24

1.7K 344 494
                                    

සතියකට පසු

ඒ ඛේදවාචකය සිදු වෙලා සතියක් ගෙවිලා ගිහින්. ජන්ග්කුක් ඉන්න තැන හරියටම හොයා ගෙනත් ජන්ග්කුක්ව තියා ජන්ග්කුක්ව පැහැරගත්ත පිරිසවත් අල්ලගන්න පොලීසියට බැරි වුන එක ගැන හැමෝම හිටියෙ කනස්සල්ලෙන්.

ඒත් ඒක නෙමෙයි ප්‍රශ්නෙ.

පොලීසිය හොයාගෙන තිබුනා වෙඩි වැදුනු පුද්ගලයෙක් මුහුදට වැටුනු විත්තිය. ඒ එක්කම එදා රෑම පොලීසිය මුහුදෙ හැමතැනම ඒ අදාළ පුද්ගලයගෙ සිරුර හෙව්වත් එයාලට හම්බවුනේ නෑ. ඒත් එයාලට සාක්ෂි කිහිපයක් හම්බ වුනා. හැමෝම ප්‍රාර්ථනා කලත් ඒ ජන්ග්කුක් නොවෙන්න කියලා, තිබ්බ හැම සාක්ෂියක්ම හැරුනේ ඒ ජන්ග්කුක්මයි කියන තැනට. ඒ බෝට්ටුවේ වැට අද්දර තිබුනු ලේ පැල්ලම් වලින්.

ඒ පුවතෙන් හැමෝම කම්පනය වුනා වගේම ජන්ග්කුක්ගේ ඔම්මා හඬා වැටුනා. ජේහ්‍යුන්ටත් මේ දුක දරාගන්න බැරුව හේවොන්ව බදන් හඬද්දි අනිත් අය කලේ එයාලගෙ කඳුලු වැගිරෙන දෙනෙත් සඟවගෙන බිම බලන් හිටපු එක.

"එ-එයත්, එයත් එ-එතකොට අපිව දාලා ග්-ගිහින්ද ජේහ්‍යුන් හහ්? අ-අපේ ජ්-ජන්වුන් වගේ එයත් අපිව දාලා ගිහින්ද?" හේවොන් ජේහ්‍යුන්ව තදින් බදාගෙන හඬමින් අහද්දි හැමෝම පුදුමයෙන් වගේ හේවොන් දිහා බැලුවා 'ජන්වුන්' කියන්නෙ කවුද බලමින්.

ඒ වෙනස ජේහ්‍යුන්ටත් තේරුනාම එයා ඇස් දෙක පියාගත්තේ මෙච්චර කල් වසන් කරපු ඇත්ත හෙළි කරන්න සූදානම් වෙමින්.

"ඔ-ඔයාලා බලනවා ඇති කවුද ජන්වුන් කිව්වෙ කියලා. එහෙමනෙ?" ජේහ්‍යුන් අහද්දි හේවොන් එයාගෙ ශර්ට් එක තදින් මිරිකගත්තා.

"ජන්වුන් තමයි අපි දෙන්නගෙ පළවෙනි පුතා." ජේහ්‍යුන් කිව්වම අනිත් අය පුදුම වුනා. මොකද එයාලා කවදාවත් දැනන් හිටියෙ නෑ ජන්ග්කුක්ට අයියා කෙනෙක් හිටියා කියලවත් එයා නැති වෙලා කියලවත්. එයාලා නිගමනය කලා ජන්ග්කුක්වත් මේ ගැන දැනන් ඉඳලා නෑ කියලා.

"එයා දැනගන්නෙ කොහොමද? ජන්වුන් නැති වෙද්දි ජන්ග්කුක් අපේ පවුලෙ නෑ." ජේහ්‍යුන් කිව්වම හැමෝම දුකින් බිම බලාගත්තා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now