අම්බලම
" යකෝ.... කොහොමද එහෙම වෙන්නේ.... මේක මගේ තැන යකෝ...!!!"
" සර් කෑගහන්න එපා සර් පොඩි සර් ඇහැරෙයි.."
පියවි සිහියට ඇවිත් ඒ කටහඬවල් පවා අදුරගන්න මට වෙලාවක් ගියා...
මහ හයියෙන් කෑගහපු හඬ දිහස්ගේ වෙද්දී අනිත් කටහඬ පීටර්ගේ වෙන්න ඕනි....
ඇත්තටම මම ඉන්නේ කිඩ්නැප් වෙලානේ...
ඔක්කොටම වඩා මම දැන් අනාතයෙක්..
කාත් කවුරුත් නැති එකෙක්..
මගේ ලෝකෙම කඩා වැටිලා කියලා දැනෙද්දී මට දැනුන හැඟීම මහ මූසල එකක්...
ඒ හැඟීම මට දැනුන එකම එක කාලයක් තිබ්බා....
ඊටපස්සේ ඒ හැඟීම මගෙන් ඈත් ම වෙලා ගියා සුන්දර කාලයකුත් තිබුණා...." කොහොමද ඒ බැල්ලිට මම මෙච්චර කරලත් මට මෙහෙම කලේ යකෝ........බැඳලා සතියයි... ඒකි මට මගේ සේසතම නැති කලේ කොහොමද ? මේ දේවල් නඩත්තු කලේ ඉන්කම් එකක් හෙව්වේ මම... මම තනියෙන්...
එහෙම එකේ ඒකී කොහොමද මෙහෙම මට කලේ.... ශිට්........ සේරම අර භල්ලා නිසා.. ඌ මගේ නංගිව මැනිපියුලේට් කරනවා...
මම වැරදී........මම ඌ ගැන අඩුවෙන් හිතුවේ.....
මම අතින් පයින් වැඩ කලාට ඌ ගේම ගහන්නේ මොලෙන්...
හිතපං පීටර්..
නංගි එකපාරටම නොදන්න මේ ප්ලේස් එකේ ප්‍රොපටීස් මගේ අනුදැනුමක් නැතිවම ඒකිගේ නමට හරවගෙන..
මගේ ලෝයර් කොහොමද බං මට මෙහෙම වංචාවක් කරන්නේ...
මේ තියෙන්නේ මං අඟලෙන් අඟල හැඩ කරපු මගේ ගෙදර බං...
උඹට මතකද පීටර් මට අවුරුදු 18 දී මේක ලැබෙනකොට මේක තිබ්බ හැටි...."ස.....!"
ඕන්නෑ බං ඕන්නෑ..
උඹ දන්නවා කියලා මම දන්නවා...
යකෝ මේක අතෑරලා දාපු භූත ගුහාවක් වගේ තිබුනේ...
එහෙම එකක් යකෝ අද මේ තරම් ලස්සන තැනක් උනේ....
ෆක්.........ශිට්.......... මීට හොඳයි මේකි මාව මැරුවනම්.....උන දේ යන්තම් තේරුනත් මම හිටියේ ඒවා හිතලා මොලේ කුරුවල් කරගන්න පුළුවන් මානසිකත්වයක නෙවෙයි...
ඇඟට පනක් නැතුව...
මට මගේ අතපය හොලවන්න පුළුවන් ද කියලා මම බැලුවා..." ම්ම්හ්...."
එහෙමම මම අතට අහු උන සිනිදු කොට්ටයක් කරගෙන කිහිල්ල යටට තද කරගත්තා...
සීතයී.....
ඇත්තටම ගොඩක් සීතයි.....
මේ කාමරෙන් මම දවස් ගානක් ඒසී එකක් හෙව්වත් මට හම්බුනේ නෑ.. මං හිතන්නේ මේක නැචුරල් සීතල වෙන්න ඕනි... මොකද වහලේ ඒවට අමුතුම ජතියේ කවුළු තිබ්බ....
මං නිකන් හිතුවේ නින්ජා කෙනෙක් වගේ කබඩ් එක උඩට පැනලා වහලා දාලා තියන ග්‍රිල් කවුලු වලට කකුල් තියලා උඩ පඩියට පැනලා වහලේ ඒ කවුළුවකින් හරි මට පැනගන්න පුළුවන් ද කියලා..
YOU ARE READING
🔞 අම්බලම(NoN.FF-Ongoing)
Fanfictionඅතීතය කියන්නේ දිය යට හංගපු රබර් බෝලයක්.... ඒක කවදාවත් හංගන්න බැ.. හංගන්න හංගන්න උඩට මතුවෙනවා.... මගේ ජීවිතෙත් ඒ වගෙයි.... පවන් කියන්නේ කවදාවත් අමතක කරන්න බැරි කටුක අතීතයක සදාකාලික උරුමක්කාරයෙක්...........