II - 69

592 87 6
                                    

#Mr_and_Mrs_අතිපණ්ඩිත_69

යෙනුන් මම වෙනම ඇනෙක්ස් එකකට යනවා කීව එකට අන්තිමට එකඟ වුණත් ඩිනර් අරන් ගෙදරට එනකල්ම වචනයක්වත් කතාකරේ නෑ. වෙනදට මට එපාවෙනකල් කියවන එක්කෙනා අද සයිලන්ට්.

"මොකද?"

ගෙදරට ඇවිත් බැහැලා හෙල්මට් එක දෙද්දි මම ඇහුවෙ.

"ඇයි?"

යෙනුන් අහන්නේ ගහන්න වගේ. මාත් එයාගෙ ටෝන් එකෙන්ම මොකුත් නෑ කියාගෙන ගෙට ගියා. ඊට පහුවදා මම ඔෆිස් ගියා. ඔෆිස් ඇරිලා හවස කෙලින්ම මම ගියේ අම්මලගෙ ගෙදර. මම ෆර්ස්ට් සැලරි එකෙන් ගත්ත තෑගි දෙන්න ඕනේ. යන්න කලින් මම යෙනුන්ට කෝල් කරලා කිව්වා. අම්මලගෙ ගෙදර යනවා කියලා.

"දෝණි? ඇයි මේ තනියම?"

ගෙට ගොඩවෙද්දිම අම්මා අහද්දි මගෙ මූණ ටිකක් අවුල් යන්න ඇති.

"ඇයි අනේ මට තනියම කොහෙවත් යන්න එන්න හොඳනැද්ද?"

මම එහෙම කියාගෙන ගෙට ගොඩවුණේ.

"නෑ ඉතින් කෙනාර් පුතා නැති නිසා බැලුවෙ ළමයෝ."

අම්මා එහෙම කියන ගමන් අප්පච්චිට කරා. පපුවනම් ටිකක් වේගෙන් ගැහෙනවා මගේ. හොර වැඩක් කරනවා වගේ.

"මයිලෝ එකක් හදන්නද කූල් මොනවහරි බොනවද?"

අප්පච්චි ලිවින්ග් එකට එද්දිම අම්මා ඇහුවේ මගෙන්.

"කූල්."

මම එහෙම කියාගෙන හෑන්ඩ් බෑග් එකත් සෝපා එකෙන් දාලා වාඩිවුණේ.

"මහත්තයට තේ එකක් හදන්නද?"

අප්පච්චි හ්ම් කියාගෙන ඇවිත් වාඩිවුණේ මගෙ ඉස්සරහින්.

"කෝ කෙනාර් පුතා?"

අප්පච්චි අහද්දි මට කෙළ පිඬකුත් ගිලුණා.

"ඔ..ෆිස් එකේ.."

"දෙන්නත් එක්කම නිදහස් වෙලාවක් බලලා එන්න එපැයි. ගොඩ දවසකින් ආවෙ නෑ මේ පැත්තේ."

අප්පච්චි කියද්දි මම යන්තම් හිනාවෙලා බිම බලාගත්තා.

"කෙනාර් පුතාගෙ අම්මා තාම ඕසී වල නේද?"

"ඔව් අප්පච්චි. අක්කයි ලොකු අම්මයි දෙන්නම අසනීපෙන් තාම."

"ලෙඩ්ඩු දෙන්නෙක් බලාගන්න පුළුවන්ද? මෙයත් අසනීපෙන්නෙ ඉන්නෙ?"

Mr & Mrs අතිපණ්ඩිත Kde žijí příběhy. Začni objevovat