Part 03

294 65 75
                                    

කසාදෙන් පස්සෙ මාස හතක් ගෙවිලා ගියේ අපි දෙන්නා තව තවත් ආදරයෙන් බැදෙද්දි..

එයයි මායි දෙන්නම රස්සාවල් වලට යනවා.. ගෙදර එනවා.. සමහර වෙලාවට මගේ අතින් වංජි වෙනුවන් වෙන්න ඕන සමහර යුතුකම් මගේ රස්සාව නිසා මඟ ඇරෙනවා.. ඒත් එයා ඒ දේවල් පුදුම විදිහට ඉවසනවා..

සමහර දවස් තියෙනවා එයා ගෙදර එනකොට මං ගෙදරින් යන, මං ආයෙත් ගෙදරට එන්නෙ එයා වැඩට යන්න ලෑස්ති වෙනකොට.. තවත් දවස් තියෙනවා මට එයාට කෑම ටිකවත් වෙලාවට හදලා තියන්න බැරි වෙන..

එයා මේ දේවල් වලට මුකුත්ම කියන්නෙ නෑ.. මං මගෙන් වෙන අතපසුවීම් වලට සමාව ඉල්ලනකොට එයා හරිම ආදරණීය විදිහට මගේ ඔලුව අතගාලා නලලට කිස් එකක් දෙන්නේ..

"ඔයා ගොඩක් මහන්සි වෙනවා වස්තුව.. මේ පොඩි පොඩි දේවල් ගැන එච්චර හිතන්න එපා.."

කියලා.. මට කොහොම වැඩ වැටුනත් එයා තමයි හැමවෙලේම මාව හොස්පිට්ල් එකට ගිහින් දාන්නෙත්, ආයෙ අරගෙන එන්නෙත්.. මට උයලා තියන්න බැරි දවසට ගෙදර ඔක්කොම වැඩයි එයාගෙ වැඩයි කරලා උයලත් තියනවා..

මං දන්නවා මට තමයි මේ ලෝකේ ඉන්න හොදම සැමියා.. හොදම පාට්නර්.. හොදම පෙම්වතා.. හොදම යාලුවා.. හොදම ඩැඩී.. ලැබිලා තියෙන්නෙ..

ඉතිං අපේ කාර්යබහුලත්වයත් එක්ක..

හැමදාම කියන්නෙ හැමදාම

කියන දේ කරන්න බැරි වුනාට, අපි දෙන්නා ඒක..

ඉඩ ලැබෙන ඕනම වෙලාවක

විදිහට වෙනස් කරගත්තා..

මේ දවස්වල හොස්පිට්ල් එකේ ගොඩක් වැඩ වැඩී.. ඇත්තටම work load එක ගොඩක් වැඩී.. එකක් ඉවර වෙන්න එකක්.. දවසකට සැත්කම් දෙකක් වැටෙන එක වැරදෙන්නෙ නෑ..

මේ නිසාම මට ඔලුවෙ කැක්කුමක් වගේම කැරකිල්ලකුත් හැදුනා.. වැඩ නිසා මට හරියට කෑමක්වත් බඩට වැටුනේ නෑ.. අද උදේ කැරකිල්ල හැදිලා වැටෙන්න යද්දි වංජි මාව අල්ලගත්තා.. එයා ලග හිටිය හින්දා හොදයි නැත්තං මං පඩිපෙල දිගේ රෝල් වෙලා ගිහින් තමයි නතර වෙන්නේ..

මගේ වංජි පොඩ්ඩක්වත් කේන්ති ගන්න කෙනෙක් නෙමෙයි. සමහර වෙලාවට මට පුදුමයි කොහොමද මෙයා ඔෆිසර් කෙනෙක් වුනේ කියලත්. ඒත් මං අද එයාගෙ කේන්තිය දැක්කා. වැඩ නිසා කන්න බැරි වුනා කිව්වම තරහෙන් පුපුර පුපුර මට කෑම කැව්වා.. ඊට පස්සෙ කිව්වෙ දවස් දෙක තුනක් ගෙදර නවතින්න කියලා..

Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now