chapter 02 👣

879 149 11
                                    


ඇග හැමතැනම තලල දාල වගේ හැගීමක් එක්ක මං නැගිටල ඇදෙන් ඉදගත්තෙ බොහොම අමාරුවෙන් .. යීබෝ මට එහාපැත්තෙ මුනින් අතට නිදාගෙන ඉද්දි ලා හිනාවක් මගෙ මූනෙ ඇදුන වගේම හෙමීට පාත් වෙලා මං එයාගෙ මූනට හාදුවක් තිබ්බ ..

ඊයෙ ඩිනර් අරන් එයා කෙලින්ම එක්ක ආවෙ මාව හනිමූන් හොටෙල් එකකට වෙද්දි එහෙම දෙයක් කීයටවත් නොහිතපු මාව හොදටම සප්‍රයිස් උනා ...

කසාද බැදල මාස හයක් තිස්සෙ මුනිවත රැකපු යීබෝ ඊයෙ හිටියෙ මද කිපුනු අලියෙක් වගේ වෙද්දි මං දන්නෑ ඊයෙ රෑ එයා මාව කීපාරක් එයාගෙ කරගත්තද කියල...

එයා හරිම රොමෑන්ටික් ...

අමාරුවෙන් ඇදෙන් බැහැපු මන් යීබෝ නැගිටින්න කලින් වොශ් රූම් එකට පැනගත්තෙ ඊයෙ කොහොම හිටියත් අද මං එයාට කොහොම මූන දෙන්නද කියල හිතාගන්න බැරුව ..

" සීන් .. "

" ම්ම් ? "

වොශ් රූම් එකේ ඉදන් ආව ගමන් ඉනේ පටලවන් හිටිය ටවල් එකත් ගලවල දාපු යීබෝ ආයෙම මාව ඇදට පෙරල ගත්තෙ මං ලැජ්ජාවටම එයාගෙන් මූන හංගගන්න එයාගෙම පපුව අස්සට මූන ඔබාගනිද්දි ..

" ලැජ්ජද ? ආ සීන් .. කෝ බලන්න මූන "

" එපාහ් අනේ "

එයා මගෙ මූන උස්සන්න හද හද මට විහිලු කරද්දි මං එයාගෙ පපුවට අතින් පාරක් ගැහුවෙ එයා කැරකිල ඇවිත් ආයෙම මාව එයා යට කරගනිද්දි ..

" යීබෝ දැන් බෑ .. ඔයාට කුලප්පුව ගහන්නෙ හොද හොද වෙලාවල් වලට නේද ආ  "

" ඉතින් ආදරේටනෙ සීන් .. මං ආදරේ ඔයාට විතරනෙ "

යීබෝ ආයෙම මගෙ තොල් ඒ තොල් වලින් අල්ලන් රලුව සිපගනිද්දි මාත් එයාට හව්ල් උනේ එයා මාව වඩාගෙන බාතෲම් එකට අරන් යද්දි ..

වොශ් එකක් දාගත්ත අපි දෙන්නම බ්‍රෙක්ෆස්ට් එක රූම් එකටම ගෙන්නගත්තේ මගෙ ඇගට අමාරු නිසා ..
එයයි මායි එකටම කෑම කන්න ගත්තෙ එයා මාව එයාගෙ ඔඩොක්කුවෙ ඉන්දවගෙන එයාගෙ  අතින්ම මට කෑම කැව්වෙ එයාගැන ආදරේ තව තව මගේ හිතේ වැඩිවෙද්දි ..











HIS TWIN BROTHER ( Short Story ) Completed ✔️Where stories live. Discover now