ජේඩ් කාමරෙන් එලියට යද්දී මම ඒ හැඩි දැඩි ශරීරේ කඩවසම් මුණ දිහා හරි ලෝබකමකින් ආදරේකින් බලන් හිටියා. අයිති නැති බව දැන දැනත් හදවත ඒ හිතට ගතට තාමත් අයිතිවාසිකම් කියන්න දගලද්දී එක කම්මුලක් තෙමාගෙන පහලට බැහැපු කදුළු බින්දුව බිම වැටුනොත් පොළවටත් බරක් වෙන බව දන්න නිසාම මම ඉක්මනට ඒක බිම වැටෙන්න කලින් කම්මුල පිහදගත්තා.
මම ඒ මුණ දිහා බලාගෙනම අයෙත් අතීතේ අදුරු මතක වල ලස්සනම තැන් හොයන් කිමිදුනා.
වසර අටකට පෙර
මොකෝ උබට පස්ස පැත්තේ පනුවෝ නලියනවා වගේද ඇඹරෙන්නේ ඈ...
අනේ මේ අභි... කිව්වයි කියලා හිතා ගනින් තෝ...
හිතන්න දෙයක් නෑ... උබට කොමත් කියන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ... මට උබේ ඔයා සත්‍ය ප්‍රේමේ බෘන්ග රාජයා සෙට් වුනේ නැත්තම්... ඊට පස්සේ කියන්න තියෙන්නේ මගේ පපුවේ හිලක් අයියේ අපි මේක නවත්තමු කියලා තමා...
හරි හරි මගේ ශුඩු අභියෝ.. එයාට ඔයා අනිවාර්යෙන් කැමතී වෙනවා... ඕන්න බලන්නකෝ...
ම්ම්ම්...
අභී...
ඇයි බබී...
නුරා මගේ පාන් පෙත්ත උදුර ගත්තා...
ආ... ඕකගේ හැටි ඔයා දන්නවා නේ.. ඔයා මගේ එක කන්න...
තැන්කූ...
අභී...
ම්ම්ම්...
මම උබේ එකෙන් කැල්ලක් කන්නතේ...
ඇයි කේත්... උබේ බඩේ ඉන්නේ හිගන්නෙක් ද...ඒ ඇරත් මගෙන් එකෙන් කාලා උබේ දෝනි කේස් දාන්නේ නැද්ද...
නෑ.. නෑ... කමක්නැහැ.. හරි බෝම්ක... එල...
ම්ම්ම්....
යෂ්... උබ මගේ සහෝදරයා... මතක තියාගනින් කොයිම වෙලාවකවත් ජීවිතේ වැදගත්ම තීරණ හැගීම් වලට වහල් වෙලා නොගෙන ඉන්න... මොකද මොලෙන් ගන්න ඕනි තීරණ හදවතින් ගන්න ගියාම වෙන්නේ වැරදිලා අමාරුවෙ වැටෙන එක විතරයි.. ඒ නිසා කල්පනාවෙන්... උබ සිහියෙන් නොහිටියොත් මට හරි උබව සිහියට ගන්න වෙනවා.. හැබැයි එහෙම උනොත් උබේ ඔය හිතේ හැගීම් වලට හුගක් රිදෙයි.. ඒ නිසා මට අත දාන්න ඉඩ නොතියා වැඩ කරපන්...