මගේ බංඩිය හෙමින් හෙමින් ලොකු වෙද්දි වංජිට මං දෙන වද ප්‍රමාණයත් ටිකෙන් ටික වැඩි වුනා..
මගේ හැගීම් හරි ඉක්මනට වෙනස් වුනා.. වෙලාවකට හරියට තරහ යනවා. පොඩ්ඩ ඇත්තං හිත රිද්දගන්නවා.. නැත්තං රටේ නැති බහුබූතයක් ගැන හිතලා අඩන්න පටන් ගන්නවා. තව වෙලාවකට වංජි ලග පුංචි දරුවෙක්ට වඩා අන්ත විදිහට හුරතල් වෙනවා..
අනේ මගේ අසරණ වංජි මගේ මේ හැම ස්වරූපයක්ම දරාගෙන ඉන්නවා.. වෙන මනුස්සයෙක් නං දැනටමත් දමලා ගහලා ගිහින්..
මං දන්නව මම ඩොක්ට කෙනෙක්.. මේ කාලෙට හෝමෝන් වල ඇති වෙන වෙනස්කම් නිසා අපේ ඉමෝෂන් වෙනස් වෙනවා. ඒත් ඉතිං මේ දේවල් මටත් පොදුයි..
"වංජී..."
"ම්..."
"වංජි..."
"ඇයි වස්තුව.."
එයා කර කර හිටිය වැඩෙත් නවත්තලා ඔලුව උස්සලා බැලුවා.
"එන්නකෝ.."
මං මූණ හදාගෙන කතා කරන කොට එයා මගේ ලගට ඇවිත් හාන්සි වුනේ මං එයාගෙ පපුවට තුරුලු වෙද්දි.. මං හරි ආසයි මගේ වංජිගෙ පපුවට තුරුල් වෙලා ඉන්න.. පැටියා බඩට ආව දවසෙ ඉදං ඒ ආසාව දෙගුණ තෙගුණ වෙලා තියෙන්නෙ..
"වංජියෝ.."
"ම්.. කියන්න වස්තුව.."
"මට ප්ලම් කේක් ඕනේ.."
වංජිගේ පපුවේ ඇගිල්ලකින් රටා අදින ගමන් කිව්වා..
"ම්.. ඉන්න ෆ්‍රිජ් එකේ තිබ්බා මං අරං එන්නං.."
"ම්හ්ක්.. ඒවා එපා.."
"එහෙනං මොනවද ඕනේ.."
"ඒවා පරණයි. අලුත් ඒවා ඕනේ.."
"අනේ බබී ඒවා මං ඊයෙනෙ ගෙනාවේ.. කොහොමද අද වෙනකොට පරණ වෙන්නේ.."
"ඔයා මට ආදරේ නැද්ද වංජි.."
මං ඇස් වලට කදුළු පුරවගෙන අහනකොට..
"අනේ මගේ වස්තුව මොනවද මේ කියන්නෙ.."
"ඒ.. ඒකනේ ම.. මට පරණ කෑම කවන්න හදන්නෙ.."
"අනේ ළමයෝ.. ඉන්නකෝ.. මං ඔයාට මේ දැන්ම ගිහින් අරං එන්නම්කෝ.. හරිද.. කෝ දැන් නාඩා ඉන්න.."
YOU ARE READING
Beautiful Life ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ
Fanfiction"මම මැරෙන කල් ඔයාව සතුටින් තියනවා වස්තුව..." අපි ආදරේ කරන අය ජීවත් වුනත් මැරුණත් හැමදාම අපේ හදවතේ ඉදීවි...