"නෑ.............!!!!!!!!!"
වේගෙන් බිත්තියේ වැදුන සේහිගෙ ෆෝන් එක කෑලි කෑලි වලට කැඩෙනවත් එක්කම මිටමෙලවුන අතක් ඉස්සෙනවා දැකපු සේහි බයෙන්ම ඇස් පියාගත්තා.
ඒත් කන ලගින්ම ඇහුන සද්දෙට වැහුවටත් වඩා වේගෙන් ඇස් පියන් ඇරපු සේහි දැක්කෙ බිත්තියේ සටහන් වෙලා තියෙන ලේ පාරක්.
ඔව්! ඒ ටේහ්‍යුන්ගෙ අත.. තාමත් මිටමෙලවිලා තියෙන අතේ නකල්ස් තුවාල වෙලා ලේ ගලන්න පටන් අරන් තිබුනෙ වේගවත් පහරක් බිත්තියේ ගහපු එකේ ප්‍රතිඵලයක් විදියට. ලේ වලින් බාගෙට වැහුනු ටේහ්‍යුන්ගෙ ඇග දිහා සේහි අතින් කටවහගෙන බයෙන් ගැහෙමින් බලාගෙන හිටියා.
ඒ ඇස් බලන්න බැරි තරම් රතු පාට වෙලා. සේහිට නෙවෙයි දකින ඕනිම කෙනෙක්ට මර බියක් ඇති කරවන්න සමත් ඒ ඇස් යොමු වෙලා තිබුනෙ බිදිලා ගිය ෆෝන් එක දිහාවට.
තප්පර කීපයකට කලින් ටේහ්‍යුන්ගෙන් පිටවුන ගෙරවුම තාමත් සේහිගෙ කන් වල දෝංකාර දෙනවා වගේ. ඒ තරම් ගැඹුරුයි ඒ හඬ..
"මරනවා.. තොපි ඔක්කොම මරනවා යකෝ!!!!! තොපි හිතුවද මේ වීඩියෝ කෑල්ලක් දැකලා මගෙ සින්ඩරෙල්ලා ගැන මගෙ හිතේ තියෙන ආදරේ නැති වෙයි කියල.... මොනාද හිතුවේ?? මොනාද තොපි වගේ උන් ආදරේ ගැන දන්නෙ!! කෝ අර පාහරයා.. එන්න කියපන් කොන්ද පන තියෙන පිරිමියෙක් වගේ කෙලින් ඉස්සරහට!! පනපිටින් හමගහලා මාලුන්ට කන්න දානවා දැනගන්.."
ටේහ්‍යුන් වියරුවෙන්! ඒ ඇස් ඇතුලෙන් පවා රතු ලේ නහර පෑදිලා..
ඔව්! සේහි ටේහ්‍යුන්ට පෙන්නුවේ ජන්කුක් බෝගම් එකට ඉන්න වීඩියෝ එකක්.. ජන්කුක්ගෙ වත් බෝගම්ගෙ වත් මූන නොපෙනුන ඒ වීඩියෝ එක අරන් තිබුනෙ බෝගම්ට පිටිපස්සෙන්.. ජන්කුක්ගෙ කකුල් තිබුනෙ බෝගම්ගෙ උරහිස් වල..
ඒත්,
සේහිවත් බෝගම්වත් බලාපොරොත්තු උනා වගේ ටේහ්‍යුන් ඒකෙන් ජන්කුක්ට වෛර කරන්න ගත්තෙ නෑ. ඒත් ඊටත් වඩා එයා හැමෝම ගැන කේන්ති ගත්තා.
සේහිව බයෙන් වෙව්ලන්න ගත්තේ ටේහ්‍යුන්ගෙ මේ කවදාවත් බලාපොරොත්තු නොවුන පෞරුෂය නිසා!
"ඒත්..ඒත්.. ටේ.. ජ්..ජන්කුක් සර්.. මගෙ.. ඔප්පා. එක්ක..~"
YOU ARE READING
𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊
Fanfiction[English] [𝐂𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞] 𝐈 𝐝𝐨𝐧'𝐭 𝐰𝐚𝐧𝐭 𝐚 𝐩𝐥𝐚𝐲𝐛𝐨𝐲 𝐣𝐮𝐬𝐭 𝐰𝐚𝐧𝐧𝐚 𝐩𝐥𝐚𝐲 𝐰𝐢𝐭𝐡 𝐦𝐲 𝐁𝐎𝐘𝐓𝐎𝐘 #𝐓𝐨𝐩 𝐓𝐚𝐞 #𝐏𝐨𝐰𝐞𝐫 𝐛𝐨𝐭𝐭𝐨𝐦 𝐤𝐨𝐨𝐤 (𝐓𝐡𝐢𝐬 𝐜𝐨𝐧𝐭𝐞𝐧𝐭 𝐢𝐬 𝐛𝐚𝐬𝐞𝐝 𝐨𝐧 𝐡𝐨𝐦𝐨𝐬𝐞𝐱𝐮𝐚𝐥𝐢𝐭𝐲 𝐚...