ජීවිතය කියන්නේ එක්තරා විදියක අපි ඉගෙන ගන්න අමුතුම පාඩමක්... දෛවයට හරස් වෙන්න බැහැ කියලා හුගක් අය කිව්වත් දෛවයට පිටින් ගියපු හුගක් දෙනෙක් මේ ලෝකෙ ඉන්නවා...
කවුරු හරි කියනවා නම් ආදරේ කරන අය අපි ගාවින්ම ඉන්න ඕනි කියලා නැහැ ඒක එහෙම වෙන්න ඕනි නැහැ.... ඉස්සර පොඩි කාලෙ අම්මලා අපිට කියා දෙන කතා වල ඉන්න කුමාරයයි කුමාරිකාවයි සතුටින් ජීවත් උනා කියන නැවතුමෙන් හැම ආදර කතාවක්ම එවර වුනේ නැති උනත් සමහර ආදර කතා වල මැරෙනකම්ම මතකයන් එක්ක විතරක් හරි ලස්සනට ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා... බොරු දාහක් කියලා බලෙන් ලග තියා ගන්න උත්සාහ කරන ආදර කතා වලට වඩා මතකයන් එක්ක ජීවත් වෙන ආදර කතා අදටත් මේ ලෝකෙ අහිංසකව හැංගිලා හුස්ම ගන්නවා ඇති...
ඔව් මම දන්නවා... මගෙ ආදර කතාවෙත් මට ආදරේ කරපු කෙනා මම ගාව හැමදාටම හිටියේ නෑ... ඒත් ඒ හදවත තාමත් මගෙ පපුව අස්සෙ ගැහෙනවා... ඒ තරම් ලොකු පරිත්‍යාගයක් ආදරෙ වෙනුවෙන් කරන්න පුළුවන් ද කියලා මම දැන ගෙන හිටියේ නෑ... ඒත් මම දැන් දන්නවා... ආදරේ කියන්නේ උතුම්ම හැගීමක් කියලා...
ආදරේ කරන කෙනා තමන්ව දාලා ගියා කියලා ජීවිතෙන් සමුගන්න මිනිස්සු අතරෙ, තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් පණ දීලා සඳහටම ඇස් පියා ගන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා... මගේ සාරාත් ඒ වගේ...
මම දන්නේ නෑ ඔයාලට කොහොමද මේ කතාව කියන්නේ කියලා... ඒත් මේ කතාව කොහොම හරි මම ඔයාලට කියන්නම්...
පුංචි පුංචි වැහි බිංදු ඒ සොහොන උඩට වැටෙද්දි මගෙ කදුළුත් හරි පරිස්සමෙන් එයාගෙ සොහොන උඩට වැටුනා.
මම මිහී... මට සාරාව හම්බුනේ මම උසස්පෙළ පන්තියට ගියපු මුල්ම දවසේ... එයා මම ආපු ස්කෝලෙට ආවෙ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා... කොහොමින් කොහොම හරි අපි වැඩි දවසක් යන්නටත් කලින් හොඳම යාළුවෝ උනා... මට හිටියෙ සාරා විතරයි.. ඒ වගේම තමයි සාරාටත්... ඒ මම හිතන් හිටපු විදිය... මට එයාව හොඳම යාළුවා විතරක් උනාට එයා මාව හොඳම යාලුවෙක්ටත් වඩා එයා වැඩියෙන්ම ආදරෙ කරපු කෙනා කියල දැන ගනිද්දි මම හුගක් පරක්කු වැඩියි...
YOU ARE READING
𝐸𝑉𝐸𝑅𝑌𝑇𝐻𝐼𝑁𝐺 ℎ𝑎𝑠 𝐶𝐻𝐴𝑁𝐺𝐸𝐷
Short Storyඅයිති වෙන්නම ඕනිද ආදරේ කරන්න? අයිති වෙන්නම ඕනිද ආදරේට වටිනාකමක් දෙන්න? කියවලම බලන්න.... ☺️