එකලොස්වෙනි කොටස

506 78 22
                                    

අම්බලම...

ක්ක්ක්ක්ක්ක්ක්ක්‍රාස්.....................!


වේගයෙන් ආපු බ්ලැක් ඩිෆෙන්ඩර් එකක් ක්ක්ක්ක්ක්‍රාස් හඬක් නංවමින් එකපාරටම  අපි ළඟ බ්‍රේක් කරාම මාව වගේම හාදුවක අතරමං වෙලා හිටපු සුදූවත් ගැස්සුනා...

" කවුද ඒ...?"

ඩිෆෙන්ඩර් එකේ දොර ඇරිලා කාපට් පොලවට දඩස් ගාලා බූට් සපත්තු ජෝඩුවක් දොග් ගාලා වැදුනා...
ආපු කෙනා බැහැලා අපි දිහාවට එන්න ගනිද්දි සුදු අයියා මගේ අත තද කරලා එයාගේ පිටිපස්සේ මාව හංගගන්න හැදුවත් මං ගලක් වගේ මගේ කකුල් පොලවට බදලා බරකරගනිද්දී සුදූ මං දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා මට ඇස් කොනට පෙනුනා...

ඒත් ක්ෂණිකයෙන් කළු පාට ලෙදර් ජැකට් එකක් කලිසමක් එක්ක කලු කැප් එකකුත් දාගෙන හිටපු ඒ කෙනා සුදු අයියටත් අදුරගන්න එකපාරටම බැරුව ගියා...

" දි..දිහාර...??"


සුදූ ගොතහහද්දීම එකපාරටම දිහාර අඩියක් ඉස්සරහට පැනලා මගේ අත අල්ලගෙන හිටපු සුදු අයියව ඇදලා අරන් ජැකට් එක අස්සෙ තිබ්බ මොකක්ද එකක් සුදූගේ නලලෙන් තිබ්බා...

" සුදූ.........!!!!!"

"ජෙෆ්........එන්නෙපා............ජෙෆ් නෝ..........!!

සුදූ කෑගහද්දිත් මාව සීතල උනේ දිහාර කියන පරයා මගේ සුදූගේ නලලට තිබ්බ ගන් එක නිසයි... ඒක කොකා ගස්සන්න පොර අත තද කරද්දී මට කරගන්න දෙයක් නැතුව මාව වෙවුලලා ගියා...

" දිහාර නෝ.........."

" එහෙනම් කොකා ගස්සන්න කලින් ගිහින් නැගපං උඹ වාහනේට... !
එතකොට උඹ පරයා... මගේ නංගි අමාරුවේ දාලා මූ එක්ක හැමිනෙන්නේ නැතුව පලයං ගිහින් මගේ එකී කසාද බැඳපං....  හැබැයි එතකන් උඹේ හුරතලා මං ලඟ ඉදී...  "

සේරම දේවල්වලට වඩා මගේ ඇස් තිබ්බේ සුදූගේ නලලේ තදවෙලා තිබ්බ ගන් එක දිහාවේ...

" දිහාර ක්ලාම් ඩවුන් ඕකේ...මං දන්නවා ඔයාට සුදූව මරන්න බෑ... එයා ඔයාගේ නංගි................

ඒ එක්කම ගන් ෂොට් එකක් සුදූගේ කකුල් දෙක මැදට වැදෙද්දී මම එතනම දණ ගහගත්තා..  හොඳටම ශුවර් මූ සුදූට මුකුත් කරන්නෑ...ඒත් නොකර ඉදීද කියන්නත් බෑ....

🔞 අම්බලම(NoN.FF-Ongoing)Where stories live. Discover now