17 කොටස

472 155 89
                                    

කමෙන්ට් ගෝල් 50

"ඒයි කොල්ලො!! තමුසෙට මාව විහිලුවක් වගේද පේන්නෙ?"

ඔහු තරහෙන් කෑ ගහනකොට බය උන ජන්කුක් නිල් පාට අහිංසක ඇස් දෙක බෝල කරගෙන ඔහු දිහා කන්න වගේ බලන් ඉන්නකොට ඔහු සුසුමක් හෙළුවා.

"ඔය විදියට බලන එක නතර කරනවා"

තාමත් ඇස් දෙක ලොකු කරගෙන ඉන්න ජන්කුක් රවපු ඔහු , තමන්ගෙ ලොකු මල්ල අවුස්සා භාගෙට ඉවර උන බියර් බෝතලයක් ඇදලා ගත්තා. එය බාල සන්නායම් නාමයක් පවා නැති බියර් වර්ගයක් උනත් ආඩම්බරයෙන් එය අතට ගත්ත ඔහු එය ආඩම්බරයෙන් මුවට තියාගෙන බොන්නට උනෙ ජන්කුක් ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්නකොට.

උගුරු කීපයක් උගුරෙන් පහලට යවපු ඔහුගෙ දුඹුරු පාට නොසන්සුන් ඇස් දෙක තමන් දිහා කන්න වගෙ බලාගෙන ඉන්න ජන්කුක් ට යොමු උනා.

" තමුන්ටත් ඕනෙ වෙලාද ඔය?"

ඔහු අහනකොට ජන්කුක් හිමීට හිස දෙපැත්තට වනලා බිම බලා ගත්තෙ ඔහු සුසුමක් හෙලලා බියර් බෝතලය පැත්තකින් තියනකොට.

"දැන්"

ඔහු ජන්කුක් ගෙ මුහුණට ලං උනත් වෙනත් මිනිස්සු වගේ ජන්කුක් ඔහුගෙන් ඈත් නොවුන එක පිලිබද ඔහු සතුටු උනෙ ජන්කුක් ගැන ඔහුට පැහැදීමක් ඇති වෙනකොට.

"ඇත්ත කියනවා මට. තමුන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හරි නගරේ පිරිසිදු කිරීමෙ කමිටුවෙන් නම් , මාව නගරයෙන් එලියට ඇදලා දාන්න නම් තමුන් යන්නෙ දැන්මම මෙතනින් අකුලගෙන ගියොත් හොඳයි. මම තමුන්ලගෙ පුටු රත් කරන මහලොකු නිලධාරීන්ට වඩා දහස් ගුණයක් නිරෝගී!"

ඔහු යටිගිරියෙන් කෑ ගැහුවත් ජන්කුක් ඔහුට උත්තරයක් නොදී අහිංසක විදියට ඔහු දෙස බලාගෙන ඉන්නකොට ඔහු කල්පනා කලා.

"මේකා සෞඛ්ය අමාත්‍යාංශයෙන් නෙවෙයිද?"

ඔහු තමාටම කියා ගන්න ගමන් ජන්කුක් දෙස බැලුවා. ජන්කුක් තවමත් නිශ්ශබ්දයි.

"ඇයි මේකා ගල් ගිල්ලා වගේ බලන් ඉන්නෙ. බැරි වෙලාවත් මානසික රෝගියෙක්වත්ද?"

ඔහු ජන්කුක් ගෙ හුරතල් අහිංසක මුහුණ , රෝස පැහැති කම්මුල් , තද දුඹුරු පාට නලල පුරා විසිරුනු කැරලි කොණ්ඩය , ජන්කුක් ගෙ සියුමැලි සම සෙමින් අධ්‍යනය කරන ගමන් තමාටම මුමුණා ගත්තා.

Artificial Intelligence || vkook ✓Where stories live. Discover now