පලමු පරිච්ඡේදය.

87 11 9
                                    





මේ කතාවට මම හැදින්වීමක් දෙන්නෑ....ඒවගේම ඔයාලට  චරිත වලට අදාල සේයාරුවක්   දෙන්නෙත් නෑ...... කතාවක චරිතයක් කියන්නෙම කියවන්නෙක්ගෙ මනස තුල ගොඩනැගෙන චිත්තරෑපයක් වෙද්දී  මම  මේ කතාව ඇතුලෙ ඒ චිත්ත රෑපෙ ඔයාලට මවාගන්න කියල ඉල්ලනව
...... ඒක පුද්ගලයා අනුව වෙනස් වේවි... ...... ඒකට හේතුත් තියෙනව.... මොකද  මම දකින විදිහට පුද්ගලයෙකුගේ  කැත ලස්සන බාහිර නිරෑපණයකට දෙන්න බැරි නිසා. ...... ඒ වගේම මේක පුංචි කතාවක් .... උපරිම කොටස් දහයක් පහළොවක විතර මම ලියන්න බලාපොරොත්තු වෙනව......... ඒ නිසා ඔයාල කැමති නම් කියවන්න  කියල මම ආරාධනා කරනවා. .......

******************💐

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


********************************

" කලුවෝ..... කලුවෝ....... කෝ මේ කොල්ල. .. .... ඔය ගණන් හිලව් ටික බලල අහවරයි නම් මෙන්න මේ මහත්තයාගෙ බඩු ටික වාහනේට දාපන්......... . ....... "

" මේ එනව මුදලාලි මහත්තයෝ...... "

කලූ ..... කලූ .....ඒ මෙහෙ හැමෝම මාව දන්න නම... ඒත් ඒ නමට පිටිපස්සෙ නමක් තිබුන කියන්න කවුරුත් දැනන් උන්නෑ..... මගෙම නම ...... මිහින් සත්නිදු සේනානායක. ......
ඇත්තටම සේනානායක කියන්නෙ මගෙ අම්මගෙ වාසගම ද තාත්තගෙද කියන්න උනත් මම දැනන් උන්නෑ ..... මොකද මම අනාථයෙක්. ......... මගෙම නම මටම මතක් කරල දෙන්න සමහර වෙලාවට මමම ඒ නම තනයම මිමිනුව. ....... ....... මට කලූ කියන්න මුදලාලි පුරැදු වුනේ මගෙ පාට නිසා වෙන්න ඇති. ...... කොහොමත් අවසානෙ ඒ නම මගෙ හිත රිද්ද රිද්දම උනත් මගෙම උනා....... මම ලස්සන නෑ... .. කොල්ලෙක්ට තියන්න ඕන කඩවසම් මූණක් මට නෑ...... කිරිගරැඩ පාට හමක් නෑ....... ඇත්තටම මම කැතයි...... මටම මන් ගැන එහෙම නොහිතුනත් මිනිස්සුම මට එහෙම හිතෙව්ව....... හිතන්න සිද්ධ කරා....... අවසානෙ මට මන් ගැනම දැනෙන ඒ හැගීම මගෙම හිත පෑරැව. ........ පුංචි කාලෙ මම කතා කියද්දී උන්න රාජකුමාරයො...සුරංගනාවයො ටික ටික ලොකු වෙද්දී මගෙ හීන වලින් මැකිල ගියා...... යන්නම ගියා. ...... මම කතා කියවන්න පුදුම තරම් ආස උනත් ඒ හැමදේම හිත අස්සෙම ගුලිකරා....නලුවො නිලියො වගේ උන්න චරිත මගෙ ජීවිතෙන් සදහටම ඈත් කරා........ මගෙ ජීවිතේ ආදරේ කියන්නෙම හිස්තැනක් උනා...... . ...... ඇත්තනම් මට ආදරේ කියන වචනෙම තහනම්. ..... කාට ආදරේ කරන්නද....මට කවුරුනම් ආදරේ කරන්න ද...... ඇත්තටම මේ ලෝකයා දැක්කෙ ලස්සන ආදර කතා විතරමයි..... ලස්සන කොල්ලෙක්ගෙ ලස්සන කෙල්ලෙකුගෙ .ආදර කතා විතරමයි.....කතා පොතක උනත් උන්නෙ හැම වෙලාවකම ලස්සන කුමරකුමරියො විතරමයි...... පෙනුම කියන්නෙම ආදරේට මනින්න පුලුවන් සාධකයක් වෙද්දී මගෙ ජීවිතේට මග ඇරැන දේ බොහොමයි...... මගෙ හිතේ කිසිම කෙනෙක් ගැන ඒවගේ හැගීමක් ඇති නොවුන එක ගැන මම දහසක් ස්තුතියි කරා....... මටම ....මගෙ හදවතටම .... .. ලස්සනයි. .... ඒ වචනෙ කෙනෙක් ට දැනෙන්නෙ කොහොමද. ......මම ඒක දැනන් උන්නෙ නෑ....... මට මන් ගැනම හිතද්දි දැනන හැගීම් ගොන්නම කදුළු වෙලා එලියට ආව. .... පිට අත්ලෙන් කදුළු පිස්ස මම ආයෙමත් මගෙ වැඩේ කෙරැව වෙනකොට ගුණදාස මුදලාලි කඩේ ඉස්සරහ වෙලා බලන් උන්න .

Ugly black (On Hold)Onde histórias criam vida. Descubra agora