chapter 06👣

630 133 13
                                    


මං හිටියෙ සෝප එකේ ඉදගෙන පොතක් පෙරලන ගමන් ... අද උදේම යීබෝ කම්පැනි එකට ගියේ එයාට වැඩ වගයක් තියෙනව කිව්ව නිසා ..

කසාදෙට කලින් ලීබෝ ඇවිදින්න ගිය දවසක අරන් දුන්න පොතක් අදටත් මං අරන් තියාහෙන ඉන්නව .. ලීබෝ ඒ දවස් වල මට අරන් දීපු තෑගිවලින් මං ගාව ඉතුරු මේ පොතයි තව එක දේකුයි විතරමයි .. අනිත් ඔක්කොම තෑගි මං පුච්චල දැම්ම එතකොට මේ පොත ගැන කිව්වොත් ඒක ඝාතයකෙක්ගෙ ජීවිත කතාව ගැන පොතක් .. හැබැයි එදා මං කීයටවත් හිතුවෙ නෑ මේ පොත මට පස්සෙ කාලෙක හුගක් ප්‍රයෝජනවත් වෙයි කියල ..

පොඩි බඩගින්නක් ආව නිසා පොත සෝප එක උඩින් තියල මං කිචන් එකට ගියේ කිරි එකක් හදාගන්න ..

මාත් එක්ක හැමදේම ඊයෙ කිව්ව නිසා යීබෝගෙන් ආයෙ අමුතු හැසිරීම් මට දකින්න ලැබුන්නෑ . ඒක එයාගෙ හිතට නිදහස් ඇති ..

මං කිරි එක හදාගෙන ආයෙ සෝප එකට ඇවිල්ල ඉදගත්තෙ පොතත් අතට ගන්න ගමන් ..

" ලීබෝ .. "

කොහෙ තියල වැටුනද මන්ද ලීබෝගෙ ෆොටෝ එකක් පොත ඇතුලෙ තිබිල මගෙ ඔඩොක්කුවට වැටෙද්දි මං ඒ ෆොටෝ එකෙන් පේන එයාගෙ ඇස් දිහා බලන් හිටිය ..

" සෙල්ලක්කාර ඇස් දෙකක් !! "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" සෙල්ලක්කාර ඇස් දෙකක් !! "

සෝප එකෙන් නැගිට්ට මං ගිනිපෙට්ටිය අතට අරන් එලියට ගියා .. ගිනිකූරක් පත්තු කරපු මං ඒ ගිනි දැල්ල ෆොටෝ එකේ කොනට ඇල්ලුවෙ ෆොටෝ එක ගිනිදැල්ලට ඇකිලිල ගිහින් අලුවෙලා බිමට වැටෙද්දි .. ගිනිපෙට්ටිය කලිසම් සාක්කුවට දාගෙන අලුවෙලා යන ලීබෝගෙ ෆොටෝ එක දිහා මන් බලන් හිටියෙ හැගීම් විරහිතව ..

" ඔයාට අලුවෙලා යන්නවත් පිනක් තිබ්බෙ නෑනෙ ලීබෝ .. ගොඩක් කනගාටුයි ඔයා ගැන "

HIS TWIN BROTHER ( Short Story ) Completed ✔️Where stories live. Discover now