02

12 8 0
                                    

Taara pov

බොරු ලෙඩ නිවාඩු දාලා බස් එකේම ගෙදර ආපු මම දොරත් ඇරන් ගිහින් සාලෙ මැද සෝෆාවට දබොක් ගාලා වැටුනා..නැහ් නැහ් වැටුනා නෙවේ පැන්නා

"ඔම්මහ්හ්හ්..මහන්සීඊඊ.."

බෙරිහන් දීලා එහෙම කිව්වත් අනික් පැත්තට හැන්දක් උස්සන් එන ඔම්ම දැක්කම සෝෆාවෙන් නැගිට්ටුනේ ඉබේටමයි..

"මහන්සී කිව්ව විතරනෙ අනේ..ඇයි හැන්දක් උස්සන් එන්නෙ😐"

"මහන්සී!? බොරුවට වැඩ කරනව වගේ ඔෆිස් ගිහින් ජිමිනිගෙ ඔලුවත් කාලා බොරු ලෙඩත් අරන්..බස් එකේ ගෙදර ඇවිල්ලද මහන්සී!? බස් එක උස්සන්ද ආවෙ!?"

ආච්චිට හාල් ගරන්ඩ යකෝ..මට වඩා අර මිනිහටද ආදරේ එතකොට මෙයාලා😭

ජන්ම දිනෙත් අමතක කරලා..ආහ්හ්හ්හ් ඇයි මටම අසාදාරනකම් 😭

"ඔව් ඔව් ඔක්කොටම ඉතින් හොද අර මොඩ ජිමින් නේ.."

ඇත්තටම ඇස් වලට කදුලු ආවෙ එක්කෙනෙක්ටවත් මගෙ බර්ත්ඩේ එක මතක තිබ්බෙ නැති නිසා..

ඔම්මටත් ගස්සන් කාමරේට ගිහින් දඩොස් ගාලා දොර වැහුවේ මට කේන්‍ති ගිහින් කියලා පෙන්නන්න 😐

බෑග් එකත් ඇදට විසි කරලා දාලා මිරර් එක ලගට යද්දි අහම්බෙන් මගෙ මූන දැක්කම තමා අමුතු මෙව්ව එකක් ආවෙ..

දෙවියනේ..දෙවියනේ මන් අඩද්දිත් ලස්සනයි..අම්නෙ අම්නේ world's beauty queen යකො මන්..

ෆොටො එකක් ගහලා ඉන්ස්ටා පෝස්ට් කරානම් හරි..

බර්ත්ඩේ සප්‍රයිස් වගේද මේ ලස්සන මූන

"දූ පල්ලෙහාට එන්න කන්න..ඔයා අඩනවද ම්!?"

ටහුඩු ඔම්මා..දැන් ඉතින් ආයෙ අඩපන්කො

"ම් ම්හ් ඉන්න ඔම්මා..මන් එන්නම්"

පොඩි ඇක්ටින් පාරක් දැම්මෙ අද මේ ගෙදර මිනිස්සුන්ව කන්න හිතන්..

යැයි යැයි තමා..

එකෙක්වත් නෑ විශ් කරන්න..

පුංචි වොශ් එකකුත් දාන් බාත්‍රොබ් එක පිටින්ම ඇදෙන් වාඩි උන මන් එහෙම්මම දිගා උනා..ඇත්තටම මහන්සී වගේ දැන් නම්..

The boss | Pjm Where stories live. Discover now