▪︎ 𝙴𝙿𝙸𝚂𝙾𝙳𝙴 2 ▪︎

820 148 68
                                    

අද චීනෙම head news එක තමයි SSP ගෙ සාහසික ඝාතනය... සාහසික වෙන්න එපෑ අපේ එවුන්නෙ ඌව මැරුවේ... ඌව මරලා පැය කීයක්ද එලිවෙනකොටයි මුන් දන්නෙ... අපූරු බිජිං පොලීසිය ඕකත් අර DIG ගෙ යටතෙ තියෙන පොලීසියක් නේද? මිනිහා හිටියනන් ඊයෙම හොයාගනී නේද ඌ ඒ තරම් පොරලුනෙ හහ්... අපිව අල්ලන්න තියා අපේ හෙවනැල්ලක්වත් අල්ලන්න ඔය පොලිස් බල්ලන්ට බෑ...

ඕවා වැඩක් නෑ අපේ වැඩේට යමු

මගෙ අයියා ශාන් journalist කෙනෙක්ලු... ශාන් news crow එකත් එක්ක camping trip එකක් ගිහින් ඉන්නකොට තමයිලු ශාන්ව කිඩ්නැප් කරේ... එතකොට අදලු camping වල අන්තිම දවස... ඊයෙ හවස bathroom එකේදී තමයි ශාන්ව ඉස්සුවේ. ඒ කියන්නෙ එතකොට මට යන්න වෙන්නෙ ඒ හොටෙල් එකට... DIG දැන් හොංකොං ගිහින් මාසකට කිට්ටුලු ඌ අද රෑ ආයි බීජිං එන්නෙ ඌගෙ mission එක success කරගෙන ම්ම්ම්... සතුටින් තරුවක් ගහගන්න හිතාගෙන වරෙන්කෝ... අවසන් ගමන් තරුව මං ගානෙ හහ්හා...

එතකොට එතකොට... ශාන් trip එක ඉවරවෙලා යන්නෙ ඇමති වන්ගෙ ගෙදරට මොකද එයාව තනියෙන් තියන්න අර ආදරණීය මිනිහා බයලුනේ... ඔහොම තමයි මට අපේ උන්ගෙන් නිවුස් එක හම්බුනේ... දැන් මට හොටෙල් එකට ගිහින් ශාන් විදියට ඇමතිගෙ driver එක්ක වන්ග් පැලස් එකට යන්න වෙනවා. ගාඩ්ලත් ඉන්නවා කිව්වෙ DIG ව විතරක් නෙමෙයි ඌගෙ මුලු පවුලම රවට්ටන්න මං අද ඉදන් පටන් ගන්නවා. ම්ම්ම් නායිස්...

කොල්ලෙක් ඇවිල්ලා අපේ පොට් එකකට මාව එක්කගෙන ගියා. වැඩක් නෑ ඉතින් අඳුරුම අඳුරුයි ඉස්සර ඉදන් ඇහැට හුරු එහෙම තමා.

ඉස්සෙල්ලම මුන් මාව කණ්ණාඩියක් ඉස්සරහින් ඉන්දුවා. ඒපාර මොනවා කරන්න හදනවද මට හැරිලා බලන්න උනේ නෑ එකෙක් මගෙ කොණ්ඩෙට කතුර ලං කරද්දිම මං උගෙ අතින් අල්ලගෙන ඌව නවත්තන ගමන්

"ඒහ් නවත්තපන් මොකද්ද ඔය කරන්න හදන්නෙ"

"කපන්න"

"තොපිට මොන ගායක්ද මේ ගහලා තියෙන්නෙ"

"අත ගනින් සීන්... කපන්නම වෙනවා"

"උබලට ඕන මගෙන් මැරුම් කන්නද?"

"බොරුවට කෑනොගහා හිටපන් සීන්"

【TRAPPED】🚨😈💥 [Sʜᴏʀᴛ Yɪᴢʜᴀɴ Fᴀɴғɪᴄ] Opowieści tętniące życiem. Odkryj je teraz