මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
" මහීර තේශ්වර උඩවත්ත ....."
"ආ....... "
"මගෙ නම..... මහීර......"
......
*************************************
කාත් කවුරුවත් නැහැයි කියන එකම එක හේතුවට මම එයාව මගේ ගෙදර නවත්තගත්ත. .. අදටත් මට තේරුම් ගන්න බෑ හරියටම. .... ජීවිතේ එකම එක සැරයක් දැකපු නන්නාදුනන මනුස්සයෙක් ඇයි මම ගෙදර නවත්තගත්තෙ කියන්න . ..... ඒ ප්‍රශ්නෙ කීපාරක් එයාම මගෙන් අහන්න ඇද්ද. ... ඒත් මට දෙන්න හරිහැටි උත්තරයක් තිබුනෙ නෑ අදටත් නෑ.... සමහර විට එයාටත් මම වගේම දෙමව්පියො නැති නිසා ද කියන්න මට තේරෙන්නෑ ..... ඒත් මාසයක් ගෙවුන තැන අදටත් මම ඒ ගැන පසු තැවුනෙ නෑ.... මොකද මහීර අයිය දැන් මගෙ පවුලෙ කෙනෙක් වගේ වෙලා උන්න ..... ජීවිතේ එහෙමයි ....කාත් කවුරුවත් නැති මට කොහෙදෝ ඉදල ආපු මනුස්සයා පවුලේ කෙනෙක් උනා. ........
" මිහින් මල්ලී ..... "
"මේ එනවා. .... මහීර අයිය කඩේ වැහුවද..... මම හිතුවා අස් කරන්න කතා කරේ කියල..... "
කඩේ..... මගෙ මහන්සියෙන් ගොඩනගා ගත්ත මගෙ හීනෙ..... ඇත්තටම ඒක යතාර්ථයක් වෙලා මගේ ඉස්සරහ තිබුන. ..... මගෙ පුංචි සිල්ලර වෙලසැල......
" උය උයානෙ හිටියෙ .... ඒකයි අස් කරන්න කතා කරේ නැත්තෙ..... ආ.. . මේ දවසෙ ආදායම. .. ......."
"අයිය කීයක් හරි ගන්න
... කඩෙත් වැඩ කරනව .... කීයක්වත් නැතුව. ... "" සල්ලි තිබුනට මට දැන් මේ හිතේ තියෙන සැනසීම ගන්න බෑ මිහින් .......ඇත්තටම උඹව මට කලින් හම්බවුනානම්.... "
"ඇයි කලින් හම්බවුනානම් කියන්නේ . .... "
" සමහර විට මගේ ජීවිතේ මෙයිට ගොඩක් වෙනස් වේවි...... මට මේ ඉන්න ටිකේ සතුටින් ඉන්න ඕනෙ"
ඒ වචන කොහේවත් නැති බරක් මගෙ හිතට එකතු කරා.... ඒ කියන්නේ ආයෙම උඹ තනිවෙනව මිහින් .... ඒත්... ඒත් මෙච්චර කාලෙකට ඇතිනොවුන මහ අමුතු හැගීමක් දැන දැන් මගෙ හිත ඇතුලේ මහීර අයිය වෙනුවෙන් තියනව කියන්න මට තේරැනා. .... ඒත් ඒ හැගීමට නමක් දෙන්න මට තාම බෑ .... ඇත්තටම ඒ හැගීමට නමක් මම දන්නෙ නෑ........
.....
YOU ARE READING
Ugly black (On Hold)
Non-Fictionරැවින් නොව හදවතින් දකින්නට...... පෙම්බදිමි මම.......