එයාගේ නිදහස් සිතුවිලිවලට මං බාධා කලාදැයි යන්තම් මගේ හිත කිව්වත් ඒ අසලින්ම මං වාඩි උනේ අන්ධකාරය නිසා හරියට නොපෙනුනත් පුදුම වෙලා තියෙන ඒ මූන හිතින් මවා ගන්න ගමන්..
" ඔයා ඇයි මෙතන.. නිදා ගන්නෙ නැද්ද.."
" ම්ම්ම්.. නිදිමතක් නෑ.. මං ආපු එක ඔයාට කරදරයක් වගේ නම් මං යන්නම්.."
නිහඬතාවයක්.. කුට්ටි කපන්න පුලුවන් අන්ධකාරයත් එක්ක තප්පර ගානක් අපි දෙන්නා අතර තිබුනු නිහඬතාවය මට දැනුනෙම හරියට කල්පයක් වගේ... ඉතින් තවත් කල්ප සහස්‍රයක් ගෙවිලා යද්දි ඇල්මැරිලා තිබුනු මගේ හදවත ආයේම හයියෙන් ගැහෙන්න ගත්තා... එයා කතාවකට මුල පිරෙව්වා...
" දන්නවද ජාන්.. මං ආසම අහසක් වෙන්න.. හැමෝම හඳට ආදරේ කරද්දි.. පුංචි තරු කැටවලට ඉරිසියා කරද්දි.. මට ඕනි උනේම ඒ හැමදේම දරාගෙන ඉන්න අහස වෙන්න.. මොකද මං හඳ වෙන්න ආස කලා නම් මට අමතක වෙනවා මං එලිය දෙන්නෙත් තව කෙනෙක්ගේ එලියකින් කියලා.. මට තරුවක් වෙන්න ඕනි නම් මං ඉරිසියා කරයි හැමෝම ආදරේ හඳට කියලා.. ඒත් මං අහසක්.. නිමක් කොනක් නොපෙනෙන අහසක්.. තේරුම් ගන්නම බැරි ඉක්මනින් වෙනස් වෙන අහසක්.. "ඔව්.. සම්පූර්ණ ඇත්ත... උබ කියන්නෙම අහසක්.. අඳුරගෙන මහා වෙලාවක් නැති උනත්.. ඒ ටිකට මට උබව දැනුනා නොසෑහෙන්න... සාමාන්‍යයෙන් ගැහෙන හදවත උබ ඉස්සරහම නොසන්ඩාල වෙද්දි.. දැනෙන හැඟීම මගෙන්ම හංගගන්න බොරු කේන්තියක් මවා ගත්තු මම මගේ හිතම රවට්ටගන්න උත්සාහ කලා.. තවත් කල්පයක් තප්පරවලින් ගෙවී යද්දි මට නොපෙනුන උබටම විතරක් පෙනුනු ඒ අහස දිහා මං බලන් හිටියා.. මෙච්චර වෙලා මට නොපෙනුනු තරු පිරුනු අහසක් ලස්සනට මට පේන්න පටන් ගත්තා.. ඉතින් මෙච්චර වෙලාම මං අවධානය නොදීපු නිසාම නොපෙනී ගිය ඒ තරු පිරුනු අහස් ගැබ මං විඳින්න පටන් ගත්තා.. ඒ අතරතුර අත්‍යවශ්‍යම වචන දෙක තුනක් විතරක් කතා කරපු චරිතයක් මං ඉස්සරහා දොඩමලු වෙමින් ඒ හිත දිගාරින ගමන් තිබුනා...
" සමහරවිට චාකා හම්බ උනේ නැත්තම් අද මෙහෙම කතා කරන්න මට වචන නැති වෙන්න තිබුනා ජාන්.. සමහර දවස් තිබුනා ඇස් දෙක පියාගත්තට හෙට උදේට ආයෙම ඒ ඇස් ඇරගන්න බැරි වෙයි කියලා හිතුනු... කොච්චර මහන්සිය දැනුනත් හිතේ සැනසීම නැතුව ඇස්වලට කොහෙන්ද නින්දක්... "
CZYTASZ
TԋE LσʂT CιƚY 🐉 [ ყιȥԋαɳ || completed ]
Fantasyකාලය කියන්නෙම මායාවක්... . . . ඉතින්... උඹයි මමයි කියන්නෙම ඉන්ද්‍රජාලිකයෝ දෙන්නෙක්... . . . මායාවකට එහා ගිය අපේ හමුවීමම... සැබවින්ම ඇස්බැන්ඳුමක්... . . . ❤️