18

2.1K 371 540
                                    

මේ වතාවෙ නම් ජන්ග්කුක් සුපර් මාකට් එකේ සිද්ද වුන දේ ප්‍රොෆෙසර් ඇතුළු පිරිසට කිව්වා.

"එතකොට ටේ ඔයාට ඒක දැනුනෙ කොහොමද?" නම්ජුන් ඇහුවේ පුදුමයෙන්.

"මං හිටියෙ චිම් එක්ක හියොන්. මට එකපාරටම දැනුනා ජන්ගූ ඉන්නෙ අනතුරක කියලා." ටේහ්‍යුන් කිව්වා.

"එතකොට කොහොමද ඔයා හරියටම දන්නෙ එයා හිටියෙ සුපර් මාකට් එකේ කියලා?" මේ වතාවෙ ප්‍රශ්නෙ යොමු කරේ ප්‍රොෆෙසර්.

"නම්ජුන් හියොන් කිව්වෙ මට. ජන්ගූට අනතුරක් කියලා දැනුන ගමන් මං කලේ එයාව හොයපු එක. එතකොට මට නම්ජුන් හියොන්ව හම්බුනා. ඒත් හියොන් කිව්වේ මට ජන්ගූ බඩු ගන්න එළියට ගියා කියලා විතරයි. එයා හිටියෙ මාකට් එකේ කියලා මං දන්නෙ නෑ ඒත්, මං ඒ හරියට ළං වෙද්දි මට දැනුනා ජන්ගූ ඉන්න තැන. එතනට ගිහාම හරියටම එයා එතන හිටියා." ටේහ්‍යුන් එයාගෙ කතාව අවසන් කලා.

ඒත් කාමරේ තුළ තිබුනේ දැඩි නිශ්ශබ්දතාවයක්. ටේකුක් දෙන්නා හැර අනිත් හැමෝම කල්පනා කරන බවක් පෙනුනා.

ජන්ග්කුක් නම් මේ වෙලාවෙ හිටියේ එයාගෙ ඉන වටේ තියෙන ටේහ්‍යුන්ගේ අත ගලවගන්න උත්සාහ කරමින්. අනිත් අය ඉස්සරහා ටේහ්‍යුන් එක්ක එහෙම ඉන්න එයාට තිබුනේ පුදුම ලැජ්ජාවක්. අනික ඒ දෙන්නා අතර තාම නිශ්චිත තහවුරු කරගත් බැඳීමක් නෑ කියලා තමයි ජන්ග්කුක් හිතන් ඉන්නෙ. ඒ උනාට කිඳුරා නම් දැනටමත් ජන්ග්කුක්ව එයාගෙ ආදරවන්තයා කරගෙන ඉවරයි.

"මං කිව්වා නේද මෙහෙදි ඕවා බෑ කියලා ආ? අත ගන්න." ජන්ග්කුක් ටේහ්‍යුන්ට විතරක් ඇහෙන්න කිව්වත් ටේහ්‍යුන් නෙමේ ගනන් ගත්තේ. එයා ඒක ඇහුනෙ නෑ වගේ තවත් ජන්ග්කුක්ව පැත්තෙන් වැළඳගනිද්දි ජන්ග්කුක් කේන්තියෙන් හුස්මක් හෙළුවා.

"එතකොට ජන්ග්කුක් ඒ මනුස්සයා හම්බවෙලා ඔයාගෙ අතින් අල්ලද්දි ටේ එතනට එනකන් කොච්චර වෙලාවක් වගේ ගියාද?" ප්‍රොෆෙසර් ඇහුවම ජන්ග්කුක්ගේ ඉනවටේ තිබුනු ටේහ්‍යුන්ගේ අත් තවත් තද වුනේ ඊයෙ සිද්දිය ආයිත් මතක් වුන නිසා.

"ම්-මං හිතන්නෙ විනාඩි පහක් වගේ සර්." ජන්ග්කුක් කිව්වා.

"එතකොට මං හිතන්නෙ නෑ ටේ එතනට විනාඩි පහෙන් ගියා කියලා. එහෙම නේද ටේ? ඔයාට ජන්ග්කුක්ට අනතුරක් කියලා දැනිලා එයා ගාවට යනකන්ම සම්පූර්ණ කාලය විනාඩි පහලවක් විස්සක්වත් යන්නැති මගෙ හිතේ." ප්‍රොෆෙසර් කිව්වේ ව්‍යාකූලව.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now