන්න පහසුයි..."
අපි ඉතින ආපහු සීට් වලට ගියා ...
මම ෆයිල් වල තව ටිකක් චෙක් කරල දාන්න හිතන් වාඩි උනා ලන්ච් එකට හරියටම 1.30 විතර ගියෙ..
මම බෑග් එකත් අරන් කැන්ටිමට ගියා...
රුවන් අයිය කැන්ටින් එකෙන් කන්න හදහ්හි මම පුදුම උනා..
"
මොකෝ මේ කැන්ටින් එකෙන් කන්න හදන්නෙ..."
මම ඇහුවෙ මේකට පිස්සු හැදිලද කියල හිත හිත..
" අක්කට අද හොදටම අමාරුයි කොල්ලො ඉව්වෙ නැහැ ඉතින් අද කඩෙන්..."
" අයියෙ උබේ කන් ඇහෙනව හොරය් වගේ බන් ඕක පෙන්නහන් ඉක්මනට ඩොක්ට කෙනෙක්ට..."
මම රුවන් අයුයට බනින ගමන් කිව්ව..
" ඒ මොකෝ බන් ..."
රුවන් අයිය මගෙ පැත්ට හැරෙන ගමන් ඇහුව ..
" ඇයි මන් ඊයෙ යද්දි කිව්ව නේද අද අක්කට උයන්න එපා කියන්න කියල උදේට..."
මම එහෙම කියන ගමන් බත් පර්සල් දෙකෙන් එකක් අරගෙන රුවන් අයියට දුන්න...
" අනේ කොල්ලො උබනම් හරිම පුදුම වැඩ බන් කරන්නෙ..."
රුවන් අයියගෙ කටහඩ හරිම දුක්බරයි කියල මට දැනුන...
ඇස වල මතු උන කදුලු බින්දුව ද්කිද්දි මම කල්පනා කරේ කොච්චර අහින්සක කෙනෙක්ද මේ මනුස්සයා කියල...
" අම්මො කොල්ලො ඇත්ටට බත් එක රහයි කවුද බන් ඇත්තටම උයන්නෙ..."
රුවන් අයිය කන ගමන් මගෙ පැත්ත හැරිල අහනව ..
" වෙන කවුද අයියෙ මමම තමයි ...."
" සිරාවට හරිම රහයි කොල්ලො ...උබ ඔක්කොම නවත්තල හෝටලයක් පටන් ගනින් ..."
රුවන් අයිය හිනාවෙවී මට විහිලු කරනව..
" අයියෙ මම කියන්නමයි හිටියෙ හෙට රෑට අක්ක එක්ක අපේ ගෙදර එන්නකො මට ආසයි අක්කට බත් කටක් කන්න දෙන්න ..."
මට ඕක මතක් උනේ අයිය අක්ක ප්‍රෙග්නට් කියපු වෙලාවෙමයි.. බබෙක් හම්බුවෙන්න ඉන්න කෙනෙක්ට බත් වෙලක් දෙන එක මහ පිනක්...
මම එහෙම කිව්වහම අයිය ඇස් ලොකු කරගෙන මගෙ දිහා බැලුව
" අනේ මන්ද මල්ලි උබනම් මහ පුදුම කොල්ලෙක් බන් උබ වගේ කොල්ලෙක්ව මම දැක්කමයි...."
" ආ එහෙනම් හොදට බලගනින්කො මැට්ට ..."
මම රුවන් අයියගෙ මූනට එබෙන ගමන් කිව්ව
" ..................................
ලන්ච් එකට පස්සෙ මමයි රුවන් අයියයි සල්ලි අරගෙන හොටෙල් කට ගියා සල්ලි බදින්න...
අපි ගියෙ කම්පැනි එකේ වාහනෙන් ගිහිල්ල සල්ලි බැදල ආපහු ඉක්මනට ආව... රුවන් අයිය තමයි කාර් එක අරගෙන ආවෙ...
ඇවිල්ල වාඩි උනා විතරයි සුනිල් ඇවිත් කතා කලා...
"අන්න සර්ල දෙන්නටම සර් එන්නලු..."
අනේ මන්ද එක විනාඩියක් නිකන් ඉන්න නැහැ .. මන් කන්කෙදිරි ගගා රුවන් අයිය පස්සෙන් ගියා...
" එක්ස්කියුස් මී සර් අපි එන්නද..."
" ආ රුවන් එන්න...." අබී අයිය කත කරා
මේ යකාට මන් ඉන්නඑක ගානක් නැහැ..
" අප්පචි කිව්ව ඔයාල හොටෙල් එකට ගියා කියල සල්ලි බදින්න.."
" ඔව් සර්..."
" හරි එහෙනම් දැන් තියෙන්නෙ ඩෙකරේශන් ටික තමයි...මම ඒකට එන්න කිව්ව කෙනෙක්ට එයා තමයි මේ ඩිසයිනෙක දුන්නෙ බලන්න හොදද කියල ..."
අබී අයිය මල් වලින් කරපු ඩිසයින් වගයක් පෙන්නුව..."
රුවන් අයිය ඒක බලද්දි මන් පැත්තකට වෙලා හිටිය ...
" අනික් අයටත් එක්ක තමයි කිව්වෙ මොකො අනික් අයට බුලත් දෙන්න ඕනිද
."
අනේ මන්ද මේ හිට්ලර් මාවමයි කන්න හදන්නෙ මමත් ඉතින් ඩිසයින් ටික බලන්න ගත්ත
ඒක මහ විකාරයක් වගේ ඕනවට එපාවට මල් ටික ගහල තිබ්බෙ..
" සර් මේ ඩෙකරේශන් එකට කියක් විතර යනව කිව්වද..."
රුවන් අයිය මම අහන්න හිතපු දේ ඇහුව
" වන් ලැක් විතර යන කතාවක් කිව්ව..."
අබී අයිය කිව්ව එයා කියපු විදිහට මට හිනා ගියා...
" මොකෝ තමුසෙ හිනාවෙන්නෙ...."
" තමුසෙ මොකටද හිනාවෙන්නෙ මම හිනාවෙන්න දෙයක් කිව්ව්වෙ නැහැනෙ අයිසෙ ... කියනව තමුසෙ මොකෝ හිනාවුනේ...."
අබී අයිය මගෙ ඇගට කඩන් පැන්න..
මම රුවන් අයියගෙ දිහා බැලුව එයාගෙ මූනෙ තිබ්බෙ නිකන්
අනේ උබට නිකන් ඉන්න බැහැනෙ වගේ පෙනුමක්...
" සොරි මිස්ට අබීෂ් මට හිනා ගියා නැතුව හිතල හිනාවුනේ නැහැ..."
" මම අහන්නෙ ඒක තමයි මිනිහො මම මෙතන කිව්වෙ මොනවද තමුසෙට හිනාවෙන්න....යූ ෆූල්... කියනව මොකක්ද හිනාවෙන හේතුව..."
" නැහැ සර් සර් කරන්නෙ හරියට අර මොකාද කලා වගේ වැඩක් ඒකයි මට හිනා ගියෙ..."
" අප්‍රබ්‍රංස කියවන්නෙ නැතිව කියන මගුලක් කියහන් මිනිහො..."
රුවන් අයිය හිමින් මගෙ තට්ටුවක් දැන්මෙ ඕක නවත්ටගනින් කියන වගේ ..
" මේකයි සර් අර එක කතාවක තියනව බල්ලෙක් හාමතේ වී ගොඩක් උඩ නිදාගෙන ඉන්න ගමන් කියනවලු කන්න දෙයක් නැහැ කියල සරුත් කරන්නෙ ඒ වගේ වැඩක්....."
අබී අයිය ආපහු මට බනින්න පටන් ගත්ත ඒත් මම දිගටම කියාගෙන ගියා...
" සර් අපි මේ ඉන්නෙ කම්පැනි එකෙන් තමයි ලන්කාවෙ ගොඩක් තැන්වලට වගේම පිටරටටත් මල් එක්ස්පෝට් කරන්නෙ එහෙම එකේ මොකටද සල්ලි වියදන් කරගෙන ෆ්ලවර් ඩෙකරේශන් කරන්නෙ ....අපිටම ඒක කරගන්න පුලුවන් කම තියෙද්දි ..."
මම එකදිගට කියාගෙන ගියා අබී අයියත් පරාද වෙන්න නම් ලැහැස්ති නැහැ වගේ....
" තමුසෙ කවුද අයිසෙ මට කරන්න ඕනි දේවල් කියන්න අනික තමුසෙ වගේ අද ඊයෙ ජොලියට වැඩ කරන්න ආපු එකෙක් කොහොමද මේව ගැන දන්නෙ අනික ගෙදරට වෙලා කාල බීල ඉන්න බැරිව මෙතනට ඇවිල්ල කියවනව.. නිකම...."
තව කියාගෙන ගියත් ඒ මොකුත් මට ඇහුනෙ නැහැ ..
මගෙ ඉවසීමේ සීමාව අදනම් පැන්න මට බැනපු හැමදාම මම කටවහන් හිටිය ඒත් තවත් නම් බැහැ...
" මිස්ට අබීෂ් ප්ලීස් මයින්ඩ් යුවර් ලැන්වේජ් මම මෙතන ඇවිල්ල අයිස් ගහන්නෙ නැහැ මම වැඩ කරන්නෙ අවන්කව අනික තමුන් කවුද මට නිකම කියන්න අනික මම මෙතන වැඩ කරන්න එන්නෙ නිකමට නෙවෙයි අනික ඔහේට වගේ නාස්තියට සල්ලි මට නැහැ මම ඉගෙන ගන්නෙ අමාරුවෙන් ඒක නිසයි මේ වගේ බැනුම් අහගෙන ජොබ් එකකට එන්නෙ අනික මම අංකල් වෙනුවෙන් තමයි වැඩිපුරම මේක කරන්නෙ ඒක නිසා තමුන් කතාකරන්න කලින් අනික් දවසෙ හොදට් හොයා බලනව මොකෝ මම මේක් අකරන්නෙ අවන්කව ගන්න පඩියට මම හරියන්න වැඩ කරනව ඒක නිසා අනික් දවසෙ නිකම කියන්නකලින් පොඩ්ඩක් හිතල බලනව... .."
මමත් හිතුවෙ නැති විදිහට.මගෙ කටහඩ මුලු කැබින් එක පුරාම පැතිරුනා...
රුවන් අයියගෙ ඇස් දොට්ට පනින්න වගේ...
අබී අයියත් මුලින්ම ගැස්සිලා වගේ හිටියත් පස්සෙ ආපහු නෝමල් උනා...
" තමුසෙ මොකක්ද කිව්වෙ යකෝ...උබට මම..."
අබී අයිය ආපහු මට බනින පටන් ගත්තා..
" ඔය ඇති ඕක නවත්වගන්නව අබීෂ...."
කැබින් එකේ දොර පැත්තෙන ක්ටහඩක් ඇහුන...
අපි ඒ පැත්ත බලද්දි අංකල් දොර ලග.
" ඒත් අප්පචි මුගෙ කට බලන්නකො..."
" මම කිව්වෙ කට වහගන්න කියල ලොකූ මම ඔක්කොම අහගෙන හිටියෙ ඔයාට මම එදත් කිව්ව මිනිස්සු එක්ක කතාකරන්න ඉගෙන ගන්න කියල.. අනික ඔයාට අයිතියක් නැහැ මිනිස්සුන්ට නිකම කියන්න අනික සයුරු පුතා කියපු කතාව ඇත්ත ඔයත් ටිකක් සරල විදිහට හිතන්න හැමවෙලේම ඔයාගෙ තීරනය නෙවෙයි හරිම තීරනය අනික් අය කුයන ර්කට ඇහුන්කන් දෙන්නඉගෙන ගන්න මම ආපහු ඔයාට කියන්නෙ නැහැ තේරුනාද.."
අංකල් අයියට බැන්න අයිය කේන්තියෙන් ඔලුව හොල්ල්නව...
" සයුරු පුතේ.."
" මට සමාවෙන්න ලොකු සර් ..."
" ඔයා මොකටද දරුවො සමාව ගන්නෙ ඔයා කරපු දේ හරි තමන් හරි නම් කතාකරන බය වෙන්න ඕනි නැහැ හැබයි කොල්ලො ඔයා අද මාව පුදුම කලා..."
එහෙම කියද්දිනම් මම අංකල්ගෙ මූන දිහා බයවෙලා බලුව...
" මම හිතුවෙ නැහැනෙ මේ අහින්සක කොල්ලට මෙහෙම කොටි පැටියෙක් වෙන්න පුලුවන් කියල..."
අංකල් හින්නවෙන ගමන් කිව්ව...
" ඔයා මාව හැමදාම පුදුම කරනව දරුවො.. කොල්ලො අහින්සක උනාට කමක් නැහැ හැබයි හැමවෙලේම එහෙම ඉදල වැඩක් නැහැ නේද...
දැන් හොද කොල්ල වගේ ඉතිරි ෆන්ශන් එකේ අනික් ටිකත් කරන්න මට උදව් වෙන්න ඕනි මෙතනින් එහාට ඔයා ඒ වැඩ බලාගන්න ඕනි රුවන් එක්ක අනික හෙට අපේ රට ඉන්න ක්ලයන්ස්ල ටික එනව එයාලට හොටෙල් එකක් බුක් කරන ඕනි ඒ ටික බලල කරන්න දරුවො .... ...
අබීෂ් මල්ලිට උදව් කරන්න ඕනි තේරුනාද කොච්චර ඩිග්‍ර ගැහුවත් වැඩක් නැහැ මිනිස්සු එක්ක වැඩ කරන්න බැරිනම්..."
"හරි අප්පචි ...."
" දැන් යන්න ගිහිල්ල මල්ලි එක්ක හොටෙල් එක බුක් කරල එන්න තේරුනාද..."
" ඔව් අප්පචි...."
අබී අයිය කියනවිදිහටනම් මට දුක හිතුන මම නිසා එයා බැනුම් අහනව අනේ පව්...
" සයුරු පුතේ ඔයා ඩෙකරේශන් ටික හොද විදිහක් බලල කරන්නකො...."
" හරි ලොකු සර්...."
"මම දැන යනව සමගියෙන් වැඩ කරන්න ලමයිනේ.."
එහෙම කියල ලොකු සර් ගියා...
" ඉක්මනට පහලට එනව ...."
අබී අයිය මාව අලු කරන්න වගේ බැල්මක් දාල කියාගෙන ගියා....මමයි රුවන් අයියය් ආපහු අපේ මේස වලට ආව....
" මොකද බන්..මාව කන්න වගේ බලන් ඉන්නෙ....."
" උබ අහින්සකය වගේ හිටියට උබේ කටේ සද්දෙ ගැන මම මේ කල්පනා කලේ..
හොද වැඩේ කවුරු හරි ඔය හිට්ලර්ගෙ සද්දේ අඩුකරන්නත් එපැයි..."
රුවන් අයිය හිනාවෙන ගමන් කිව්වා ...
" අයියෙ මම පහලට ගිහිල්ල අර වැඩේ ඉවර කරල එන්නම් හොදේ....
" පරිස්සමින් කොල්ලො අද සර් මල පැනලනෙ ඉන්නෙ...."
" එයාට විතරක් නෙවෙයි මටත් මල පැනල ඉන්නෙ ... අනික මම එයාට බය නැහැ බන්..."
.......................................
අපි ගියෙ නුවර තියන ලස්සනම හොටෙල් එකකට අබී අයිය අවශ්‍ය ප්‍රමානයට රූම්ස් බුක් කලා මම කලේ අවශ්‍ය කරන ගාන දෙන එක විතරයි ...
ගිහිල්ල ආපහු අපි එද්දි හවස 4.00 විතර ඇති අබී අයිය මුලු ගමන් පුරාවටම මාට් එක්ක වචනයක් වත් කතාකලේ නැහැ.... මම ආපහු ඇවිල්ල මගෙ මේසෙට ගියා මම යද්දී රුවන් අයිය කෑශ් බැලන්ස් කරනව මමත් ඉතින් එයාට උදව් වෙන්න පටන් ගත්තා අද ගිය වියදම් ඔක්කොම බලල කරලා අන්තිම සතේට වෙනකම් කෑශ් බැලන්ස් කරල දැන්ම....
පුරුදු විදිහට වැඩ ඉවර වෙලා මම එලියට ගියා ඉක්මනට ගිහිල්ල බස් එක අල්ල ගන්න රුවන් අයිය අක්කව ඩොක්ටට පෙන්නන්න ඕනි නිසා ඉක්මනට ගියා....
මම බිල්ඩින් එකෙනෙලියට බහින කොටම කාර් එකක් ඇවිල්ල නැවැත්තුවා.....
" ආ මල්ලි මන් නැතිව පාලුවෙන්ද හිටියෙ....."
අංජුගෙ හිනාවෙන් පිරුනු මූන කාර් එක ඇතුලෙන් මට පෙනුන...
" නැගපන් බන් ..."
අංජු කියනව කටහඩනම් සතුටින් පිරිල
.....
" අංජු දැන් හොදයි ද කොල්ලො ...."
" ඔව් සයූ දැන් අවුලක් නැහැ..."
අපි දෙන කියෝ කියෝ ගියා අංජු මාත් එක්ක කියවන ගමන්ම කාර් එක ඩ්‍රයිව් කලා...
" මේ සයූ අපි අද ඩිනර් එකට කොහෙ හරි යමන්කො කාලෙකින් උබ එක්ක රවුමක් ගහන්න බැරි උනා ...."
" හ්ම්ම්ම් උබේ කතාව නිකන් හරියට මාව අවුරුදු ගානකින් දැක්ක වගේනෙ උබ අසනීප වෙලා හිටියෙ දවස් දෙකයි.."
" ඒ දවස් දෙකේ මම හිටපු අමාරුව උබ දන්නෙ නැහැනෙ මට ඒක නිකන් කල්පයක් වගේ..."
අංජු කියද්දි මාව ගැස්සිලා ගියා....
" මම කිව්වෙ මට අමාරු උනා කියල...."
මම් ඇස් ලොකු කරගෙන අංජු දිහා බලද්දි එයා කිව්ව ..ඒත් මටනම් දැනුනෙ වෙන දෙයක්..
අංජු කාර් එක නැවැත්තුවෙ රෙස්ටුරන්ට් එකක් ලග අපි ඉතින් වාහනෙන් බැහැල ඇතුලට ගියා...
අපි 9.30 වෙනකම් කියව කියව කෑම කෑව
අංජුත් එක්ක කියවන්න ගිහාම ඉතින් නැවතිල්ලක් නැහැනෙ අපි කාල එලියට එද්දි 10.00 විතර ඇති ...
අපි ආවෙ රෙස්ටුරන්ට් එකේ බාර් එක පැත්තෙන්... එක පාටටම ඒක ඇතුලෙ කලබලයක් ඇහුන...
මිනිස්සු දෙන්නෙක් ගහගන්නව ....
මමයි අංජුයි ඒ පැත්ත බැලුවෙ සද්දේ වැඩි උන නිසා ඒත් මම දැක්කදේ නිසා මට ඉන්න තැනත් අමතක උනා මම ඒ පැත්තට දුවන්න පටන් ගත්තා......
මම දුවල ගිහිල්ල වැටෙන්න ගිය එක මිනිහෙක්ව අල්ල ගත්තා ...
" අබීෂ් අයියෙ ..... අබීෂ් අයියෙ ඔයා හොදින් නේද....."
මගෙ කටහඩ හොදටම වෙව්ලනව....
" ආ .... හ්ම්... කවුද ... එපා මාව අල්ලන්න....."
අබී අයිය මාව තල්ලු කරන් යන්න හදනව...
" ලොකු අයියෙ... මොකක්ද බන් මේ උබට වෙලා තියෙන්නෙ.... "
අංජු අපි ඉන්න තැනට ඇවිල්ල ඇහුව...
" එක්ස්කියුස් මී සර් මේ ඔයාගෙ කවුරු හරිද ... මේ සර් හොදටම ඩ්‍ර්න්ක්ස් ගත්තා අපි තව දෙන බැහැ කිව්වහම තමයි මේ කලබල කරන්න ගත්තේ ..."
" ඔව් මේ අපේ අයිය කරදරේට සමාවෙන අපි මෙයාව අරන් යනව..."
මම කියාගෙන ගියා ...
" හරි සර් මම හිතන්නෙ මේ සර් ආව වාහනේ අපේ පාර්ක් එකේ තියනව ඒකට මොකද කරන්නෙ..."
" හ්ම්ම් ඒක අපි හෙට ඇවිල්ල ගන්නම්... "
" ඕකේ සර් මෙන්න යතුර..."
" අංජු අපි යමු මේ යතුර ගන්න..."
මම අංජුට යතුර ගන්න කියන ගමන් අබී අයියව මගේ ඇගට බර කර ගත්තා...
අංජු සද්දේ නැතුව මම කියපුදේම කලා... එයා අයියගෙ කාර් එකේ යතුර ගත්තට පස්සෙ අපි කාර් පාර්ක් එකට ගියා...
" ඇයි ... ඇයි මට මෙහෙම කරන්නෙ ... මම පව් නැද්ද ... ඇයි මාව ඔහොම රිද්දන්නේ ...."
අබී අයිය වෙරි මරගාතෙන් කියවනව....
" අංජු ඔයා කාර් එක ගේන්න මම මෙතන ඉන්නම් ..."
අංජු හා කියන්න වගේ ඔලුව වනල වාහනේ පැත්තට ගියා...
" තමුන් කවුද .... මාව අතාරිනව...."
අබී අයිය ආපහු මගෙ දිහා බලල දගලන්න පටන් ගත්තා ...
" අයියෙ මම සයුරු මල්ලි අයියෙ මාව මතක නැද්ද මම අංජුගෙ යාලුව..."
මම කියාගෙන ගියා....
" එයා... එයාගෙ ඇස් දෙකත් ඔය වගේමයි....
එයා හරි අහින්සකයි ....
ඒත් මම මහ නපුරෙක් .... මම එයාට බැන්න .... මම මගෙ පැටියට බැන්න....මම මහ කාලකන්නියෙක්...."
අබී අයිය අපහු වෙරි මරගාතෙ කියවනව මට දැනුන විදිහට නම් මේක ආදර පලහිල්ලව්වක්...
මට ඒක හිතට ආපු වෙලාවෙ ඉදල මුලු හිතම මහා පාලුවකින් පිරිල ගියා...
" සයූ නගින්න..."
අංජු ලගටම එනකම් මම හිටියෙ මොන ලෝකෙද මන්ද..
මම අබී අයියව කාර් එකේ පිටිපස්සෙ සීට් එකෙන් දැන්ම ...
" හරි බන් යමු..."
මම කිව්වෙ කාර් එකේ පිටිපස්සෙ සීට් එකට නැගල අබී අයියගෙ ඔලුව මගෙ කකුල් දෙක උඩින් තියාගෙන....
අංජුයි මායි කතා නොකරපු තරම්... අබී අයිය එනගමනුත් වෙරි මරගාතෙ කවුද ගැන කියව්ව මන් හිතන්නෙ ගෑනු ලමය ගැන වෙන්න ඇති ... කාර් එක ඇතුල කලුවර උනත් විටින් විට පාරෙ තියන ලයිට් වලිනුත් පාරෙ යන වාහන වල එලියත් කාර් එක ඇතුල එලිය කරා...
ඒ හැම එලියකින්ම මම අබී අයියගෙ මූන දිහා බැලුව හරිම අහින්සක පෙනුමක් තමයි මූනෙ තියෙන්නෙනම්.. ඒ අහින්සක කම යට කරගෙන ලොකු දුකක් මූනෙ විටින් විට පෙනුන..
ඇස් බොදවෙනව වගේ දැනුන නිසා තමයි මම බැලුවෙ හේතුවක් නැතුව මගෙ ඇස් වලින් කදුලු කඩාගෙන හැලුන ...
නවත්තගන්න බැරි තරම් ඇස් වලින් කදුලු එකදිගට වැක්කෙරෙනව...
අබී අයිය ආපහු වෙරි මරගාතෙන් කියවනව එයාගෙ ඇස් වලින් කදුලුගලනව කියල මම දැක්කෙ පස්සෙ ඒ කදුලු දැක්ක විතරයි මට මාවම පාලනේ කරගන්න බැරි උනා .... මගේ අත අබී අයියගෙ ඔලුවට ගියෙ මම හිතන්නත් කලින් මම එයාගෙ සිනිදු කෙස් අතරින් මගෙ ඇගිලි අරගෙන ගියා...
................................................
අපි අංජුලගෙ ගෙදරට එන ටිකක අබී අයිය දෙපාරක් වමනෙ කලා එකපාරක් වමනෙ කලේ මගෙ ඇගටමයි ... ඒත් මට පොඩිම පිලිකුලක්වත් දැනුනෙ නැහැ , මම එන ගමන් පුරාවටම එයාගෙ ඔලුව අතගගා ආවෙ...
" සයූ ඔන්න මම අල්ලගත්ත උබ බැහැපන් ..."
අංජු අබී අයියව අල්ල ගන්න ගමන් කිව්ව මම ඒ අවසරෙන් එක පිම්මට කර් එකෙන් එලියට ඇවිල්ල ආපහු අබී අයියව ඇගට හෙත්තු කරගත්ත...
මමයි අංජුයි අබී අයියව අල්ලගෙන ගෙට ගියා අපි ආපු බව ඇහිල නිමාශා එලියට ආව...
අයියට ඇවිදගන්නවත් බැහැ එයා හොදටම හෙම්බත් වෙලා මමයි අංජුයි එයාව උස්සගෙන තමයි පඩිපෙල නැග්ගෙ...
අපි අබී අයියගෙ කාබරේට ගියා නිමාශා දොර ඇරල දුනන අපි ඇතුලට ගියහම එයත් ආව...
"නිමාශා ඔයා පහලට ගිහිල්ලා දෙහි ගෙඩි දෙකක් තුනක් කපාගෙ එනවද..."
මම කිව්ව ගමන් නිමාශා පහලට යන්න හැරුන...එයා එනකම් මමයි අංජුයි එකතු වෙලා අබී අයිය ඇදන් හිටපු ඇදුම් ටික ලිහිල් කලා ශර්ට් එක වමනෙයි දාඩියයි නිසා තෙත වෙලා..
නිමාශා දෙහි ගෙනාහම අංජු මගෙ දිහා බැලුවෙ මේ මොකටද අහන්න වගේ
" ඔලුවෙයි යටි පතුල් වලයි ගානන..."
මම කිව්වෙ අයියගෙ යටි පතුල් වල දෙහි ගාන ගමන්..
අබී අයිය ආපහු වමනෙ කලා..
" අංජු එන්න මට උදව් කරන්න.."
මම අයියව ආපහු උස්සගන්න හදන ගමන් කිව්ව.. අපු දෙන්නත් එක්ක අබී අයියව බාත් රූම් එකට එක්ක ගිහිල්ල බාත් ටබ් එකේ ඉන්දුව ඇදුම් ටික ගලවල එයාව හොදට නෑව්ව... ජිම් ගිහිල්ල හොදට හදගත්තු ඇග මසල්ස් වලින් පිරිල ඕනිම කෙනෙක්ගෙ හැගීම් අවුස්සන්න පුලුවන් විදිහෙ පෙනුමක් තිබ්බ අයියගෙ ඇග මම මගෙ අත් දෙකින්ම හේදුව.. අංජුට කරගන්න දෙයක් හිතාගන්න් බැරිව ඔහේ බලන් ඉන්නව...
වෙනදට කොල්ලෙක්ව දකිද්දි දැනෙන හැගීම් වලට අද මොකක්ද වෙලා හිත පුරාම සෙක්ස් ෆීලින්ග්ස් වෙනුවට මොකක්ද මන්ද කියන්න නොතේරෙන හැගීමකින් පිරිල...
නාවල එහෙම්ම මම ටවල් එකෙන් අබී අයියව පිහිදැන්ම එයානම් හිටියෙ සිහියෙන් නෙවෙයි... පිහිදාල ඉවර වෙලා අංජු ගෙනත් දීපු සරම මම අංජුගෙ උදව්වෙන් අයියට ඇන්දුව..
අබී යියව අදෙන් නිදි කරවල කොන්ඩෙට කොලොන් ටිකකුත් දාල මම ආපහු එයාගෙ කොන්ඩෙ අතගෑව... මම රෙද්දත් පොරවල් ඇදෙන් නැගිටිනකන්ම අංජු මගෙ ලග... ඇද ලගම බිම වමනෙ මම ඒකත් හොදල දැන්ම අංජු මේ හැම වෙලාවකදිම මගෙ ලගින් ඉදන් මට උදව් කලා...
" සයූ.......... "...........
අපි කාබරෙන් එලියට ගියාට පස්සෙ තමයි අංජු හරියට මාත් එක්ක කතා කලේ....
" සයූ ......"
"හ්ම්ම්ම් ...... කියහන් බන්..."
"" උබ යනවද...."
" හ්ම්.... ඔව් යන්න ඕනි...."
" දැන් යන්න එපා බන් .... ගොඩක් රෑ වෙලා දැන් ... අද ඉදල උදේම යන්න....
අම්මලත් නැහැ බන් අද ... ඉන්නව නේද...."
" හ්ම් .... "
අංජු කියපු විදිහට මට බැහැ කියන්න බැහැ... ඒක නිසාම මම හා කිව්ව.....
මම අංජු එක්ක එයාගෙ රූම් එකට ගියා කන්නාඩියෙන් මාව දැක්කහම තමයි මම මගෙ හැටි දැක්කෙ මගෙ ඇදුම වතුර වලින් තෙමිල හොදටම අනික අබී අයියගෙ වමනෙ මගෙ ඇගෙත් එක්ක .... මම ඉක්මනට බාත් රූම් එකට ගිහිල්ල නාගත්තා...
එහෙම්ම ඇදුමත් හෝදල දැන්ම නාගෙන එලියට එද්දි අංජු ඇද උඩින් මට ඇදුමක් දාල ගිහිල්ල... ලා නිල් පාට ශෝටක් එක්ක අලු පාට ස්කිනි එකක්...මම ඒකත් ඇදගෙන ආදෙන් වාඩි වෙලා තෙත කොන්ඩෙ පිහිදැන්ම...
අංජු ටිකකින් ආවෙ මග් දෙකක් අතේ තියාගෙන...
එකක් මගෙ අතට දෙන ගමන් එයත් මගෙ ලගින්ම වාඩි උනා...
" අපේ අයියට මොනව වෙලාද මන්ද සයූ .... එයා ඔහොම ඩ්‍රින්ක්ස් ගන්න කෙනෙක් නෙවෙයි බන්.."
" අයිය මොකක්හරි ප්‍රශ්නයක බන් ඉන්නෙ..."
මම කිව්වහම අංජු මගෙ දිහා බැලුව...!
" මටත් ඕක තේරුනා බන් ... ටික දවසක් ඉදල එයා හරි අමුතුයි බන් හරි ඉක්මනට කේන්ති යනව... අනික උබ දන්නවනෙ එයාට කේන්ති ගිහාම හැටි... ඒත් එයා කලින් ඔහොම නැහැ බන්..."
අංජු එකදිගටම කියාගෙන යන ගමන් මගෙ උරහිස්සට ඔලුව තියාගත්තා...
" හොද වෙලාවට අද අම්මල නැහැ අම්මයි අප්පචියි දැකකනම් ඉවරයි..."
" අංකල්ල කොහෙද ගියෙ මම තව තේ උගුරක් බොන ගමන් ඇහුව..."
" කොලබ ගිහිල්ල හෙට එයි..."
" අංජු මට උදව්වක් ඕනි බන් ...."
" මොකක්ද බන්...."
" මට උදව් කරනව නේද මට වැඩ ගොඩයි ෆන්ශන් එකේ..."
" ඕක මොකක්ද බන් අහන්න දෙයක්ද..."....................................
අපි දෙන්න තව ටිකක් වෙලා කියවල නිදාගත්තා පුරුදු පරිදිම අංජු ඉතින් දගලල දගලල මගෙ තුරුල්ලෙ ....
" සයූ ............."
" හ්ම්......"
මම නිදිමත අස්සෙන්ම කිව්වෙ....
" උබට පොඩ්ඩ්ක්වත් එපා උනේ නැද්ද බන් ......
අයිය දෙපාරක්ම උබේ ඇගේ වමනෙ කලා .. ආපහු උබ වමනෙ අස් කලත් එක්ක.....
මගෙම අයිය වෙලත් මම ජීවිතේට එයාගෙ පිටවත් අතුල්ලල නැහැ බන් ....ඒත් උබ එයාව තනියම නාවල ඇදුනුත් අන්දල නිදිත් කරෙව්ව බන්. අඩුමගානෙ අප්පචි වත් අයිය බීල අහම ඔය විදිහට කරල නැහැ බන්.. උබට නිකමටවත් ඒක වදයක් උනේ නැද්ද......"
" හ්ම්ම්.... නැහැ බන්...එයා උබේ වගේම මගෙත් අයියනෙ.... මොකටද මම ඒක වදයක් කියල හිතන්නෙ..."
මම නිදිමතේම එහෙම කිව්ව ...
අංජු මගෙන් ඇහුවෙ මම මගෙන්ම මෙච්චර වෙලා අහපු ප්‍රශ්නයක් ඒ අබී අයිය නොවුනනම් මම එහෙම කරයිද...
මට ඒ ගැන හිත හිතා ඉන්න උනේ නැහැ නිකන්ම මගෙ ඇස් පියවුනා... ඇස් පියවෙන
අන්තිම මොහොතෙ මට උනුහුම් සිනිදු ස්පර්ශයක් වම් කම්බුලට දැනුන ඒක මොකක්ද කියල බලන්න තරම් වත් මට ඇස් ඇරගන්න බැහැ .... මගෙ ඇස් පිහාටු ඒ තරමට බර වෙලා....
ලොකු හුස්මක් එක්ක මට ලොකු සැහැල්ලුවක් දැනුන ...
මහන්සිය එක්ක මම ලොකු නින්දකට වැටුන......................................................

මතුසම්බන්ධයි

සයුරු...❤️‍🔥Where stories live. Discover now