පසුවදන <3

98 9 5
                                    

ඇඩුවාට හැම රෑම
කදුලු හල හල කළුවරේ
ඉවරයක් නෑ තාම
පිරුන දුක මේ පපුතුරේ...

මැව්වෙ ඉන්නයි හැමදාම
එක තුරුලු මුලු ජීවිතෙම
හිතුනෙ නැතිවද ඔහොම
ගියේ නොකියම දුකක් දී මේ පපුවට..

වැරදි ඇති මං බෝම
ඒ්ත් ඇයි උබ මේම...
හිමි අහිමි මගෙ පෙම
ලිව්වෙ කව්රුද අවසානය මෙහෙම...

සෑඩ් එන්ඩින් කියලා හිතුවට සෑඩ් එන්ඩින් නෙමෙයි....

Open happy ending 😌

මං පවන්‍යව මැරුවෙ නැත්තම් ඒ කෙල්ල විදවනවා... මං පවන්‍යව මේ නරක ධෛවයෙන් ඈත් කරා.. නිරූටත් සාධාරණයක් ඉෂ්ඨ කරා.. එතකොට ඩොක්ට හිරුෂ.. මං එයාව තනි කරේ නෑ ආදරේ කරන්න බැරි උනත් ආදරේ ලබන්න මං ඩොක්ටර් හිරුෂට අවස්තාවක් දුන්නා..

එතකොට චූටි පවන්‍ය.. මං දෝණිටත් අම්මෙකෙුයි තාත්තෙකුයි හොයලා දුන්නා.

ඉතින් මං හැමෝටම සාධාරණයක් කරලා නැද්ද?

හැම කතාවකම සතුට බලාපොරොත්තු වෙන්න එපා ළමයි...

මුල ලස්සන උනා කියලා අවසානෙ දුකක් වෙන්නෙවත් ලස්සනක් වෙන්නෙවත් නෑ.. තමන්ගෙ කතාවෙ අවසානෙ තීර⁣ණය වෙන්නෙ ඔයාලගෙ ක්‍රියාකලාපය මත.❤️

ඒ හිංදා දෙයක් කරද්දි හිතන්න දෙපාරකට වඩා..

අනික සමහර කතා වල සැගවුන අවසානයක් තියෙනවා...

දුඛාන්තයක් ඇතුලෙ සතුටකුත් සතුටක් ඇතුලෙ දුඛාන්තයක් තියෙන්නත් පුලුවන්.

පලවෙනි ෆික්ෂන් එක. අනේ මංදා මං සාර්තකද කියලා... කතාව ගැන හිතෙන දේ ගැන වචනයක් තියන්න අමතක කරන්න එපා..

ආහ් ඒ වගේම ළමයි තව පොඩි නරක පණිවිඩයක්...

මං කතා ලියන එක නතර කරනවා..

අව්රුද්දකට වගේ.. මං 2024 O/L කෙනෙක්..

0/L හෙටයි කියලා පාඩම් කරන්න ගන්න බෑනේ නේද? ඉතින් මං ටික කාලෙකට අකවුන්ට් එක on hiatus දානවා. කතා 25ම මගෙ කම්ප්ලීටඩ්.

මං මේකත් ඉක්මනටම කම්ප්ලීට් කරේ වට්පෑඩ් වලින් ඉක්මනටම ඈත් වෙන්න හිතාගෙන. එහෙම කිව්වට ඔයාලගෙ කමෙන්ට්ස් වලට පුලුවන් උන වෙලාවට රිප්ලයි කරනවා..

ඔයාලගෙ ජීවිතේ් අනාගතේ රැදෙන්නෙ වට්පෑඩ් එක්ක නෙමෙයි! ඒක හිංදා මුල්තැන ඔයාගෙ හීනෙට දෙන්න. ❤️
ඊලගට අනිත් ඒවා ගැන බලන්න.. ඔයාගෙ හීන නැති උන දවසට හැමෝටම ඔයාව අමතක වෙනවා.. ඒක හිංදා ජීවත් වෙන්න ඔයාගෙ වටිනම හීනෙ එක්ක.

ඉතින් මේ කතාවත් එක්ක රැදුන ඔය හැමෝටම ස්තූතියි! හැමදාම වගේ ඔයාලා මට ලොකු ශක්තියක් ❤️

ඔයාලට කැමතිනම් මැසේජ් එකක් දාන්න.
Dm/telegram දෙකෙන් එකකට.. මං අනිවාරෙන්ම ඔයාලට රිප්ලයි කරාවි.

Telegram- @Jemisha009

එහෙනම් ඔයාලා හැමෝටම සුභ ගමන්..

Himi Ahimi
[Fiction by Jesmine]
Started-:020423
Ended-:050523

හිමි අහිමි
[Jesmine විසින් රචිත ප්‍රබන්ධයකි]
ආරම්භය-:020423
අවසානය-:050523

#Jesmine

හිමි අහිමි|HIMI AHIMI|✔|Where stories live. Discover now