𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 𝟶𝟻

705 204 49
                                    

" ඇයි ඔබ එලෙස කෑ ගැහුවේ ? "

තේහියොන් කුමරු විමසුවේ අත් දෙක පපුවට කරලා බැද ගෙන අහක බලන් ඇවිදන් යන, තරහින් පුපුරන්න ඔන්න මෙන්න ඉන්න ඔහුගේ හොදම මිතුරා උන ජිමින්ගෙන්..තේහියොන් කුමරු විමසුව පැනයට ප්‍රතිචාරයක් විදිහට නොරිස්සුම් හඬක් පිට කල ජිමින් පුංචි කුමරු වත් පහු කරගෙන වේගයෙන් කඩපිල් පිහිටි වීදිය දිගේ ඉදිරියට ඇවිදගෙන ගියා..හුස්මක් පහතට හෙලුව පුංචි කුමරුත් ජිමින් ගේ පිටුපසින් හිමින් හිමින් ගමන් කලේ ඔහුට ජිමින් යන වේගයට ඇවිදින්න අපහසු උන නිසයි..

" නවතින්න ජිමිනී ! "

තේහියොන් බර අඩිතියමින් ජිමින් ගේ පසුපසින් ගිහින් ඔහුගේ අතින් අල්ලගෙන ඔහුව නැවැත්තුවාම ජිමින් පුංචි කුමරු ගේ අත ගසලා දැම්මා..

" ඔය තරම් කෝප ගන්න දෙයක් මං කලේ නෑ..අනික් එක ඔබ කලේ  වැරැද්දක් වැඩිහිටි අයට ඓහම නරක විදියට කතා කරන්න හොද නෑ ජිමිනී.."

සන්සුන් ලෙසින් පැවසුව පුංචි කුමරු හුස්මක් පහතට දාලා ජිමින්ව පසු කරගෙන ඉදිරියට ඇවිදගෙන යද්දි පුංචි කුමරු කිව්ව කතාව ඇත්තක් කියලා තේරුම් ගත්ත ජිමින් තමන්ගෙන් ගොඩක් දුරට ගිහින් ඉන්න පුංචි කුමරුගේ පස්සෙන් දුවගෙන ගියා..

" මෑණියනි ! "

නිවසට පැමිණි පුංචි කුමරු මුළුතැන්ගෙයි සිට එලියට ඇවිදගෙන එන කිම් ආර්යාව හා ජියොන් ආර්යාව දුටු විගස එලෙසින් කෑ ගසද්දි ඔහු පිටුපසින් පැමිණි ජිමින් තේහියොන් කුමරුගේ අතේ එල්ලුනාම පුංචි කුමරු ගැස්සිලා ගියා..

" මට සමාවෙන්න ~ "

ජිමින් දුකින් මිමිණුවාම තේහියොන් කුමරු තොල් පෙති නොපිටට පෙරලගත්තා..

" හුම් ~ හරි.."

තේහියොන් කුමරු ඕනවට එපාවට මෙන් පවසද්දි පුංචි දරුවෙක් වගේ හිනා උන ජිමින් කුමරුගේ අතින් ඇදගෙනම නිවස ඇතුලට ඇවිදගෙන ගියේ  මුළුතැන්ගෙය පැත්තෙන් එන රස නහර පිනවන කෑම සුවඳට ඇදීලා යනවා වගේ හැගීමක් ඔහුට දැනුන නිසයි..

•             •              •              •

" ඔබ දැන් කොහිද යන්නේ ජන්කුක් ? "

𝗪𝗵𝗶𝘁𝗲 𝗥𝗼𝘀𝗲 || ⓉⓀ ||Where stories live. Discover now