chapter 28

2K 388 206
                                    

"තමුන්ට පුලුවන් යන්න.. මට අල්ලගන්න බැරි තරම් වේගෙන් දුවන්න... මෙන්න යතුර.. වාහනේ තියෙනවා එලියෙ!!!"

සේහිගෙ ජන්කුක්ගෙ බෝගම්ගෙ විතරක් නෙවෙයි ටේහ්‍යුන්ගෙ වටේ හිටිය අනිත් හැමකෙනෙක්ගෙම ඇස් පුදුමෙන් ලොකු වෙලා ගියේ ටේහ්‍යුන්ගෙ ඒ වචන නිසා.

ජන්කුක් සේහි නොදැක්කත් අනිත් හැමෝම ටේහ්‍යුන් ටිකකට කලින් බෝගම්ට සලකපු විදිය දැක්කා. එහෙව් එකේ දැන් ටේහ්‍යුන් ඇයි මෙහෙම හැසිරෙන්නෙ! හැමෝටම ඒක ප්‍රශ්නයක්...

මොන දේ උනත් ටේහ්‍යුන්ගෙ අන්තිම වචන ටික නිසා සේහිගෙ කඳුලු පිරුනු ඇස් දෙක දිලිසෙනවා.

තප්පර කීපයක් පුදුමෙන් ඉන්න නාස්ති කරපු බෝගම් ලිහිල් උන ලණු පොට ඇගෙන් අයින් කරගන්න උත්සාහ කරන අතරෙ බෝගම් ලගට දුවලා ගිය සේහි තමන්ගෙ අයියව ඇගට වාරු කරගෙන නැගිටින්න උදව් කලා.

ඒ ඇග පුරාම තැලුම් පාරවල්. නහයෙන් කටින් ලේ ගිහින්... තුවාල උන නලෙලෙන් බේරුන ලේ කම්මුලක් දිගේ පහලට ගලලා.

"තමුන්ගෙ අයියට විතරයි මං යන්න අවසර දුන්නෙ" ගැඹුරු හඩකින් එහෙම පිටවෙනවත් එක්කම සේහි හිටි තැන නැවතුනේ ආයෙමත් පුදුමෙන්.

ඒ ඇස් ටේහ්‍යුන් දිහාවට හැරුනෙ අසරණව. ඒත් ටේහ්‍යුන්ගෙ මූනෙ තිබුන සමච්චලය මුහු උන හිනාව තවත් වැඩි උනා මිසක් ඒ මූනෙ වෙන හැගීමක සේයාවක් වත් ඇඳුනෙ නෑ.

"ට්..ටේ!" සේහි කතා කලා.. ඇඩෙන්න ආසන්න ඇස් නිසා ඒ කඩහඩ වෙව්ලන්න අරන්!

ටේහ්‍යුන් ඇස් වලින් යමක් ඉඟිකරනවත් එක්කම එතන වටේ හිටිය කෙනෙක් ඇවිත් සේහිව බෝගම්ගෙන් අයින් කලා. ශක්තිමත් අත් දෙකක් අස්සට හිරවුන සේහිගෙ ඇස් වලින් කඳුලු වැටෙන්න ගද්දි බෝගම් තමන්ගෙ එකම නංගි දිහා අසරණව බලන් හිටියත්... මොනා කරන්න ද!

"මගෙ අදහස ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්..." ටේහ්‍යුන් කතා කලේ කිසිම කෙනෙක් දිහා නොබලා..

ටිකකට කලින් ලණුව කපන්න පාවිච්චි කරපු පුන්චි පිහිතලේ දිගේ ඇගිලි උඩ පහල යවමින් පිහිය වෙතට ඇස් හරවන් ඉන්න ටේහ්‍යුන්ගෙ දර්ශනේ ඇග හිරිවට්ටන සුලු දර්ශනයක්...

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now