අලුත් දවසකට ඉර පායද්දි ඇඟේ අමාරුවටයි හිතේ අමාරුවටයි නින්ද ගිහින් තිබ්බ මම ඇහැරුනේ ගැස්සිලා... රැයක් එළි වෙනකන්ම මම තාමත් දේව් එක්කන් ආපු දිහා ඉන්නේ වෙනකොට මම බැලුවේ මට එහා පැත්තේ... මුනින් අතට පෙරලිලා කොට්ටෙත් බදන් සැපට නිදන් ඉන්න එයා දිහා මම බලන් හිටියේ ලෝභකමෙන්... ඒ පුලුල් උරහිස් එයාට තිබ්බ ප්‍රතාපවත් බව තවත් වැඩි කරනකොට ඉස්සර නම් මම ගොඩක් ආඩම්බර උනත් ඒ හැමදේම මගේ කියලා අද ඒ කිසිදේක අයිතියක් මට නැති වෙලා ගිහින් තිබ්බා...
තාමත් අපි දෙන්නම ඉන්නේ නිරුවතින් වෙද්දී මම ශීට් එකෙන් පපුවට වෙනකන් ඇද ගත්තේ වටේම පැතිරිලා තිබ්බ සීතල නිසා... ඒ එක්කම ටිකක් දඟලපු දේව් නැගිටින්න හදන්නේ කියලා දැනෙනකොට මම ලොකු හුස්මක් ගත්තා... එයා නැගිට්ටා... නැගිටලා නිරුවතින්ම ඇඳෙන් බැහැලා බිම වැටිලා තිබ්බ එයාගේ ෂෝටත් ඇඳගෙන බාත්රූම් එකට යන්න ගියේ මගේ දිහාවත් බලලා නෙමෙයි... හිත ගොඩක් රිදුනා උනත් ඒකට ඊට වඩා දෙයක් එයාගෙන් බලාපොරොත්තු වෙන්න බැරි නිසා මම මාවම සනස ගත්තා...."මට ගෙදර යන්න ඕන......"
එයා බාත්රූම් එකේ ඉඳන් ආවහම ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටපු මම එහෙම කියද්දී එයා ඒක ගාණකටවත් ගන්නේ නැතුව අල්මාරිය ඇරලා ඇඳුම් අඳින්න පටන් ගත්තේ මගේ ඇස් වල කඳුළු පිරෙද්දි...
"දේව්... ඔයාට ඇහෙනවද?? මට ගෙදර යන්න ඕන... වැඩට යන්න තියෙනවා.... "
බිඳුණු හඬකින් මම කියද්දී ඒ පාර නම් එයා මගේ ළඟට ඇවිත් ඇඟට විසි කරේ ඇඳුමක්...
"ගිහින් වොෂ් එකක් දාගෙන එනවා....."
මට දැන් නම් කේන්තියි... එයා කොහොමද මෙහෙම හැසිරෙන්නේ...
YOU ARE READING
ආදරණීය වස්සානේ ✅
Fanfictionබොහො කලක් වැසි නැතුව වියලිච්ච කතරකට නුඹම විය වස්සානේ තුන් සිතම සනසනා.... 💚❤️