23 කොටස

424 46 1
                                    

කතු අවසරයකින් තොරව උපුටා ගැනීම සපුරා තහනම්‼️  

🌿 රූ... 🌿

23 කොටස

©️Rithu_Sakura

ගෙදරට එනකොට පුතාට හොඳටම නින්ද ගිහින්.බේත් වල සැරට එහෙම වෙයි කියලා ඩොක්ටර් කිව්වට මගෙ හිත ආසා උනේ පුතා ඇහැරිලා වෙනදා වගේම හිනා වෙලා කෑ ගහලා ඉන්නවා දකින එක.ඒත් මං පුතාව ඇහැරවන්න ගියේ නෑ.මං පුතාව අරන් පරිස්සමින් කාර් එකෙන් බහිද්දි රුශාල් ඉතිරි බඩු ටික අරන් මගෙ පස්සෙන් වැටුනා.අපි එනවා කියලා දැනගෙන ආන්ටී උන්නේ ගේ දොරකඩටම වෙලා.

"අනේ.. අහිංසකයට නින්ද ගිහින්"

ආන්ටී කිව්වේ මං හරහට වඩන් ඉන්න පුතාගෙ ඔලුව ඉඹලා.

"ඔය බෑග් ටික ඔතනින් තියන්න දරුවෝ"

ඒ පාර ආන්ටි කිව්වේ බෑග් ටික අරන් ඇතුලට ආව රුශාල්ට.

"කමක් නෑ ආන්ටි.මං කාමරෙන් තියන්නම්"

ආන්ටි එක්ක හිනා වෙලා මාවත් පහුකරන් ගිය රුශාල් හරියටම මගෙ කාමරේට යද්දි මට පුදුම හිතුනා.රුශාල් කොහොමද මගෙ කාමරේ තියෙන තැන දන්නේ?අනික ආන්ටිත් හරි ලස්සනට හිනා වෙලා කාලෙකින් දන්න කෙනෙක් වගේ එයා එක්ක කතා කලේ.මං පුතා එක්ක හොස්පිටල් එකට වෙලා උන්නු දවස් කීපෙට සෑහෙන්න දෙයක් වෙලා කියලා මට හිතුනා.ඒත් ඒ දේවල් කාගෙන්වත් අහලා දැනගන්න වෙලාවක් නොවන නිසා මං පුතාව අරන් කාමරේට ගියා.රුශාල් ඇඳ වටේටම කොට්ට තියලා මං යද්දි.සමහරවිට පුතා ඔලුව වද්ද ගනිවි කියලා වෙන්න ඇති.මං පුතාව ඇඳෙන් තියද්දි එයා කාමරෙන් එලියට ගියා.හංස අයියත් ඒ ටිකකින් ගෙදරට ආවා කියලා මට තේරුනේ බයික් එකේ සද්දෙන්.මං එළියට ආවේ රුශාල්ට තේ එකක්වත් නොදී ඉන්න හොඳ නැති නිසා.

"ඔයා ඔය යන්නද හදන්නේ?"

මං එළියට එද්දිම ඇහුනේ ඒක.

"ඔව් හංස.මං ගිහින් ආයෙ හවසට එන්නම්.දැන් ඔෆිස් එකට යන්න ඕනේ..වැඩ පොඩ්ඩක් ගොඩ ගැහිලා"

"තේ එකක්වත් බීලා යන්නකෝ දරුවෝ"

ඒ දෙන්නගෙ කතාව අහන් ඉඳලා ආන්ටිත් කිව්වේ මගෙ හිතේ තිබ්බ දේමයි.

රූOnde histórias criam vida. Descubra agora