II - 05

1.9K 115 2
                                    

#Mr_and_Mrs_අතිපණ්ඩිත_05
[Mr.අතිපණ්ඩිත දෙවන දිගහැරුම]

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

"මහන්සි ඇතිනේ දෝණි…රූම් එකට ගිහින් වොශ් එකක් එහෙම දාන් පොඩ්ඩක් රෙස්ට් කරන්න…"

කෙනාර්ගෙ අම්මා එහෙම කීවෙ ආදරෙන් මගෙ ඔලුව අතගාලා. ඇත්තටම එයාව මට දැනුනේ මගෙ පුංචිව දැනෙනවා වගේ ළගින්.

"පුතා දැන් ඕක පැත්තකින් තියලා දෝණිව රූම් එකට එක්කන් යන්න."

කෙනාර් අම්මට බයද කොහෙද. කීව පමාවට ෆෝන් එක ඔබ ඔබා හිටපු එයා නැගිට්ටා.

♥️©𝒜 𝓇 𝑜 𝒽 𝒾   𝒴 𝒶 𝓈 𝒽 𝓌 𝒾 𝓇 𝒶   𝑅 𝒶 𝓉 𝒽 𝓃 𝒶 𝓎 𝒶 𝓀 𝒶

ස්ටිකර් & ඉමොජි දාන්න එපා ගායිස්... දැනට 14 දෙනෙක් බ්ලොක් වෙලා ඉන්නේ දාලා.
....

මම කෙනාර් දිහා බලලා කට කොණකින් හිනාවක් දැම්මේ අම්මා එතනින් නැගිටලා යද්දි.

"මොකද තමුසේ මෙච්චරවෙලා අඬ අඬා ඉඳලා දැන් විරිත්තන්නේ?"

ලිවින්ග් එකේ පැත්තක තිබ්බ මගෙ එක ට්‍රැවලින් බෑග් එකක් උස්සලා ගන්න ගමන් කෙනාර් අහන්නේ හීනි රැවුමක් දාලා.

"ඔයා අම්මට බයයි නේද?"

මම නැගිටින ගමන් එහෙම ඇහුවේ කට කොණකින් ආයෙම හිනාවෙන ගමන්. කෙනාර් මොකුත් කියන්නැතුව යන්තම් ඔලුව දෙපැත්තට කරලා බෑග් එකත් අරන් මට එන්න කීවෙ.

"බොරුනේ. පණ්ඩිතකමට හිටියට අම්මට බයයි තමා."

"පණ්ඩිතකම? තමුසෙ තරම් පණ්ඩිත ගොන් අලයක් නම් කොහෙවත් නෑ."

කෙනාර් කියන්නේ මං රවද්දි.

"කතාව වෙනස් කරන්න එපා."

මං කීවෙ කෙනාර් පස්සෙන් පඩිපෙල නගින ගමන්.

"බයයි ආදරෙයි කියන්නේ දෙකක්...ඒවා තේරුම් ගන්න තමුසෙ තාම පොඩි වැඩියි."

මේ කෙනාර්නම්. හැමතිස්සෙම මාව නෝන්ඩි කරන්නේ මාව දෙකේ පන්තියෙ විතර පොඩි ළමයෙක් ගාණට දාලා..මං බුම්මන් පඩිපෙල නැග්ගේ.

"මොනවද මේකෙ තියෙන්නෙ. මෙච්චර බර තමුසෙ ගල්වත් දාන් ආවද?"

කෙනාර් කියන්නේ අමාරුවෙන් ඒක උස්සන් යන ගමන්.

Mr & Mrs අතිපණ්ඩිත Where stories live. Discover now