29

1.6K 328 305
                                    

තෙදිනකට පසු

ගෙවුන දවස් තුනත් වැඩි වෙනසක් නැතුව ගෙවිලා ගියා. ලැබුන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් හිටපු හැමෝම ජේජු දූපතේ ඇති වෙන්න විනෝද වෙන අතරේ ටේකුක් දෙන්නා ජේජු දිවයින හැර අනිත් හැමතැනම ඇති වෙන්න විනෝද වෙමින් හිටියා.

එයාලට ලැබිලා තිබුනු අලුත් බලයන් ගැන දැනගෙන අනිත් අය පුදුම වුනා. ප්‍රොෆෙසර්ගෙ නම් අදහස ටේහ්‍යුන්ට බලයන් ලැබුනේ ජන්ග්කුක්ගෙන් නෙමෙයි එයාටම ආවේණික වුනු සැඟවිලා තිබුනු බලයන්ගෙන් කියලා. මොකද ටේහ්‍යුන් කියන්නෙ විශේෂ දියකිඳුරෙක්.

කොහොම හරි ඒ ලැබුනු බලයන්ගෙන් ඒ දෙන්නා ඇති වෙන්න විනෝද වෙමින් හිටියා.

මුහුද යටින් ගව්ගානක් දුර තප්පර කිහිපයකින් ගමන් කරන්න හැකියාවක් ඒ දෙන්නටම ලැබිලා තිබුනා. සාගරය ඒ දෙන්නව එන්න එන්නම බලවත් කරලා තිබුනා.

ලෝක සිතියම ගත්තොත් එයාලගෙ ගමන් මාර්ගය පෙන්නාවි හරියට බලි කුරුටු වගේ. තැනක් නොතැනක්, සීමා මායිම් නැතුව එයාලා හැමතැනම ගියා. වෙලාවකට ලෝක සිතියමේවත් නැති පුංචි දූපතක් හොයාගෙන දෙන්නා එක්ක තනියම කවදහරි ඒ දූපතේ ජීවත් වෙන විදිහ හීන මැව්වා. සමහර වෙලාට පුංචි පුංචි උනුසුම් අවස්තාත් මේ අතරතුරේ ඒ දෙන්නා අතර සිද්ද නොවුනාම නෙමෙයි.

දැනුත් තිබුනේ ඒ වගේ තත්ත්වයක්. පුංචි දූපතක නවාතැන් ගනිමින් හිටිය ටේහ්‍යුන් ජන්ග්කුක් දෙන්නා හිටියේ හොඳට ආවරණය වුනු පඳුරක් යට එකිනෙකාට ගුලි වෙලා. දෙන්නම හිටියෙ යට ඇඳුම් පිටින් විතරයි. එහා පැත්තෙ ගල්තලාවෙ එයාලගෙ තෙත ඇඳුම් වේලෙමින් තිබුනා.

ජන්ග්කුක්ගේ සිනිඳු කෙස් අතරින් ඇඟිලි ගෙනියමින් ටේහ්‍යුන් හිටියේ ජන්ග්කුක්ගේ තොල් වලට බර වෙලා. දෙන්නගෙම ඇස් පියවිලා තිබුනා වගේම තාලෙකට දෙන්නගෙම තොල් චලනය වෙමින් තිබුනා.

හැබැයි ඒ සිපගැනීම ආදරය විතරක් ගැබ් වුනු මෘදු සිපගැනීමක්.

ටිකක් වෙලා යනකන්ම එකිනෙකාගෙ තොල් වල රස බලමින් ඉඳලා දෙන්නම සිපගැනීමෙන් ඈත් වුනා. ටේහ්‍යුන් පරිස්සමින් ජන්ග්කුක්ගේ නළලට තොල් දෙකත් නහයත් තද කරලා හොඳ හුස්මක් ගද්දි ජන්ග්කුක්ගේ මූනෙ මදහසක් නැගුනා.

The Lone Merman 🌊🧜‍♂️ || (Complete)Where stories live. Discover now