🖤 1 🖤

492 68 17
                                    

" යා... කුකී...මේ කෑම කාලා යනවා."

" වෙලා නෑ ...මං යනෝ...."

ජන්කුක් , එයා තාම collage යන කොල්ලෙක්.. ඉන්නේ එයාගෙ එකම හියුන් උන ජින් හියුන් එක්ක. එයාලගෙ ඔම්මා අප්පා දෙන්නම ඉන්නේ USA වල... Seoul වල තියන school එකක තමයි එයා ඉගෙන ගන්නේ... school එකේම ගනන් කාරයා උන කොල්ලා ජින් හියුන් ඉස්සරහා මී පැටියෙක් වගේ... හැබැයි ඉතින් ජන්කුක් නිසා ජින්ට නිතරම school එකට යන්න උනේ ජන්කුක්ගෙන් පැණි බේරෙන්න ගුටි කාපු ලමයි දෙමව්පියෝ එක්ක ඇවිත් යුද්ධ ප්‍රකාශ කරන්න ගන්න නිසා...

ජින් වැඩ කරන්නේ Seoul වල තියන ලොකුම fashion design company එකක... ඒකෙ CEO තමයි නම්ජූන් .... නම්ජූන්ගේ boyfriend ජින්...දෙන්නා හම්බුනේ University යන කාලෙදි... ජූන් පොඩි කාලේ ඉදන්ම හිටියේ Busan වල එයාගෙ අප්පා මල්ලී එක්ක...
..
..
..

ජන්කුක්ට උදෙන්ම නැගිටින එක කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්... ඒක දන්න නිසාම ජින් හැමදාම උදෙන්ම කුකුළා කරේ තියාගෙන කාමරේට පනිනවා... කොච්චර වදේ ගැහුවත් කොල්ලා නැගිටින්නෙ එයාට ඕනි වෙලාවට... අදත් ඒ වගේ දවසක්... පරක්කු වෙලා නැගිටලා සට පට ගාල ලෑස්ති වෙලා දුවන එක තමයි එයා හැමදාම කරන්නේ...ඉඩක් ලැබුනොත් ජින් හියුන් හදන කෑම අත් දෙකෙන්ම අරගෙන කටෙත් පුරවගෙන බැනුමුත් අහල තමයි එලියට යන්නේ... ඒත් අද ඒකට වත් වෙලාව තිබුණේ නෑ...

කුකී..වෙනදා වගේම දුවගෙන ගියේ දුකට සැපට කෑමට එකට ඉන්න පාප මිත්‍රයෝ ටික එයා එනකන් bus halt එකට වෙලා බලාගෙන ඉන්න නිසා... කොල්ලා bus halt එකට එද්දි ඈත තියල අත වනන්න ගත්තෙ සෙට් එකේ කොතන ගියත් පොඩි එකා වෙන්න හදන දඟ මල්ල ටේහියුන්... ඊට එහා පැත්තෙන් halt එකේ කණුවක් බදාගෙන එකසිය ගාණට හිටගෙන නිදි කිර කිර හිටියේ සෙට් එකේ තග් ලයිප් එකක් ගත කරන, වලි වලට සැමට පෙර ඉදිරියට යන යුන්ගි.. හැබැයි හැමෝම කියන්නේ සුගා කියලා.. දවසෙන් වැඩි කාලයක් එයා ඉන්නේ ඇස් පියාගෙන අර කණුව බදාගෙන කරපු එකම තමයි....

ජන්කුක් bunny හිනාව දාගෙන ඉස්සරහට එද්දි කොල්ල දෙකට නැමුනේ පිටි පස්සෙන් කෙනෙක් ඇවිත් කරට පැනපු පාරට...

" ආහ්.... මොකද අෂ්පයෝ වෙලා තියෙන්නේ... අම්මෝ ....මට ෂුවර් කොන්දෙ ඇට දෙක තුනකට හරි වගේ "

 Breathless First  Love  || JIKOOK   [ Completed]✔️Where stories live. Discover now