03

7 3 0
                                    

Jimin pov..

ඇත්තටම අපි හිතන් ඉන්නෙ ඩෝල්ව පොඩ්ඩක් අවුල් කරලා රෑ වෙලා සප්‍රයිස් එකක් දෙන්න..

හැමෝටම වගේ කතා කරලා ප්ලෑන ගැන කියද්දි සෙට් එකම කැමති උනා..

වෙනදා වගේම අදත් කෙල්ල කලින් නිවාඩුවක් දාලා ගෙදර ගියහම සුපුරුදු පරිදි කතා උන විදිහට මම ගිහින් කේක් එකක් ඕඩර් දාලා එයාට ගිෆ්ට් එකකුත් ගත්තෙ අදට අවුරුදු 21 ක් වෙලත් එයා තාම පුංචි ලමයෙක් වගේ ලොකූ ටෙඩීලට ආස නිසා..

හැමෝම එක එක විදිහෙ ගිෆ්ට් අරන් තියෙද්දි ඔම්මා කෝල් කරලා එයාට නින්ද ගිහින් කියලා කියද්දි අපි ඉක්මනට ඇවිත් ගේ ඇතුල සැරසුවේ එයා කැමතිම පාට වලින්..

ගෙදර ලයිට්ස් ඔක්කොම ඕෆ් කරේ ප්ලෑන් එකේ හැටියට කෙල්ලව බය කරන්නත් තියෙන නිසා

ඒත් මට ආයෙම යන්න උනේ නොහිතපු විදිහට වැඩක් වැටුන නිසා..මන් හිතන්නෙ මන් ආයෙම එද්දි පැය බාගයක් විතර ගිහින්..

ඔහ් ගෝඩ්ඩ් මන් දොර ගාවට යනකොටයි දැක්කෙ..ඩෝල් හතර වටේ කලුවරේම ඇවිදින එක..

ඒ කියන්නෙ මන් පරක්කුයි!!

දෙවියනේ මේකිට අමතක උනාද ගෙදර ස්විච් ටිකත්..සැක්

එකපාරට කිචන් එකෙන් සද්දයක් එද්දි මට හිතුනෙ ආයෙ ජූන් හ්‍යුන් මොනවා හරි පෙරලන්න ඇති කියලා 😂

ටේහ්‍යුන්ග් මොකාද එකා වගේ පිහිය උස්සන් පඩිපෙල උඩ ඉන්නවා..

එක එක අය එක එක තැන් වල හැංගිලා ඉද්දි ඔම්මයි අප්පයි ජින් හ්‍යුන් එක්ක හිටියෙ පඩිපෙල අස්සෙ හැංගිලා..අනේ මන්දා කොහොම නැමීගෙන හිටියද මන්දා..

දැන් ඔයාලා හිතනව ඇති එතන හිටපුවත් නැති මන් කොහොමද මෙව්ව දන්නෙ කියලා..යකෝ මමයි ප්ලැන කිව්වෙ මුන්ට 😾

අන්තිමට ගෙදර ලයිට් ඔක්කොම සෙට් එක හිටපු තැන් වලින් එක එකා දාද්දි බර්ත්ඩේ සෝන්ග් එක කිය කියම ජින් හ්‍යුන් මට රැව්වේ හැමදාම වගේ මොකක් හරි නිසා පරක්කු වෙන මම ..තව ටිකක් පරක්කු උනානම් තමුසෙව මන් මරනව ජිමිනෝ ගානව වගේ..

The boss | Pjm Where stories live. Discover now