» අට වන කතාංගය «

489 165 31
                                    

"රාජ් කුමාර්? මිනී ඔබ කොහෙද? "

අධිරජු බටහිර මාළිගයේ දොරටු රාජකීය ආරක්ෂක නම් විසින් වසා දැමූ වහාම උපබිසව වෙනුවෙන් වෙන් කෙරුණ යාබද කුටියට යන්නට වූයේ ඔහු මුණගැසීමටය.නමුත් ඔහුගේ ශබ්දයකුඳු නැති විට අධිරාජ් ඔහු හඬ ගසමින් සෙවීය.

රාජ්කුමාර් මින් සිටියෙ ස්නානයෙහි පොකුණ තුළ සැරිසරමින්.ඔහුගේ නිරුවත් පිට දිගේහි කේෂකලාපය ඔහේ තෙත්ව කඩා හැලෙද්දි ඔහු දිය සමග සෙල්ලෙමෙන් ස්නානයෙහි යෙදිය.එහෙත් ඔහු සිතනා දෙයක් ඇති.

කිසිවෙකුගෙන් ඔහුගේ රහස රක්ෂිත කිරීම විනා ඔහු ලඟින් තබා ගැනීමට අධිරාජ් හට කිසිඳු හේතුවක් නැති.එහෙත් ඔහු තමන්ට ලං වන විට හෘදස්පන්දන වේගය දැඩිව වේගවත්ව ගැහෙනා අන්දම කෙසේ විස්තර කරන්නද?

"මාණික්‍ය නුඹ මෙහි.."

අධිරාජ්ගේ වචනයන්හි තිබු දැඩි ස්වරයෙන් ගැස්සී ගිය රාජ් කුමාර් ඔහු දෙස සැනින් හැරෙනා විටත් අධිරාජ්ගේ දෑස් ඔහු මත විය.

පද්මා පුෂ්පාවලම්භිත නොයෙකුත් දියහි වැඩෙන හෙල්මැලි, උපුල් කුසුමයන් ගෙන් පිරි පොකුණෙහි ඉණ වටක් ගිලී ස්නානයේ යෙදෙමින් සිටි මින් කුමරු අධිරජුගේ පරික්ෂාවට ලක් විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පද්මා පුෂ්පාවලම්භිත නොයෙකුත් දියහි වැඩෙන හෙල්මැලි, උපුල් කුසුමයන් ගෙන් පිරි පොකුණෙහි ඉණ වටක් ගිලී ස්නානයේ යෙදෙමින් සිටි මින් කුමරු අධිරජුගේ පරික්ෂාවට ලක් විය.ඔහු හැඳ සිටි දුහුල් ස්වේත ලෝගුව ඒ ඇත් දළ පැහැ සිරුරේ ඇලීමෙන් රූ වඩාත් පැහැදිලිව පෙන්වා දීමෙන් අධිරජුව සියොලග සලිත කරවීය.

"අනර්ඝ කලා කෘතියක් මා මැණික නුඹ. ඉඳින් පැමිණෙන්නද ඔබ වෙත. අවැසී දැකුමට ඔය රූ වඩාත්."

අධිරජු සිය අසිපත මෙන්න කිරුළද පොකුණාසන්නයෙ තබා සිහිල් ජලයට සෙමින් බසින්න විට මින් කුමරු ලැජ්ජාශීලිව ඒ දෙස බලා සිටියේය.

"පැමිණෙන්න මිනී.."

"අධිරාජ්.."

මින් කුමරු දෙපසට දිගු වු දෑත් අතර පපු තුරුළට දිය කපාගෙන දුව විත් තුරුළු වුයේ මොහොතින්ය. දැක දිනක් පමණක් ගෙවී ගියද ඔහු මෙතරම් සමීප වෙන්නෙ කිමැයි ඔහු නොදත් නමුත් හෘදය මූලික කොට ගෙන ඔහු කාර්ය කිරීය.

"මා මාණික්‍ය.නුඹ දුටු මුහුර්තයේ එක් දෙවඟනක් මා විලට බැසි යැයි මා රැවටී ගියා.."

ᏋᎷᏋᏒᏗᏝᎴ ᏒᏬᏰᎩ [▪︎COMPLETED▪︎]Where stories live. Discover now