අතීතාවර්ජනා

348 38 12
                                    

එය එක්තරා සන්ධ්‍යාවකි

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

එය එක්තරා සන්ධ්‍යාවකි...

පාසල් නිමවී මා පැමිණෙමින් සිටියේ සෙනඟ එතරම් නැති බසයක පිටුපස දොරට ආසන්තම ආසනයක වාඩිවීගෙනය.නිවසට එන මාර්ගයේ එක්තරා බස් නැවතුම් පලක් ළං වද්දී තරුණයෙකු පිටුපස දොරෙහි පාපුරුවට බැසගත්තේ සීනුවද නාද කිරීමෙන් අනතුරුවය.රැකියාවට ගොස් ආ තරුණයෙකු වූ ඔහු ලා පැහැති කමිසයක් ඇඳ කලු පැහැති බෑගයක් පැළඳ සිටියා මතකය.මුහුණ හරියට නොදුටුවද ඔහුගේ දේහධාරී සිරුරෙන් මෙන්ම පිළිවෙලට කපා තිබූ රැවුල දැකුමෙන් තලෙළු ඔහු කඩවසම් තරුණයෙකු යැයි මා අනුමාන කළෙමි.

නමුත් අනපේක්ෂිත ලෙස ඔහු බැසිය යුතු නැවතුම්පල පසු වීමෙන් උරණ වූ ඔහු නැවත පඩියක් ඉහළට නැඟ සීනුව එක දිගට නාද කළේය.නමුත් බසය නැවැත්වූයේ ඊළඟ නැවතුම්පලෙනි.බසයෙන් බැසගත් නාඳුනන තරුණයා ඇඟිල්ලත් දිගුකොට මඳක් ඉදිරියට ගොස් බස් කොන්දොස්තරවරයාට බැණ වදින හඬ ඇසුණේ යාන්තමටය.ඊළඟ නිමේෂයේ බසය ඉදිරියට ඇදෙද්දී නාඳුනන තරුණයා පෙනී නොපෙනී ගියේ මා හට තවත් කතාවකට චරිතයක් මවමිනි.

ඔව්.ඒ සිටියේ රුශාල් ය.මා සිතින් මවාගත් දඩබ්බර,හිතුවක්කාර රුශාල් දම්සිත් තිසේරා ඔහුය.නමක් ගමක් නොදත්තද නාඳුනන ඔහු රුශාල් නමින් මහිතේ චරිතයක් මැව්වේ අහම්බයෙනි.ඔහුගේ රුවීශා මේ ලෝකේ කොහේ සිටින බව නොදත්තද මා හට නම් කතාව තුළ ඇයව හමු වී අවසානය.

රුශාල්ට මඟ ඇරුනු බස් නැවතුම්පොළ සැමදාම දකින්නෙමි.
රුවීශාව ඔහුට මුණ ගැසුණු නැවතුම්පළද නිතරම පසු කරගෙන යමි.

'රූ' මැවුනේ එසේය.

💚💚💚💚💚💚

රූDonde viven las historias. Descúbrelo ahora