නොනිමි

58 8 12
                                    

උණුසුමක් රැඳි පලල් උරයටවෙලී සැතපී නිදන යුගයක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

උණුසුමක් රැඳි පලල් උරයට
වෙලී සැතපී නිදන යුගයක....
නුඹේ සුසුමක් සමග මියැදී යන්න තිබුණා නම්.....
මගෙ දෙනෙත් පෙති තෙමා රිදවන
කඳුළු නෑ එහෙනම්.....

අදත් වෙනදා වගේම සාමාන්‍ය දවසක්. හැබැයි මගේ ජීවිතේ තවත් එක දුක්බර දවසක්. ඒක පාර්ශවික ආදරය. ඒ කියන්නේ මොකක්ද? කවුරුත් මගෙන් මේකට උත්තරයක් ඇහුවොත් සමහරවිට මට මේකට දෙන්න උත්තරයක් නැති වෙයි. මොකද ඒකපාර්ශවික ආදරය ගැන විතරක් කියලා මදි. මගේ ආදරේ ඒකපාර්ශවික අසම්මත ආදරයක්. ලෝකයාට අනුව ඒක අසම්මතයි. ඒත් මට අනුව ඒක සම්මත එක ලස්සන ආදරයක්.

නිසල්...
මගේ ආදරේ. හරියටම කීවොත් මම නිසල් අයියව දකින්නේ හරියටම අවුරුද්දකට කලින් අද වගේ දවසක. ඒ කිව්වේ ජනවාරි දෙවනිදා.

හරියටම මීට අවුරුද්දකට කලින් අද වගේ දවසක තමා අපේ ගෙදර ඉස්සරහා ගෙදරට අලුතෙන් කට්ටියක් ආවේ.
මම එදා උදේ නැගිටලා හැමදාම වගේ සුපුරුදු විදිහට මගේ කිරි එකත් අරන් ඉස්සරහා ඉදගෙන කිරි එක බිබී ඉන්නකොට තමා මම එයාව මුලින්ම දැක්කේ.
පළල් උරහිස්, ගානට වැවුනු කොණ්ඩේ, උස, හීනි දිගටි ඇස්, මේ හැමදේම එයාට ලස්සනට පිහිටලා තිබුනා. කවදාවත් කෙල්ලෙක් දැක්කත් හිත යන්නේ නැති මගේ මුරණ්ඩු හිත ඒ වෙලාවේ ඉදන් නිසල් අයියා වෙනුවෙන් ගැහෙන්න ගත්තා.

ආ.... අයියේ.. අයියලා මෙහෙට අලුතෙන් වගේ.

එයත් එක්ක මම මුලින්ම කතා කරපු වචන ටික. එයාව දැක්කහම හිත හයියෙන් ගැහෙන එක අදටත් මට නතර කර ගන්න බෑ. මම තවමත් ඒකට හේතුව හොයනවා.

ඔව් මල්ලී. මල්ලි නේද අපේ ගෙදර ඉස්සරහා ඉන්නේ. මල්ලිගේ නම මොකද්ද?

නොනිමි ||Bl|| ( Completed)Where stories live. Discover now