🏆.. දහවෙනි දිගහැරුම ...

2.3K 490 354
                                    

🌟🌟 The Glory Of a Star 🌟🌟 ......

...... එතකොට මාවත් විශේෂයිද......මම බීපු බෝතලෙන්ම බිව්වේ....... නෑ......නෑ...... එයාට තිබහා වැඩිවෙන්න ඇති...... ලඟම හිටියෙ මම නිසා මගේ බෝතලේ.......ඒත් ස්ටූඩියෝ එකේ අය පවා කතාවෙනවනේ Xiao zhan කවුරුවත් එක්ක කෑමක් වත් ශෙයා කරගන්නෙ නෑ කියලා ....එයාට මාව විශේ...........ච්හ්....... නෑ........කොහෙත්ම නෑ මට පිස්සු.........

.. යීබෝ අතකින් ඔහුගේ කම්මුල් දෙකටම ගසා ගත්තේ මෙතන බින් සිටින බවත් අමතකව ගොස් ය.....

" මොකද යකෝ ......මූණට ගහගන්නෙ...."

බින් පුදුමයෙන් අසද්දී තමන් සිදුකල දෑ යීබෝ ට මීටර් විය ....

" අ.......ආ.... ඒක මේ ඩාන්සින් එක්සයිස් එකක්........."

**

යීබෝ  ගනනකට නැතුව මෙන් කියද්දී බින් අමුතු බැල්මකින් යීබෝ  දෙස බැලුවේය .... යීබෝ  ඒ බැල්ම මඟ අරින්නට අහක බලාගත්තත් ඊලඟට ඔහුට බින්ගේ ටකරං වොයිස් එක ඇහෙන්නට පටන්ගත්තේය .....

" අර මං එදා උඹට කිව්වෙ......මාව භූතයෙකුට හරි ගනිං කියලා .........එපා බං  .......එපා.......ජීවිතේට එපා......... ඩාන්සින් එක්ක මොලේ අඤ්ඤ කොරොස් වෙනවා කියලා අද මම දැන ගත්තා ........"

බින් යීබෝගේ ඇද මතින් නැඟිටිමින් කීවේය ... යීබෝ  තවත් වචනයක් හෝ නොකියා ඇදෙන් හාන්සිවිය....

" යකෝ ඒවා උගෙ අප්පගෙ එක්සයිස් නේ........ අතෙන් කම්මුලට ගගහා.... ......................"

තවමත් බින් කුටු කුටු ගගා බනිද්දි යීබෝ  දෑස් පියාගත්තේය ....

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

තවත් උදෑසනක්..... සුපුරුදු පරිද්දෙන් යිබෝ ඇදෙන් බැස බැල්කනියට ගියේය ... පෙරදින හදවතට දැනුනු තිගැස්ම තවමත් ඒ ලෙසින්මය ....

එයා මගෙ වතුර බෝතලෙන් වතුර බිව්වා....... එයා මගේ දිහා බලන්නෙත් හරි අමුතු විදිහට.... ඇයි මට හිතෙන්නෙ එතන වෙනසක් තියනවා කියලා... නෑ නෑ නෑ.......... ඒක කොහොමත් වෙන්න බෑ..........මේ මගේ සිතුවිලි විතරයි..... අනේ මන්දා.......මෙහෙම ගියොත් මට මොකක් හරි ලෙඩක් හැදෙනවා...... දැන් දැන් උදේට එයාගෙ ෆොටෝ එක දකින්නේ නැතුව මට ඉන්නම බෑ....... අනික ඇයි මගෙ හිත ඒවා දකිනකොට මේතරම් ගැස්සෙන්නෙ කියලා මම දන්නවා........... ඒත්............ඒත් නොදන්නව වගේ ඉන්නවා............. මොකද මට මගේ ජොබ් එක වටිනවා..

🌟 🌟  The Glory Of a Star 🌟🌟  zhanyi fan fiction ( Complete  )Where stories live. Discover now