🌧️Chapter 46🌧️

1.6K 331 92
                                    

දවස් ගෙවිලා ගියේ ඉබි ගමනින් වගේ... අදට දේව් කොළඹ ගිහින් දවස් තුනක් වෙනකොට ගියපු දවසේ ඇරෙන්න එයාගෙන් ආයේ කෝල් එකක් ආවේ නෑ... ඒකට හේතුව උනේ එයාගේ මිෂන් එක වෙනකොට මම ඒ හැම දෙයක්ම ඉවසගෙන දවස් ගෙවාගත්තේ අමාරුවෙන්....

"උඹ ඔහොම කල්පනා කර කර ඉන්න එපා තේජුවෝ... ඊළඟට අසනීපයක් එහෙම උනොත්....."

කල්පනා කර කර හිටපු මගේ ළඟට ඇවිත් අභි කියද්දී මම ලොකු හුස්මක් ගත්තා....

"හිතලා කරන් නෑ බං.... ඒත් හිත කලබලයි දේව් ගැන දැන ගන්න විදිහක් නැතුව....."

"ඒක මට නොතේරෙනවා නෙමෙයි බං

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"ඒක මට නොතේරෙනවා නෙමෙයි බං... මම උනත් ඉන්නේ කලබලෙන් ඇසළගේ කෝල් එකක් නැතුව... ඒත් අපි එහෙම වෙන්න හේතුව දැන දැන කලබල වෙන්න ඕන නෑ.... ශාක්‍ය අයියා කියපු විදිහට ඉතුරු තව දවස් දෙකයිනේ... අපි බලන් ඉමු.... "

මේ ගෙවුන දවස් තුනම ඔහොමයි... මම කල්පනා කර කර තැවෙනකොට අභියා හැම වෙලේම කරේ මගේ හිත සනසපු එක... ඌ කියන කතාව ඇත්ත... දේව් මට පොරොන්දු උනා... මම දන්නවා එයා ඒ පොරොන්දුව ඒ විදිහටම ඉෂ්ඨ කරනවා කියලා.....

"ඇත්ත මොකක් උනත් අවුරුදු එකහමාරකට කලින් වෙච්ච දේ ගැන උඹට දුකක් නැද්ද තේජු???"

අභියා එක පාරටම අහපු ප්‍රශ්නෙට මම ගැස්සුනා....

ඇත්තටම මට දුකක් නැද්ද???

මගේ හිතත් ඒ ප්‍රශ්නෙම මගෙන් අහනවා...

"ඒක ගැන කිව්වොත් මට එදා දුකක් දැනුනේ නෑ කිව්වොත් ඒක බොරුවක්... දුක හිතුනා.... ගොඩාක් දුක හිතුනා.. මොකද මම එයාට පණටත් වඩා ආදරෙයි... එයත් එහෙමයි.. ඒත් එහෙම තියෙද්දි එයා කියපු හැම වචනයක්ම ගිහින් නතර උනේ මගේ පපුවේ ගැඹුරුම තැන.. එතකොට මට දැනුනේ දුකකට වඩා කලකිරීමක්... හැබැයි එහෙමයි කියලා මට කවදාවත් දේව් ට වෛර කරන්න හිතුනේ නෑ... මම එයාගෙන් ඈත් වෙලා ආවේ උනත් මගේ හිත හදා ගන්න... මොකද මම බය උනා එයාගේ වචන එක්ක ඉස්සරහට එයාගේ හැසිරීම එක්ක මට එයාව එපා වෙයි කියලා.. මොකද මොන හේතුවක් උනත් මම කැමති උනේ නෑ මගේ හිතේ එයාට තියෙන ආදරේ නැති කර ගන්න.. බොළඳයි කියලා හිතෙන්න පුළුවන්... හැබැයි ඒකට හේතුව අදටත් මට හිතා ගන්න බෑ...... "

ආදරණීය වස්සානේ ✅Where stories live. Discover now