chapter 1

245 24 15
                                    

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුව නගරයයි

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි

වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

ඔබ අතගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා

මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..

මර්වින් පෙරේරාගේ හඩින් ගැයෙන මේ සින්දුව එයාගෙයි මගෙයි ආසම සින්දු දෙකෙන් එකක්... ඇත්තටම මේ නුවර අහස පෙම්වතුන් කීදෙනෙක් එකතුවෙනවා දකින්න ඇත්ද... කීදෙනෙක් වෙන්වෙනවා දකින්න ඇත්ද... මේ හිරිපොද වැස්ස කිදෙනෙකුගේ කදුළු හංගන්න ඇත්ද.. නුවර හරි ලස්සනයි... ඒත් ඇත්තටම නුවරේ ලස්සන දකිනවා විදිනවා ඇත්තේ ආදරේ විදින අය... ආදරේන් පැරදුනු කෙනෙකුට නුවර කියන්නෙම දුක් වෙන්න කියාපු තැනක්. මමත් මේ නුවර අහස යට හරි ලස්සන ආදරයක අයිතිකාරයෙක් වෙලා හිටියා... වෙලා හිටියා... ඒත් දැන් නෑ... මගේ ආදරේ... මගේ ජීවිත්... මගේ හුස්ම ටික... මගේ ආයු...

මේ නුවර වැව රව්ම මේ නුවර අහස කොච්චර නම් අපේ ආදරේ දකින්න ඇත්ද... අපි ආසම මෙතන්ට... රෑ වෙලා මේ නුවර වැව රව්මට ඇවිදින්න එන්න තමයි අපි ආසම.. එයයි මමයි රෑට පැය ගානක් කතා කර කර මේ නුවර වැව රව්මට වෙලා ඉන්නවා... කාගෙන් බාදාවක්ද... අපි ආදරවන්තයෝ විතරක් නෙවෙයි.. අපි ජිවන සහකාරෝයොත් වෙච්චකොට කව්රු අපිට එපා කියන්නද... ඔව්... ඔව්.. මම කසාද බැදලා... කාලෙකට කලින් මමත් කසාද බැදලා හිටියා.. එයා මගේ වෙලා මම එයාගෙ වෙලා අපි හදාගත්ත අපේ හීන මාලිගාව ඇතුලේ අපේ පුංචි ලෝකේ ගොඩනගාගන්න ගමන් අපි සතුටින් හිටියා... ඒත් අපි ගොඩනගපු ඒ ලෝකේ මුල් අත්තිවාරම එච්චර හයිය එකක් නොව්න කොට මොනවා කරන්නද...මගේ ඇස් ඉස්සරහ මගේ මුළු ලෝකෙම කඩල බිදලා දාලා මගෙන් උදුර ගන්නකොට මොකුත්ම කරන්නේ නැතුව මට බලන් ඉන්න වුනා... ඇයි... ඇයි... දෙවියනේ මට මෙහෙම කරන්නේ... ඇයි... මොකද්ද මේ තරමටම ගෙවන්න මන් කරපු පව... ආයේ ආයේ පස්සෙන් එන්න.. ආයේ ආයේ දඩුවම් දෙන්න තරම් මන් කරපු පව මොකද්ද දෙවියනේ... පුංචි කාලේ ඉදලම මන් විදවනවා... මේ මදිද... මේ මදිද මන් දුක් වින්දා... අනේ.. මගේ හැම දේම මගෙන් උදුර ගත්තා වගේ ඇයි මගේ හුස්මත් මගෙන් උදුර නොගත්තේ... මට තවත් විදවන්න බෑ දෙයියනේ... අනේ මාව තවත් ජීවත් කරන්න එපා... අනේ මට මැරෙන්න දෙන්න... ජීවත් වෙන්න තිබ්බ අන්තිම බලාපොරොත්තුවත් නැති වුනාට පස්සේ මේ ජීවිතෙන් ඇති වැඩක් නෑ... ආයු.. ආයු.. ඇයි මගේ මහත්තයෝ... ඇයි... අනේ... ඇයි මට මෙහෙම කලේ... මොනාද මන් අඩු කලේ... මගේ රත්තරන් මහත්තයෝ... මගෙන් මොන අඩුවක්ද වුනේ.... මාව ඔය අත්දෙකෙන්ම මරලා දාපන් ඇයි... මට මෙහෙම මැරී මැරී ජීවත් වෙන්න බෑ... තවත් මට හයියක් නෑ ආයු......

you broke me first Where stories live. Discover now